Thursday, March 28, 2024

විශ්වාස භංගයේ හිරිකිත ජොලිය – සුනිල් ජයසේකර

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ විශ්වාසභංග යෝජනාව ඊයේ පාර්ලිමේන්තුවේදී අති බහුතර වැඩි ඡුන්දයකින් පරාජයට පත්විය. ඒකාබද්ධ විපක්ෂය තම දේශපාලන උපාය මාර්ග සැලසුම් කරමින් සිටින ආකාරය මෙම විශ්වාසභංග යෝජනාව තුළින් ඉතා පැහැදිලි ලෙස ප‍්‍රදර්ශනය කර තිබිණ. ඔවුන් ඇටවීමට උත්සාහ කළ මෙම කකුල් මාට්ටුව රවී කරුණානායක අමාත්‍යවරයාට එරෙහිව නම්කර තිබුණ ද ඔවුන් එහිදී ඉලක්ක කරගෙන තිබුණේ  ආණ්ඩුවයි. ආණ්ඩුවට සේ පෙනුනාට  එය සැබෑ ලෙසම ඉලක්ක ගත කර තිබුණේ ආණ්ඩුවේ ප‍්‍රධානියා ද රාජ්‍යයේ ප‍්‍රධානියා ද වන මෛත‍්‍රීපාල සිරිසේන මහතාට එරෙහිවය.

ඒකාබද්ධ විපක්ෂය එහිදී අන්තිම අසාර්ථක විය. ඒ වැඩි ඡන්ද 94 ක් තරම් ඉහළ ප‍්‍රමාණයකින් එය පරාජයට පත්වීම නිසාය. ආරම්භයේ සිටම යහපාලන සම්මුතිවාදී ආණ්ඩුව සමග විවේචනාත්මක සහයෝගයකින් කටයුතු කරන පාර්ලිමේන්තුවේ නිල විරුද්ධ පක්ෂයේ මන්ත‍්‍රීවරුන් පවා විශ්වාසභංග යෝජනාවේදී ඡන්දය පාව්ච්චි කිරීමෙන් වැළකී සිටීම තුළ විශ්වාසභංගයට එරෙහිව ලැබුණු මෙම ඡන්ද ප‍්‍රමාණය ආණ්ඩුවේ ශක්තිමත් භාවය පිළිබ`දව බලවත් සහතිකයක් ලබාදෙයි. ඒ අනුව එය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ දේශපාලන ප‍්‍රතිපත්ති හා ක‍්‍රියාමාර්ග පිළිබ`දව ලැබී ඇති බලවත් සහතිකයක් ද වේ.

පොදුවේ ගත් කළ රවී කරුණානායක මුදල් අමාත්‍යවරයාට එරෙහිව විවාදයට ගත් විශ්වාසභංග යෝජනාව මගින් සංකේතවත් වන පණිවිඩ දෙකක් තිබේ. එකක් ඒකාබද්ධ විපක්ෂයට වනවිට අනෙක් පණිවිඩය ලැබී  ඇත්තේ යහපාලන ආණ්ඩුවට වීම එහි ඇති විශේෂත්වයයි. ඒකාබද්ධ විපක්ෂයේ උත්සාහය අසාර්ථක වීම තුළ ඒ හරහා ඔවුන් වෙත ලැබී ඇති සංඥාවටත් වඩා රටට වැදගත් වන්නේ ප‍්‍රතිවාදීන්ට අත්වූ බලවත් පසුබැසීම අතරෙහි ජයග‍්‍රාහකයා වෙත ඒ මගින් ලබා දී ඇති සංඥාවය.

සුනිල් ජයසේකර
සුනිල් ජයසේකර

ඒ අනුව ඒකාබද්ධ විපක්ෂයට ඊයේ අත්වූ පරාජය ඔවුන්ට අතිශයින්ම වේදනාකාරී අත්දැකීමක් වුව ද මේ රටේ යුත්තිගරුක ජනතාවට එය එතරම්ම සතුටට කාරණාවක් විය හැකිද යන්න එක් අතකට ප‍්‍රශ්නයකි. මන්ද ඔවුන් අපෙක්ෂා කරන්නේ ඒකාබද්ධ විපක්ෂයේ අරමුණු පාර්ලිමේන්තුව තුළ ඉලක්කම් වලින් පරාජය කිරීමම නොවන නිසාය. ඔවුන්ට තීරණාත්මක පරාජයන් අත්වනු ඇත්තේ ජනවාරි 8 අපේක්ෂාවන් තුළ ආණ්ඩුවේ ඉදිරි ගමන් මග ක‍්‍රියාශීලීවීම මත පමණක්මය.

