Friday, May 3, 2024

ආණ්ඩුව රතුපස්වල වින්දිතයිනට මිලියන 4.68 වන්දි ගෙවයි

රතුපස්වල සිදුවීමෙන් තුවාල ලැබූ සහ ආබාධිත තත්ත්වයට පත් වූ පුද්ගලයින් 33 දෙනෙකු වෙනුවෙන් වන්දි ප‍්‍රදානය කිරීම ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගිය 08දා  පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

අදාළ සිදුවීමෙන් පූර්ණ ආබාධිත, අර්ධ ආබාධිත සහ තුවාල ලබා ප‍්‍රතිකාර සඳහා රෝහල්ගත වූ ගම්පහ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පුද්ගලයින් 24 දෙනෙකු සහ මහර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පුද්ගලයින් 9 දෙනෙකු වෙනුවෙන් රුපියල් මිලියන 4.68 ක මුදලක් මෙලෙස වන්දි වශයෙන් ප‍්‍රදානය කෙරිණි.

මෙම සිදුවීමෙන් තුවාල ලැබූ පුද්ගලයින්ට සාධාරණය ඉටු කිරීම සඳහා ජනාධිපතිතුමා සිය විශේෂ අවධානය යොමු කර කටයුතු කළ අතර ඒ පිළිබඳ සොයා බලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ගම්පහ දිස්ති‍්‍රක් ලේකම්වරයාගේ ප‍්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් ද පත් කරන ලදී.
එම කමිටුවේ නිර්දේශ මත මෙම වන්දි ප‍්‍රදානය සිදු කෙරිණි.

වන්දි ප‍්‍රදානය අතරතුර එම අවස්ථාවට සහභාගී වූ ජනාධිපතිතුමා වන්දිලාභීන් සහ පැමිණ සිටි පිරිස සමග සුහද කථා බහක නිරතවූ අතර අසාධාරණයට ලක්වූ රතුපස්වල ජනතාව හමුවීමට නුදුරු දිනකදීම එම ප‍්‍රදේශයට පැමිණෙන බවට ඔවුන්ට සහතික විය

– ජනාධිපති මාධ්‍ය ඒකකය

Archive

Latest news

Related news