Tuesday, May 7, 2024

මාධ්‍ය නිදහස ආපස්සට යන්නේ නැහැ- ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති

කුමන අභියෝගය පැමිණිය ද මේ වන ලබා දී තිබෙන ජනමාධ්‍ය නිදහස ආපස්සට යන්නේ නැති බවත් සමාජ මාධ්‍ය සමඟ ජනමාධ්‍ය තුළ විශාල පරිවර්තනය සිදු වී තිබෙන බවත් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පැවසීය.

ලෝක ජනමාධ්‍ය දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය හා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද (03) සංවිධානය කළ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති වැඩමුළුවේදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

ස්වාධින න්‍යාමන යාන්ත්‍රණයක් සකස් කරන බවත් ලබන ජුනි මාසයේ දී පමණ තොරතුරු දැන ගැනීමේ පනත පාර්ලිමේන්තුවේ සම්මත වීමෙන් පසු එවැනි යාන්ත්‍රණයක් ද ඇති කළ හැකි බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මාධ්‍ය භාෂාවට, හිමිකරුවන්ට, ආණ්ඩු පෙරළීම සම්බන්ධයෙන්, විශුද්ධිකරණය, සංස්කෘතිය හා සාරධර්ම විනාශ කිරීම, ජනමාධ්‍ය අමාත්‍යාංශය, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට, පුවත්පත් මණ්ඩලයට යන කරුණු හා ආයතනය සම්බන්ධ කර ගනිමින් ජනමාධ්‍යයට දොස් පැවරීමෙන් වැඩක් නැති බව ද කරුණාරත්න මහතා පෙන්වා දුන්නේය.

මාධ්‍ය සමාන පර්ශවකරුවන් ලෙස සම්බන්ධකර ගනිමින් විධිමත් සාකච්ඡා මණ්ඩපයක් තුළ යම් යම් ප්‍රඥ්ප්ති සකස් කර ගෙන ඉදිරියට යා යුතු බවත් බහුවිධ මත හා පුද්ගල කණ්ඩායම් තුළ ජනමාධ්‍ය ගොඩනැගී තිබෙන අතර පෞද්ගලික මතවාදයන් ගොඩනැගිය නොහැකි බවත් කරුණාරත්න මහතා පැවසීය.

මාධ්‍ය තුළ ව්‍යුහාත්මක වෙනස්කම් ඇති කිරීම් අවශ්‍ය බව පෙන්වා දෙන නියෝජ්‍ය අමාත්‍යවරයා ජනමාධ්‍ය තුළ සංඛ්‍යත ප්‍රශ්න, මුදල් විශුද්ධිකරණය, ඩිජිටල්කරණය, බලපත්‍ර තාක්ෂණික ප්‍රශ්න ඇති වී තිබෙන අතර ඒ සඳහා තාක්ෂණික න්‍යාමනයක් අවශ්‍ය වන බව ද වැඩිදුරටත් සඳහන් කළේය.

-news.lk

Archive

Latest news

Related news