Monday, May 6, 2024

වංචා – දූෂණ විමර්ශනය සම්බන්ධයෙන් ලංකා රජය අසමත් වී ඇති හැටි: ලිපි ගොණු 38ක් අතරමං

(දූෂණ විරෝධී පෙරමුණ විසිනි)
නීතිපති ලඟ අතරමං වු ලිපි ගොණු 38 ගැන විස්තර මෙන්න.හොරු සඟවන්නේ ඒකාබද්ධ විපක්ෂය ද? ආණ්ඩුව ද?

සමහර පරීක්ෂණ ලිපිගොනුවක් වත් ඇරඹී නෑ. විමර්ශන අවසන් ලිපි ගොනු නීතිපතිගේ ලාච්චුවේ වත්මන් රජය සිය මැතිවරණ ව්‍යාපාරයේ ලබා දුන් ප්‍ර‍මුඛ පෙරොන්දුව වූවේ අල්ලස හා දුෂණය වැලැක්වීම සහ දුෂිතයින්ට දඩුවම් ලබාදීමයි. මැතිවරණ ජයග්‍ර‍හණයකින් පමණක් ලංකාවේ දුෂණ සංස්කෘතිය අවසන් කළ නොහැකි බව අප දැන සිටියෙමු. දූෂණ විරෝධි පෙරමුණ 2015 ජනවාරි 14 දින ආරම්භ වන්නේ දුෂණ විරෝධී සංස්කෘතියක් රට තුළ ඇරඹීම සදහාය.

නව රජය බලයට පත්වීමෙන් පසුව 2008 සිට සිදු වූ මූල්‍ය වංචා පිළිබඳ පැමිණිලි වාර්තා ලබා දෙන ලෙස සිදු කරනු ලැබූ ඉල්ලීමට සිවිල් පුරවැසියන් හාරදහක් පමණ පළමු දින 30 තුල පමණක් ප්‍ර‍තිචාර දැක්වීය. අල්ලස්, දූෂණ හා රාජ්‍ය දේපල අව භාවිතය මේ පැමිණිලි අතර මුලික විය. අප වෙත ලැබුණ පැමිණිලි ලේඛන හා සාක්ෂි තහවුරු කරගනු ලැබුවේ ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වූ විවිධ ක්ෂේත්‍රයන්වලට සම්බන්ධව ප්‍රවීණයින්ගේ සහාය ඇතිවය.

දූෂණ විරෝධි පෙරමුණ ලංකාවේ දුෂණ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරන ආයතන 6 ක් වෙත මේ වන විට පැමිණිලි 512 ක් යොමු කර ඇත. පොලිස් අපරාධ විමර්ශණ කොට්ඨාශයට, මූල්‍ය අපරාධ විමර්ශණ ඒකකයට, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශණ කොමිෂන් සභාවට, බරපතල දූෂණ වංචා සෙවීම සදහා පත් කර ඇති ජනාධිපති විමර්ශණ කොමිෂන් සභාව මෙයට ඇතුලත් ය.
පසුගිය ජනවාරි මාසයේ සිට මෙම පැමිණිලි සම්බන්ධයෙන් වන ප්‍ර‍ගතිය අප විමර්ශනය කළෙමු. ලංකාවේ අල්ලස්, දුෂණ සහ මහජන දේපල අයථා පරිහරණය පිළිබද බරපතල සිදුවීම් හි බහුතරයක පරීක්ෂණ කටයුතු නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඔබ්බට ගොස් නොමැති බව අප තහවුරු කර ගත්තෙමු.

