Wednesday, April 24, 2024

දෙමළ ජනයාගේ ඉඩම් යළි නොදුන්නේ ඇයි? අධිකරණය රජයෙන් අසයි

(ඉඩම් අල්ලා ගැනිිමට විරුද්ධව යාපනයේ උද්ඝෝෂණයක් – පින්තූරය ටැමිල් ගාර්ඩියන්)

එල්.ටි.ටි.ඊ. පාලන සමයේ අතහැර දමා ගිය ඉඩම් නැවැත එහි මුල් අයිතිකරුවන්ට ලබා දෙන ලෙස ඉඩම් කොමසාරිස් විසින් පසුගිය 2013 වසරේ කළ නියෝගය මෙතෙක් ක්‍රියාත්මක කිරීමට අපොහොසත්වීමට හේතුව පැහැදිළි කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයා වෙත නියෝග කර තිබේ.

යුද්දය පැවැති අවස්ථාවේ වන්නි දිස්ත්‍රික්කයේ පිහිටි තම ඉඩම් අතහැර ගිය බව පවසා සිටි පෙත්සම්කරුවන් යුද්දය අවසන්වූ පසු 2012 වසරේ තම ඉඩම්වලට ගිය විට එහි වෙනත් පුද්ගලයන් පදිංචිව සිටි බව අධිකරණය වෙත පැවැසීය.

ඒ අනුව තම ඉඩම් යළි ලබා දීමට නියෝගයක් ප්‍රකාශ කරන ලෙස ඉල්ලා 2013 වසරේදී ඔවුන් විසින් නඩුවක් ගොනු කර තිබුණි. අදාල ඉඩම් නැවැත පෙත්සම්කරුවන්ටම ලබා දෙන බවට ඉඩම් කොමසාරිස් 2013 වසරේ සහතිකවිය. එය පිළිගත් අධිකරණය නඩුව අවසන් කිරීමට තීරණය කළේය.

නමුත් වසර ගණනාවක් ගතවූ නමුත් ඉඩම් කොමසාරිස් ලබාදුන් පොරොන්දුව මෙතෙක් ඉටුකර නැතැයි ඉකුත් පෙත්සම්කරුවන් විසින් යළි අධිකරණයේ පෙත්සමක් ගොනුකර තිබේ.

එය විභාග කළ විනිසුරු ශ්‍රීපවන් ඇතුළු ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල, 2013 වසරේදී ඉඩම් කොමසාරිස් විසින් ලබාදුන් සහතිකයට අනුව ඉඩම් නැවැත ලබාදීමට අපොහොසත්වීමට හේතුව පැහැදිළි කර ලබන ජූලි මස 26 වන දා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා වෙත නියෝග කර තිබේ.
GTN

Archive

Latest news

Related news