 

 

 

 

ඒ සංඥාව හෝ පණිවිඩය ද දෙයාකාරකින් යුක්තය. පළමු වැන්න 2015 ජනවාරි 08 වන දින පරාජය කළ ප‍්‍රතිගාමී බලවේග ඔවුන්ගේ දුර්දාන්ත අභිලාශයන් යථාර්ථයක් කර ගැනීම ස`දහා ප‍්‍රති විප්ලවයක් ස`දහා අරඅදිමින් සිටින බව යළිත් තහවුරු වීමයි. ඊයේ දිනයේදී පරාජයට පත්වීම ස`දහා වුව ද ඔවුන් ගෙන ආ විශ්වාසභංග යෝජනාව ඒ සඳහා මුට්ටිය දමා බැලීමක් විය. එහෙත් ජනවාරි 8 දින ජයග‍්‍රහණය උදෙසා පුරෝගාමී වූ සමාජ බලවේගයන්ගේ හා ඒ ස`දහා උරදුන් මේ රටේ හැට දෙලක්ෂයක් පමණ වූ ඡන්ද දායකයන්ගේ අරමුණු හා අපේක්ෂාවන් සලකා ලැබීමේදී යහපාලන ආණ්ඩුව ද පසුගිය වසර එකහමාරක කෙටි ඉතිහාසය දෙස ආපසු හැරී බලා අනාගතය සැලසුම් කර ගත යුතුව ඇති බව එම සංඥාවෙහි ඇති අනෙක් පණිවුඩයයි.

දූෂණයන්ට එරෙහිව රටේ නීතියට අනුගතව උපරීම ක‍්‍රියාමාර්ග ගැනීම, රටේ ආර්ථිකය ද රටේ සමාජ සංස්කෘතිය ද ප‍්‍රජාතන්ත‍්‍රීය කිරීමට අවශ්‍ය ව්‍යවස්ථාමය ක‍්‍රියාමාර්ග හා නෛතික සංශෝධන ගෙන ඒමට ක‍්‍රියාකරනවා සේම එම ක‍්‍රියාමාර්ග යථාර්ථයක් බවට පරිවර්තනය කිරීම ස`දහා වූ මාර්ග සිතියමක් සකස් කිරීම එහිදී ප‍්‍රමුඛ අවධානයක් යොමු කළ යුතුව ඇති කාර්යයක් සේ සැලකේ. එමෙන්ම 19 වන සංශෝධනය යටතේ අධිකරණය ස්වාධීන ආයතනයක් බවට පත්කර ගනු ලැබූවද එහි ස්වාධීනත්වයට එකී අභ්‍යන්තරය තුළින් සිදුකරන හානි කිරීම් පිළිබ`දව හා රාජ්‍ය පරිපාලන ක‍්‍රියාවලිය තවමත් පෙර පැවති ක‍්‍රමයේ නිලධාරී නෂ්ඨාවශේෂයන් හරහා සම්බන්ධීකරණය වීම ද ආණ්ඩුව මෙන්ම රට හමුවේද ඇති බරපතල අනතුරකි. එවන් කරුණු කෙරෙහි අදට වඩා වැඩි අවධානයක් යොමු කර අදාළ අංශ සක‍්‍රීය කර ගැනීම අනිවාර්යයෙන්ම පරාජයට පත්කළ යුතුව ඇති ප‍්‍රතිවිප්ලවයට මුහුණ දීම ස`දහා ගත හැකි හොඳම මග වන්නේය.

ශ‍්‍රී ලංකා ඉතිහාසයේ ඉතාමත්ම ¥ෂිත හා ලේ වැකි දෑත් විසින් ශිෂ්ට සම්පන්න ලෝකය ඉදිරියේ දුඟද හමන පොල් ලෙලි වළක් බවට පත්කිරීම ස`දහා අරඅදිමින් සිටි රටක් ජීවිත තර්ජනද ඇතු`එ නොයෙකුත් අභියෝග හමුවේ නොසැලී මුදා ගනු ලැබූ ජනතාවට යුක්තිය ඉටු කිරීම ස`දහා ඇති එකම මග ද එයයි. එය පමාවන පමණට ¥ෂිතයන් ඒකාබද්ධ වන අතර එසේ ඒකාබද්ධ වෙමින් ජනවාරි 8 ජයග‍්‍රහණයට විපක්ෂ වීම ස`දහා උත්සාහ කරනු ඇත.

ඒ අනුව ඒකාබද්ධ විපක්ෂයට ඊයේ අත්වූ පරාජය ඔවුන්ට අතිශයින්ම වේදනාකාරී අත්දැකීමක් වුව ද මේ රටේ යුත්තිගරුක ජනතාවට එය එතරම්ම සතුටට කාරණාවක් විය හැකිද යන්න එක් අතකට ප‍්‍රශ්නයකි. මන්ද ඔවුන් අපෙක්ෂා කරන්නේ ඒකාබද්ධ විපක්ෂයේ අරමුණු පාර්ලිමේන්තුව තුළ ඉලක්කම් වලින් පරාජය කිරීමම නොවන නිසාය. ඔවුන්ට තීරණාත්මක පරාජයන් අත්වනු ඇත්තේ ජනවාරි 8 අපේක්ෂාවන් තුළ ආණ්ඩුවේ ඉදිරි ගමන් මග ක‍්‍රියාශීලීවීම මත පමණක්මය.

 

පුවත් පසුබිම- සුනිල් ජයසේකර

Archive

Latest news

Related news