Friday, May 17, 2024

සැකරකරුවන් රිමාන්ඩ් බාරයට: “ෆ්‍රෙඩීට ගැහුවට ලංසා අත්අඩංගුවට ගතයුතුයි”

වෘත්තිය වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමයේ කැදවුම්කරු ෆ්‍රෙඩී ගමගේ මහතාට ජුනි 02 වැනිදා මීගමුව මහනගර සභා භූමියේදී එල්ල කළ මැර ප්‍රහාරය සදහා වගකිව යුත්තේ මීගමුව මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති දයාන් ලංසා බව ඊයේ (08) කොළඹට රැස්වු වෙබ් මාධ්‍යවේදිහු කියා සිටියහ.

ඔවුන් මෙසේ කියා සිටියේ වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන් විසින් කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

https://www.youtube.com/watch?v=wM_wMkMLX2E

පතුල වෙබ් අඩවියේ සංස්කාරක ජයම්පතී බුලත්සිංහල පුවත්පත් සාකච්ජාවෙහිදී අදහස් දක්වයි

මේ මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා මිරර්, ලංකා නිවුස් වෙබ්, ඒෂියන් මිරර්, ලංකා ඩේලි, කලම්බු පෝස්ට්, ඉන්ෆෝ ශ්‍රී ලංකා, පතුල, ගොසිප් 99 හා සමබිම යන වෙබ් අඩවි නියෝජනය කරමින් ඒවායේ කර්තෘවරු හා සංස්කාරකවරුවන කැළුම් ශිවන්ත, කුමුදුනී විජේවර්ධන, ප්‍රභාත් මාධව, සුභාෂ් ජයවර්ධන, ශිවන්ති ප්‍රනාන්දු, විමුක්ති දුෂාන්ත, ජයම්පති බුලත්සිංහල, කවිඳු දිල්ෂාන් හා ජයනි අබේසේකර යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ.

එහිදී අදහස් දැක්වූ වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ ලේකම් කැළුම් ශිවන්ත මහතා කියා සිටියේ දැනට අත්අඩංගුවේ පසුවන සැකකරුවන් මෙහෙයවූ ප්‍රාදේශීය දේශපාලඥයකු වන මීගමුව උපනගරාධිපති දයාන් ලන්සා වාහාම අත්අඩංගුවට ගතයුතු බවයි.

ඒ සම්බන්ධයෙන් තොරතුරු මේවන විට ලැබී ඇති බවද පැවසූ ඒ මහතා මෙසේද කීය.

SLM
මේ අතර පහරදීඹ සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් දෙදනනා අධිකරණයට ඉදිිරිපත් කිරීම සම්බන්ධ පොලිස් වාර්තාව දිනමිණ මෙසේ  පළ කර තිබේ:

Freddy attack
අත්අඩංගු වට පත් දෙදෙනා හඳුනාගැනීමේ පෙරට්ටුවට

මීපුර වෙබ් අඩවියේ සහ මීපුර පුවත්පතෙහි ප්‍රධාන කර්තෘ වෘත්තීය මාධ්‍යවේදී සංගමයේ කැඳවුම්කරු සහ මාධ්‍ය නිදහස් ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු වන නො.665/2, ගමමැද පාර, කටුනායක පදිංචි තිහගොඩ ගමගේ ප්‍රෙඩී ක්‍රිස්ටෝපර් නෙවිල් අප්පුහාමි යන අයට මීගමුව නගර සභා භූමියේදී (2) දා පොලුවලින් පහර දී  තුවාල කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් දෙදෙනකු 4දා මීගමුව වැඩබලන මහේස්ත්‍රාත් කේ. ජී. ගුණදාස මහතා වෙත ඉදිරිපත් කළ පසු හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීම සඳහා 14 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත වූයේ නො.23, ජනජයගම බෝලවලාන පදිංචි අඹගහගේ කුෂාන් ක්‍රිස්ටබල් ප්‍රනාන්දු (22) (මීගමු නගර සභාවේ සුළු සේවක) සහ අඹගහගේ සුපුන් රංගන ප්‍රනාන්දු (28) (ඇඟලුම්හලක සේවය කරන) අයියා මලෝ දෙදෙනෙකි.

පසුගිය (2) දා මීගමුව මහ නගර සභාවේ තිබූ මහ සභා රැස්වීමට සහභාගිවීමට පැමිණිලි කාර මාධ්‍යවේදියා පෙ.ව.10ට පමණ තම කාර් රථයෙන් මීගමුව මහ නගර සභාව වෙත පැමිණ ඇත.

මහ සභා රැස්වීමේදී තමන්ට නියමිත කොටස ආවරණය කර නැවත තලාදූව පිහිටි කාර්යාලය වෙතයාමට තම වාහනය ළඟට පැමිණ ඇත. එම අවස්ථාවේ යතුරුපැදියක් මත හිස සහ මුහුණු ආවරණය කරගත් දෙදෙනකු සිට තිබේ. ඔවුන් ගැන මාධ්‍යවේදියාවට සැකයක් ඇති වූවත් ඒ ගැන නොතකා වාහනයට නැගීමට සූදානම් වන විට සැකකාර දෙදෙනාගෙන් එක් අයෙක් බිම තිබූ පොල්ලක් රැගෙන පැමිණිලිaකරුට පහර දී ඇතැයි කියයි.

පහරකෑමට ලක්වූ මාධ්‍යවේදිය වැටි වැටී යළි නැගිට නගරාධිපති කාර්යාලයට ගොස් එහි සේවක මහතුන්ට ද මේ සිද්ධිය දැන් වූ බව පවසයි. මේ පහර දීමට පැමිණි දෙදෙනාගෙන් එක් අයෙක් එදින මහ සභා රැස්වීම දැක බලා ගැනීමට පැමිණි මුවාවෙන් මහජන ගැලරියේ රතු කොටු ෂර්ට් එකක් ඇඳගෙන සිටි අයෙක් බවට පැමිණිලිකරු සැක පහල කරයි. මීට සති දෙකකට පමණ පෙරදී තමාට විවිධ තර්ජන දුරකතනයෙන් සිදුකළ දේශපාලනඥයා මෙම පහරදීමට මුල් වී ඇතැයිද පැමිණිල්ලේ සඳහන්ව තිබේ.

පහර දුන්නේ කියන පොල්ලද ජංගම දුරකථනයක තිබූ සිම් කාඩ්පත් දෙකක්ද, පහරදීමට පැමිණි යතුරුපැදියද මීගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. යතුරුපැදියේ අංක තහඩු ගලවා ප්‍රහාරය සඳහා ගොස් ඇති බව පොලිසිය කියයි.

සැකකරුවන් පැලඳගෙන සිටි ජැකට් සහ හිස් වැසුම් ඔවුන්ගේ නිවාස භූමියේදී පුළුස්සා අළු කර තිබුණු බවද පොලිසිය සඳහන් කරයි.

මීගමුව කොට්ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුර අබේවික්‍රම මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රියදර්ශන විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක දිසානායක යන මහත්වරු ඇතුළු කණ්ඩායමක් මීගමුව මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන්තිලක වැලිවිට මහතාගේ අධික්ෂණය යටතේ මෙම සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ මෙහෙයවන ලදී.

විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක දිසානායක මහතා ඇතුළු නිලධාරින් සැකකරුවන් වැඩබලන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරනු ලැබීය.

කොච්චිකඩේ විශේෂ – ඩී. මිහිදුකුල

Archive

Latest news

Related news