Tuesday, July 16, 2024

2004 – 2013 ශ්‍රී ලංකාවෙන් පැන්නූ මුදල බිලියන 2,800ක්

2004 – 2013 යන දශකය තුල ශ්‍රී ලංකාවෙන් රුපියල් බිලියන 2800  නොහොත් ඇමෙරිකානු ඩොලර් බිලයන 19.94ක් රහසින් නීති විරෝධීව පිට කර ඇති බව වොෂින්ටනයේ සිට ක්‍රියාත්මක වන  Global Financial Integrity  නම් ආයතනය වාර්තා කරයි. එකී ආයතනයෙහි කාර්ය භාරය වන්නේ මෙලෙස රහසිගතව හුවමාරු වන මුදල් පිළිබඳ සොයා බැලීමයි. බිලියන 2880ක් සංඛ්‍යාව  Global Financial Integrity  විසින් වාර්තා කර ඇති මුදල පමණකි. මෙවැනි මුදල් හුවමාරු නිරීක්ෂනය කිරීම ලෙහෙසි නැති අතර මෙම සංඛ්‍යාව නීති විරෝධීව පිට කරන ලද සම්පූර්ණ මුදල් වටිනාකමට අඩු බව සදහන් වේ.

ශ්‍රී ලංකාවෙන් වැඩිම මුදලක් නීති විරෝධීව පිට කරන ලද වර්ශය වන 2011 වන අතර එම වර්ශයෙහිදී  ආමෙරිකානු ඩොලර් බිලියන 4.6ක් ( රුපියල් බිලියන 500 පමණ) පිට කර තිබේ. යුද්ධය අවසන් වූ 2009 වර්හයේ දී පිට කැන ලද මුදල ඇමෙරිකානු ඩොලර් 1.45කි. රනිල් වික්‍රමසිංහ අගමැති ධුරය දරන ලද 2004 වර්ශයෙහි ඇ. ඩොලර් බිලියන 1.48ක් පිට කර ඇතැයි එකී වාර්තාව කියයි.

Global Financial Integrity ආයතනය කියා සිටින්නේ මෙවැනි නීති විරෝධී මුදල් පිට කිරීම ව්‍යාජ වෙළද බිල්පත් හරහා ද සිදුවන බවයි. තවත් ක්‍රමයක් නම් මුදල් විශුද්ධිකරණයයි.

උක්ත කාලය තුළ ශ්‍රී ලංකාවෙන් එලෙස සිට කරන ලද මුදල මත්ද්‍රව්‍ය වෙළදාමට නම් දරා ඇති කොලොම්බියාවෙන් පිට කරනලද ඇ. ඩොලර් බිලියන14.74ට වඩා වැඩිය.

 

  • ඇසුර සන්ඩේ ටයිම්ස්

Archive

Latest news

Related news