මේ වන විට දෙස් විදෙස් හි දැඩි අවධානය යොමුවී ඇති ලංකාවේ මුල්‍ය අපරාධ සම්බන්ධයෙන් වන විමර්ශන කටයුතු නඩු පැවරීම දක්වා වන දෙවන අදිරයට රැගෙන ඒමට හෝ නොහැකිව සම්පුර්ණයෙන්ම අඩපන වී ඇති බව අපගේ නිරීක්ෂණය යි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජාත්‍යන්තර දුෂණ විරෝධී සමුළුව අමතමින් කළ කථාවේ හරය ප්‍රායෝගික වශයෙන් ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වී නොමැති බව මෙම වාර්තාව මගින් කදිමට නිරූපණය වේ.
නව රජය බලයට පත්වී පළමු මාස 6 තුල මුල්‍ය අපරාධ විමර්ශනය සම්බන්ධයෙන් සැලකිය යුතු ප්‍ර‍ගතියක් තිබුණි. ක්‍ර‍මිකව එය අභ්‍යන්තරව ද, බාහිරව ද බිදවැටීමකට ලක්ව තිබේ. නීතිපති දෙපාර්තමේන්තුවේ අකාර්ශක්මතාව පමණක් නොව වත්මන් කැබිනට් මණ්ඩලයේ නීතිපති දෙපාර්තමේන්තුවට සබඳතා ඇති අමාත්‍යවරුන් කිහිපදෙනෙකුගේ බලපෑම ද එයට සෘජුවම හේතුවී ඇත. දුෂණ විරෝධී පෙරමුණ ලංකා ඉතිහාසයේ නීතිපතිවරයෙකුට එල්ල වූ වැඩිම බලපෑම එල්ලකරමින් නඩු පැවරීමේ ක්‍රියාවලිය ඉක්මන් කිරීමට උත්සහ දැරීය. එම උත්සාහය සම්පූර්ණයෙන්ම අසමත් වූවේය. ඉන් පසු නීතිපති දෙපාර්තමේන්තුවට විශ්වාසනීය පුද්ගලයින් පත් කර ගැනීමේ ක්‍රියාවලියට දැවැන්ත සමාජ මතයක් ගොඩනැගීමට පෙරමුණ ගත්තෙමු. දැන් ක්‍ර‍මිකව එම උත්සාහය ද බිද වැටෙමින් පවත්නා සෙයකි.

1. නීතිපති දෙපර්තමේන්තුව මුල්‍ය අපරාධ බහුතරයකට සම්බන්ධ පුද්ගලයින් හා සෘජු සබඳතා පවත්වන බවට සැකයක් මේ අනුව මතුවීම නොවැලැක්විය හැකිය.

2. මුල්‍ය අපරාධ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරන කණ්ඩායම් සහ මුල්‍යමය වාසි සහ දේශපාලනික බලපෑම් සිදු කිරීමට චෝදනා එල්ල වී ඇති පාර්ශව සමත් වී ඇත.

3. ඉහළම චෝදනා එල්ලවී ඇති පුද්ගලයින් උදා. හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍ර‍ධානී ගාමීණී සෙනරත් ට එරෙහිව විමර්ශන 6 ක් ආරම්භ වී ඇති නමුත් එම විමර්ශන සියල්ල අතරමග නවතා දමා ඇත.

4. අපරාධකරුවන් සෘජුව අල්ලස් ලබාදීම මගින් විමර්ශන කටයුතු අඩපණ කොට ඇත.

1. සංචාරක අමාත්‍යාංශය යටතේ පැවති ශ්‍රී ලංකා සංචාරක සංවර්ධණ මණ්ඩලය රුපියල් මිලියන 5.7ක මුදලක් අව භාවිතා කිරීම සම්බන්ධයෙන් වන චෝදනා

· ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන මණ්ඩලයේ හිටපු සභාපති භාෂ්වර සේනාංක ගුණතිලක
· ඩී.එස්. ජයවීර

රුපියල් මිලියන 5.7

මහජන දේපළ පනත යටතේ චෝදනා ගොනුකළ යුතුව ඇත

· නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රමාදයක් ඇත

2. ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් “යළි පුබුදමු“ වැඩසටහන හරහා සිදුකළ මූල්‍ය වංචා

· ආර්ථික සංවර්ධන හිටපු ඇමැති බැසිල් රජපක්ෂ
· ලියනගේ මහතා (අමාත්‍යාංශ නිලධාරියෙකි)

මුදල හෙළිකර නැත

· චෝදනා ඉදිරිපත් කිරීම පිළිබද නොදනී
· නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රමාදයක් ඇත
3. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව නැවත රජයට පවරාගැනීමේදී සිදුවූ මූල්‍ය අක්‍රමිකතා

· මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් පි.බී. ජයසුන්දර
මුදල හෙළිකර නැත

· චෝදනා ඉදිරිපත් කිරීම පිළිබද නොදනී
· නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රමාදයක් ඇත
4. රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු සභාපතිවරයා විසින් රුපියල් මිලියන 4.8ක මුදලක් අයථා ලෙස ලබාගැනීම පිළිබද චෝදනාව

· රාජ් එදිරිසූරිය

රුපියල් මිලියන 4.8

· චෝදනා ඉදිරිපත් කිරීම පිළිබද නොදනී
· නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රමාදයක් ඇත.
5. නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය විසින් රුපියල් මිලියන 1.4ක මුදලක් වැය කරමින් දින දර්ශන මුද්‍රණය කිරීමේදී නියමිත ඩෙන්ඩර පටිපාටිය උල්ලංඝනය කිරීම

