Sunday, May 5, 2024

ශ්‍රී ලංකාවෙහි ලිංගික ලැදියාවන් මත කැරෙන වෙනස්කම් අහෝසි කරන්න – කොළඹ තානාපතිවරු

කොළඹ යුරෝපා සංගමය නියෝජිත මණ්ඩලය එම සංගමයට අයත් කොළඹ අනෙක් යුරෝපා රටවල්වල තානාපතිවරුන්, නෝර්වේ රාජධානියේ සහ ස්විට්සර්ලන්ත තානාපතිවරුන් සහ ඔස්ටේ‍්‍රලියාව සහ කැනඩා මහ
කොමසාරිස්වරුන්ගේ එකඟතාවය මත මෙම මාධ්‍ය නිවෙිදනය නිකුත් කරන ලදී.

සමලිංගිකත්ව භීතීකිකාවට, සංක‍්‍රා‍න්ත්ති ලිංගිකත්ව භීතීකාවට සහ ද්වි-විලිංගිකත්ව භීතීකාවට එරෙහි ජාත්‍යන්ත්තර දිනය වෙනුවෙන් ජාත්‍යන්තර තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් විසින් නිකුත්
කරන ලද ප‍්‍රකාශය.

කොළඹ, 2016 මැයි 16 – පසුගිය මාස 16 ක කාලසීමාවේදී ශ‍්‍රී ලංකාවේ මානව අයිතිවාසිකම් සහ මූලික නිදහසට ගරු කිරීම සම්බන්ධයෙන් කැපීපෙනෙන දියුණුවක් දක්නට ලැබිණි. මෙම ප‍්‍රගතිය අපි ඉතා අගය කරන්නෙමු. එනමුත් ජනතාවගෙන් එක් කොටසක් ඔවුන් අඛණ්ඩවම පරීක්ෂාවට සහ හිරිහැරයට ලක්වන බවටත්, මෙම ජනකොට්ඨාසයේ අයිතිවාසිකම් වලට ගරු නොකරන බවටත් සහ අපි විසින් සාමාන්‍ය සහ එදිනෙදා සිදුකරනු ලබන ඒවා යැයි සිතන්නා වූ සම්බන්ධතාවන් හේතුකොට ගෙන අපරාධකරුවන් බවට පත්වීමත් දක්නට ලැබේ. මෙම ජනතාව වන්නේ සමලිංගික පිරිමි, සමලිංගික කාන්තා, ද්විලිංගික, සංක‍්‍රාන්ති ලිංගික හා අන්තර් ලිංගික :ඛඨඊඔෂ* ප‍්‍රජාව යි.

මෙවැනි ආකාරයේ වෙනස්කොට සැලකීම් වලට ශ‍්‍රී ලංකාවේ 21 වැනි ශත වර්ෂයේදී ඉඩ නොතැබිය යුතුය. මානව අයිතිවාසිකම් විශ්වීය වේ. ලිංගික නැඹුරුව හෝ ස්ත‍්‍රී-පුරුෂ සමාජ භාවයේ අනන්‍යතාව නො තකා සියලූ පුද්ගලයන්ට අදාළ වේ. සමලිංගිකත්ව භීතිකාවට, සංක‍්‍රාන්ති ලිංගිකත්ව භීතිකාවට සහ ද්විලිංගිකත්ව භීතිකාවට එරෙහි ජාත්‍යන්තර දිනයේ දී, පහත අත්සන් තබනජාත්‍යන්තර ප‍්‍රජාවේ සාමාජිකයන් වන අපි, නීතිය තුළ දී සමලිංගික පිරිමි, සමලිංගික කාන්තා,ද්විලිංගික, සංක‍්‍රාන්ති ලිංගික හා අන්තර් ලිංගික :ඛඨඊඔෂ* ප‍්‍රජාවට එරෙහිව සිදු වන වෙනස්කම් කිරීම් අවසන් කිරීම සඳහා නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් සැලසෙන ඓතිහාසික අවස්ථාව ප‍්‍රයෝජනයට ගන්නා ලෙස ද, දණ්ඩනීති සංග‍්‍රහයේ 365 සහ 365 වගන්ති සංශෝධනය කරන ලෙස ද, ශ‍්‍රී ලංකාවෙන් ඉල්ලා සිටිමු.

අත්සන් කළේ,
ඬේවිඞ් ඩැලී, නියෝජිත කණ්ඩායම් ප‍්‍රධානි, යුරෝපා සංගමය
ජෝන්-මරින් ෂූ, තානාපති, ප‍්‍රංශ ජනරජය
යෝර්ගන් මෝර්හාඞ්, ජර්මානු ෆෙඩරල් ජනරජය 1/ 2
පඕලා අන්දායා බාතොරෙලි, තානාපති, ඉතාලිය
ජොඈන් ඩූනවාර්ඞ්, තානාපති, නෙදර්ලන්ත රාජධානිය
වික්ටර් චියුජෙයා, තානාපති, රුමේනියාව
‍ජේම්ස් ඩෝරිස්, මහ කොමසාරිස්, එක්සත් රාජධානිය
තූර්බියෝන් ගවුස්තද්සේතර්, තානාපති, නෝර්වේ රාජධානිය
හයින්ස් වෝලකර්-නීඩර්කූන්, තානාපති, ස්විට්සර්ලන්තය
බ‍්‍රයිස් හචෙසන්, මහ කොමසාරිස්,  ඕස්ටේ‍්‍රලියාව
ෂෙලි වයිටින්, මහ කොමසාරිස්, කැනඩාව

පීඩීඑප් ගොනුවක් ලෙස:160516 – Joint Press Release on IDAHOT – SIN

Archive

Latest news

Related news