Thursday, May 2, 2024

උතුරේ කිතුණු දේවසභා මිලිටරිකරණය හෙළා දකියි!

සිවිල් පාරිපාලනයේ හමුදා මැදිහත්වීම් වර්ධනයවීම ගැන අපි දැඩි ලෙස හෙලා දැකින්නෙමු. අයිතිවාසිකම් සහගත සහජීවනය උදාවන්නේ ශ්‍රී ලංකාවේ සියළු දෙනාම සාමාන්‍ය ජීවිතයක් ජීවත් විය හැකි පරිසරයක් බිහි කිරීමෙන්ය.

කිසිඳු අනුමැතියකින් තොරව දකුණේ ධීවරයන් මුල්ලතීව්වල ධීවර කටයුතුවල නිරතව සිටිති. කොක්කුතුඩුවායි උතුර පිහිටි පුලිපායින්දකල් ප්‍රදේශයේ අනවසරයෙන් පදිංචි වී ධීවර කටයුතුවල නිරතවූවන් ගැන සොයා බැලීමට ගිය ග්‍රාම සේවා නිළධාරී සීවරත්නම් යේසුරත්නම් මහතාට එම ධීවරයන් පහරදී තිබේ. අනතුරුව ඔවුන් ලබාදුන් තොරතුරුවලට අනුව එහි පැමිණි 593 වන හමුදා බල ඇණියේ හමුදා නිළධාරි කේනල් සමන්ත සිල්වා මහතා, ග්‍රාම සේවා නිළධාරිවරයාගේ ජාතික හැඳුනුම් පත, සේවා හැඳුනුම්පත ද ලබාගෙන පරුෂ වචනවලින් බැණ වැදී තිබේ. දකුණේ ධීවරයන්ගේ හා හමුදාවේ මෙම වගකීමකින් තොර ක්‍රියාවලිය අපි තරයෙන් හෙලා දැකින්නෙමු.

සිවිල් පරිපාලනයේ හමුදාව මැදිහත්වීම දහමට පටහැනියිය. මෙය සුභවාදී ක්‍රියාවක් නොවේ. මෙය සහජීවන වැඩපිළිවලට නොසුදුසු ක්‍රියාවක් බව පෙන්වා දෙයි. එමෙන් දකුණේ ධීවරයන් සිවිල් පරිපාලනයට ගරු කිරීමට පුරුදු විය යුතුයි. හමුදාව සිවිල් පරිපාලනයේ මැදිහත් නොවිය යුතුයි.

මේ වන විටත් උතුරු පළාතේ, හමුදා මැදිහත්වීම්, අධ්‍යාපන අමාත්‍යංශය යටතේ පවතින පෙර පාසල්වල ද පවතින බව සියළු දෙනා දන්නා කරුණකි. සිවිල් ආරක්‍ෂක දෙපාර්තුමෙන්තුව හරහා, පෙර පාසල්වල උගන්වන පිරිස සිවිල් ආරක්‍ෂක සෙබළුන් ලෙස පත්කර, මාසික වැටුපක් ලබාදී ඔවුන්ගේ නොහැකියාව තම මැදිහත්වීම් කටයුතුවලට භාවිතා කර ගැනීම සහජීවනය ඇති කිරීමට සුදුසු කරුණක් නොවේ.

මෙම ප්‍රශ්ණවලට විසඳුම හමුදාව ඉවත් කිරීමය, හමුදා මැදිහත්වීමකින් තොරව රාජ්‍ය සිවිල් පරිපාලනයක්, රාජ්‍ය දිසාපති, ප්‍රාදේශිය ලේකම්, ග්‍රාම සේවා නිළධාරින්, පොලිස්, අධිකරණ ක්‍රියාත්මක වීම වහාම තහවුරු කළ යුතුයි. රාජ්‍ය හමුදාව රාජ්‍ය සිවිල් පරිපාලනයට බාධාවක් වීමේ මෙම තත්වය තවඳුරටත් නොතිබිය යුතුයි.

මන්නාරම ක්‍රිස්තියානි දේවස්ථාන සංගමය
වවුනියාව ක්‍රිස්තියානි සංගමය
වන්නි ක්‍රිස්තියානි සංගමය
වඩමරාච්චිය ක්‍රිස්තියානි සංගමය
18/04/2016

Archive

Latest news

Related news