· නිවාස හා ඉදිකිරීම් හිටපු ඇමැති විමල් වීරවංශ
· නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ හිටපු ලේකම් පී.එච්. විමලසිරි

රුපියල් මිලියන 1.4

· චෝදනා ඉදිරිපත් කිරීම පිළිබද නොදනී
· නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රමාදයක් ඇත
6. නිවාස හා ඉදිකිරීම් ඇමැති විමල් වීරවංශ නිවාස ලබාදීමේදී නියමිත කාර්යපටිපාටි අනුගමනය නොකිරීම සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් තිබෙන බී/26907/3/15 දරණ නඩුවට අදාල කරුණු

· නිවාස හා ඉදිකිරීම් හිටපු ඇමැති විමල් වීරවංශ
· බී.කේ.ජේ.කේ. පෙරේරා
මුදල හෙළිකර නැත

· මූල්‍ය අපරාධ කොට්ඨාශයේ පරීක්ෂණ අවසන් කර ඇත
· නීතිපති උපදෙස් ගැන නොදනී
· නඩු විභාගයේ ප්‍රගතිය ගැන නොදනී
7. රුපියල් මිලියන 306ක වටිනාකමකින් යුත් ඉඩමක කළමනාකාරීත්වය නිවාස හා ඉදිකිරීම් හිටපු ඇමැති විමල් වීරවංශ ඔහුගේ බිරිද වන ශෂී වීරවංශට පැවරීමේදී අනුගමනය කළ ක්‍රමවේදය පිළිබද ගැටලුව

· නිවාස හා ඉදිකිරීම් හිටපු ඇමැති විමල් වීරවංශ
· නිවාස හා ඉදිකිරීම් හිටපු ඇමැති විමල් වීරවංශගේ බිරිද, ශෂී වීරවංශ
· සී.එස්. රණසිංහ

රුපියල් මිලියන 306

· මූල්‍ය අපරාධ කොට්ඨාශයේ පරීක්ෂණ අවසන් කර ඇත
· නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් නොදනී
· සටහන – ශෂී වීරවංශ සම්බන්ධයෙන් විදේශ ගමන් බලපත්‍ර වංචාවක් ගැන හා ආයෝජන මණ්ඩලය යටතේ සමාගමක් සම්බන්ධයෙන් චෝදනා ඉදිරිපත්ව ඇත.
8. රාජ්‍ය ව්‍යපාරයක් වන මිල්කෝ සමාගමේ රුපියල් මිලියන 60ක මූල්‍ය ගනුදෙනුකදී සිදුවූ අක්‍රමිකතා

· සැකකරුවන් හෙළිදරව්වී නැත

රුපියල් මිලියන 60

· චෝදනා ඉදිරිපත් කිරීම පිළිබද නොදනී
· නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රමාදයක් ඇත.
9. ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ දිවිනැගුම දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කළ ඉසුරුමත් නිවහනක් ව්‍යාපෘතියේදී සිදුවූ රුපියල් මිලියන 2990ක අක්‍රමිකතා

· ආර්ථික සංවර්ධන හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ
· ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක
· දිවිනැගුම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආර්.ඒ.ඒ. රණවක
රුපියල් මිලියන 2990

· චෝදනා ඉදිරිපත් කිරීම පිළිබද නොදනී
· නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රමාදයක් ඇත
10. දිවිනැගුම දෙපාර්තමේන්තුවේ 2014 ජාතික සමුළුව අවස්ථාවේදී භාණ්ඩාගාර අනුමැතියකින් තොරව රුපියල් මිලියන 63.7ක් වියදම් කිරීමේදී සිදුවූ දූෂණ වංචා

· ආර්ථික සංවර්ධන හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ
· ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක
· දිවිනැගුම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආර්. ඒ. ඒ. රණවක
රුපියල් මිලියන 63.7

· චෝදනා ඉදිරිපත් කිරීම පිළිබද නොදනී
· නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රමාදයක් ඇත
11. ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් ලැබුණ බවට සැක කරන රුපියල් මිලියන 19.4ක මුදලක් මහජන බැංකුවේ තිබෙන පුෂ්පා රාජපක්ෂ පදනමේ ගිණුම හරහා නීති විරෝධි ලෙස භාවිතා කර ඇති බවට චෝදනා

· හිටපු ඇමැති බැසිල් රාජපක්ෂගේ බිරිද වන පුෂ්පා රාජපක්ෂ
· මහේන්ද්‍ර ප්‍රභාත් රණසිංහ
· එන්.බී. නන්දසිරි යාපා
· මානබරන වනිගසේකර

· චෝදනා ඉදිරිපත් කිරීමේ තත්වය ගැන නොදනී
· නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රමාදයක් තිබේ

12. කැබිනට් ඇමැතිවරු නොමග යවමින් 2011 අංක 43 දරණ උණ සංවර්ධිත ව්‍යාපාර පවරාගැනීමේ පනත යටතේ කැබිනට් මණ්ඩලය නොමග යවමින් සෙලින්කෝ සමාගමේ සින්ක් ලංකා හෝටල් ව්‍යාපෘතිය බලහත්කාරයෙන් පවරාගනිමින් රජයට පාඩුවක් සිදුකිරීම

· හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කාර්යමණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත්
· කුඩාබාලගේ ජිනදාස
· නීතිය හා සාමය අමාත්‍යාංශ ලේකම් නෙලී බණ්ඩාර
· හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්
මුදල හෙළිකර නැත

· චෝදනා ඉදිරිපත් කිරීමේ තත්වය නොදනී
· නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රමාදයක් පවතී
13. හිටපු ජනාධිපතිවරයාගේ කාර්යමණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත්ට එරෙහිව මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති බී 25389/1/15 අංක දරණ නඩුව

· හිටපු ජනාධිපතිවරයාගේ කාර්යමණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත්

· පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් පරීක්ෂණ අවසන් කර ඇත.
· නීතිපති දෙපාර්තමේන්තුව විසින් ලබාදුන් උපදේශ කුමක්ද යන්න අනාවරණය නොවේ
· කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවේ ප්‍රගතිය පිළිබද අනාවරණය නොවේ
14. හෙජිං ගනුදෙනුව පිළිබද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන අංක 474/2015 නඩුව

· මහබැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්
· මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර
· ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති අසන්ත ද මැල්
· එල් කරුණාරත්න
රුපියල් මිලියන 200-700 අතර මුදලක්

· මූල්‍ය අපරාධ කොට්ඨාශය පරීක්ෂණ අවසන් කර ඇත
· නීතිපතිවරයාගේ උපදෙස් නොදනී
· කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ සිදුවන නඩු විභාගයේ ප්‍රගතිය නොදනී
15. රුපියල් මිලියන 600ක වටිනාකමකින් යුත් ලංකා හොස්පිටල්ස් කොටස් ගනුදෙනුව සම්බන්ධයෙන් වන 24327/2015 දරණ නඩුව

· ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ
· මහබැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ගේ බිරිද වන රෝෂිනී කබ්රාල්
· නාලක ගොඩහේවා, දිලිත් ජයවීර
· එම්.මැදිහේවා, වරුණි අමුණුගම
· ඩී.පී.වයි. විජේසිංහ
මිලියන 600

· මූල්‍ය අපරාධ කොට්ටාශයේ පරීක්ෂණ අවසන් කර ඇත
· නීතිපතිවරයාගේ උපදෙස් නොදනී
· චෝදනා ඉදිරිපත් කිරීමේ තත්වය නොදනී
16. පෑලියගොඩ මාළු වෙළදසැලට ආරක්ෂාව ලබාදීමේදී දේශපාලඥයෙක්ට අයත් ආරක්ෂක සමාගමක් හරහා ව්‍යාජ නම් ඉදිරිපත් කරමින් රුපියල් 17,592,903ක රාජ්‍ය මුදල් අව භාවිතා කිරීම සම්බන්ධයෙන් හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දුට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා

· හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු

මිලියන 17

· චෝදනා ඉදිරිපත් කිරීමේ තත්වය නොදනී
· නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රමාදයක් ඇත
17. අමාත්‍යාංශ ලේකම්වරයාගේ අනුමැතියකින් තොරව වී අලෙවි මණ්ඩලයේ සභාපති කේ.බී. ජයසිංහ විසින් රුපියල් 2,821,538ක මුදලක් වී අලෙවි මණ්ඩලයේ ලියාපදිංචි නොවූ වී මෝල් හිමියන්ට ගෙවීම

· වී අලෙවි මණ්ඩලයේ සභාපති කේ.බී. ජයසිංහ
· එස්.කේ.පී. නූර් මොහොමඩ් රෆීක්

රුපියල් මිලියන 2

· චෝදනා ඉදිරිපත් කිරීමේ තත්වය නොදනී
· නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රමාදයක් තිබේ
18. පසුගිය ජනාධිපතිවරණ සමයේදී නීති විරෝධී ලෙස ක්‍රීඩා අමාත්‍යාංශයේ මැදිහත්වීමට අදාල චෝදනා

· සැකකරුවන් අනාවරණය වී නැත

රුපියල් මිලියන 39

· චෝදනා ඉදිරිපත් කිරීමේ තත්වය පිළිබද නොදනී
· නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රමාදයක් ඇත
19. වරාය සේවකයින් 573 දෙනෙක් 2014 වසරේ පැවති ඌව පළාත් සභා මැතිවරණයේදී හා පසුගිය ජනාධිපතිවරණයේදී මැතිවරණ කටයුතු සදහා යොදාගනිමින් වරාය අධිකාරියෙන් ඔවුන්ට වැටුප් ගෙවීමට අදාල මූල්‍ය චෝදනා

· සතොස සභාපති
· සතොස උප සභාපති බ්‍රිගේඩියර් නන්දන මල්ලවාරච්චි
· හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ

මුදල අනාවරණය කරගෙන නැත

· චෝදනා ඉදිරිපත් කිරීමේ තත්වය නොදනී
· නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රමාදයක් ඇත
20. රුපියල් මිලියන 3-27ත් අතර මුදලක් මුදල් විශුද්ධිකරණයට අදාලව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගයට ගන්නා බී 22467/1/15 නඩුව යටතේ හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේට ඉදිරිපත්ව ඇති චෝදනා

· හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ

රුපියල් මිලියන 3-27 අතර මුදලක්

· මූල්‍ය අපරාධ කොට්ඨාශය පරීක්ෂණ අවසන් කර ඇත
· නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රමාදයක් ඇත
· කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගයට ලක්වන නඩුවේ ප්‍රගතිය පිළිබද නොදනී
21. ඩී. ඒ රාජපක්ෂ කෞතුකාගාරය සදහා නිසි පටිපාටි අනුගමනය නොකරමින් රාජ්‍ය ඉඩම් භාවිතා කිරීම, ඇතුළු රුපියල් මිලියන 91ක මුදලක් භාවිතා කිරීම සම්බන්ධයෙන් නාගරික සංවර්ධන අධිකාරියට එරෙහිව ඇති චෝදනා

· නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරී හර්ෂාන් ද සිල්වා
· ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ

රුපියල් මිලියන 91

· චෝදනා ඉදිරිපත් කිරිමේ තත්වය පිළිබද නොදනී
· නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රමාදයක් ඇත
22. එම්.බී.එස්.එල් රන්පත් සමාගම හරහා සිදුවූ රුපියල් මිලියන 423ක අවභාවිතාව පිළිබද පරීක්ෂණ

· කුමාර ලෝරන්ස් ගජනායක
· කළමනාකාර මණ්ඩලය

රුපියල් මිලියන 423

· චෝදනා ඉදිරිපත් කිරීමේ තත්වය නොදනී
· නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රමාදයක් ඇත
23. දළදා මාළිගාවට අයත් ඉඩමක් රුපියල් මිලියන 26ක මුදලකට අලෙවි කරමින් එම මුදල් දළදා මාළිගාවේ ගිණුමට බැර නොකිරිමට අදාල චෝදනා

· දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර

රුපියල් මිලියන 26

· චෝදනා ඉදිරිපත් කිරීමේ තත්වය පිළිබද නොදනී
· නීතිපති දොපාර්තමේන්තුවේ ප්‍රමාදයක් ඇත
24. පීපල්ස් ලීසිං සමාගමෙන් වාහන 31ක් ලබාගනිමින් මාසික ලීසිං වාරික නොගෙවීම හා පොලී මුදල් නොගෙවීම

· හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන
· හිටපු ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත්

මුදල අනාවරණය වී නැත

· චෝදනා ඉදිරිපත් කිරීමේ තත්වය නොදනී
· නිතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රමාදයක් ඇත
· සජින් වාස් ගුණවර්ධන රජයේ සාක්ෂිකරුවෙක් බවට පත්වී තිබේ
25. නියමිත ඩෙන්ඩර් පටිපාටි උල්ලංඝනය කරමින් රුපියල් මිලියන 35ක් වටිනා අධි සුඛෝපභෝගී බස් රථ මිලට ගැනීම හා එම බස් රථ තබාගැනීම

· ඌව පළාත් හිටපු මහ ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ
· හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන
· බ්‍රිගේඩියර් එච්.ඩී.ජී. රණසිංහ

Archive

Latest news

Related news