Friday, May 3, 2024

කාන්තාවක මහනුවර ආණ්ඩුකාර ධූරය දැරීම අස්ගිරි හිමිට අගුණයිලු!

(දන්ත ධාතූන් වහන්සේ ලංකාවට වැඩම කෙළේ හේමමාලා කුමරිය විසින් තම කේෂ කලාපයේ සඟවාගෙනය.)

මහනුවර අස්ගිරි පාර්ශවයේ නායක හිමිවරුන් යලිත් හොඳ දහම් පාසැලකට යවා බුද්ධාගම උගන්වා ගත යුතු තරමේ පහත් තත්ත්වයකට ඇද වැටී තිබීම ගැන ශ්‍රී ලංකාවාසී බෞද්ධ ජනතාව කම්පාවට පත්ව තිබේ.

ඒ පසුගියදා මධ්‍යඹ පළාතේ ආණ්ඩුකාරවරිය ලෙස නිලූකා ඒකනායක නම් එක් දරු මවක් පත් කිරීමට අස්ගිරි පාර්ශවයේ නායක හිමිවරුන් විරුද්ධ වීම නිසාය. හිමිවරුන්ගේ විරෝධය පා ඇත්තේ දන්ත ධාතූන් වහන්සේ වැඩ වාසය කරන දළදා මාලිගාවේ කටයුතු වලට කාන්තාවක සම්බන්ධ කර ගැනීමට සිදුවන නිසා යැයි කියමිනි.

අස්ගිරි පාර්ශවයේ අනුනායක වෙඬරුවේ උපාලි,  වරකාගොඩ ධම්මරතන, මහියංගන රජමහා විහාර බාරකාර උරුලෑ වත්තේ ධම්මරක්ඛිත, අස්ගිරි ලේඛකාධීකාරී ආණමඩුවේ ධම්මධස්සි, ගල්ලෑල්ලේ සද්ධාතිස්ස ආදී අස්ගිරි හිමිවරුන් පිරිසක් මහින්ද අමරවීර සහ එස්.බී දිසානායක ඇමැතිවරුන්ට තම විරෝධතාවය දක්වා තිබේ.

මෙය මහා ප්‍රජාපතී ගෝතමියට, විශාකාවට පමණක් නොව පටාචාරාවට පවා තම ශාසනයේ සමාන අවස්ථා සලසා දුන් තිලෝගුරු බුදු පියාණන් දෙසූ සද්ධර්මයට සපුරා විරුද්ධ නිගන්ඨ අන්තවාදයක් බව දහම් පාසැල් යන පොඩි දරුවෙකු පවා දන්නා වුවද කුහක අස්ගිරි නායක කාරකාදී හිමිවරුන් නොදැන සිටීම ගැන බෞද්ධයෝ කම්පා වී සිටිති.

දන්ත ධාතූන් වහන්සේ ලංකාවට වැඩම කෙළේ හේමමාලා කුමරිය විසින් තම කේෂ කලාපයේ සඟවාගෙනය. එදා හේමමාලාවන් කාන්තාවක වීම දන්ත ධාතූන් වහන්සේට ප්‍රශ්නයක් නොවී නම් අද දන්ත ධාතූන් වහන්සේ ගේ බාර කරුවන් පිරිසක් වන අස්ගිරියේ නායක හිමිවරුන් පළාතේ ආණ්ඩුකාරධූරයට කාන්තාවක පත්වීම දළදා මාලිගාවට ප්‍රශ්නයකැයි කියන්නේ කෙසේද?

එපමණක් නොව මීට පෙර මේ පළාතේ ආණ්ඩුකාර ධූරයට සුරංගනී එල්ලාවල මැතිනිය පත් වූ අවස්ථාවේදී මේ කියන අස්ගිරියේ නායක හිමිවරුන් සිටියේ මිය ගොසින් ද ? නැතහොත් සිහි මුර්ඡාවකට ලක්වී ද ? එදා විරෝධය නොපෑවේ එය මහින්ද රාජපක්ෂ විසින් කරන ලද පත්වීමක් නිසාද?

මාලිගාව අසල වසා දමා ඇති A 26 පාර විවෘත කරනවාට අස්ගිරියේ නායක හිමිවරුන් විරුද්ධය. නමුත් නාමල් රාජපක්ෂලා පාරවල් වසා මාලිගාව රාත්‍රී කාර් රේස් පැද්දාට විරුද්ධ නොවීය.  බේබදු වනචර මැරයෙක් වන ගලගොඩ අත්තේ ඥානසාර නමැත්තා හැමවිටම ජාතිය ආගම බේරා ගන්නට ඉදිරියට ආ එකෙකැයි කියා අස්ගිරියෝ සුදු හුණු ගෑහ. දැන් කාන්තාවක් පළාතේ ආණ්ඩුකාරවරිය වීමටද අස්ගිරියන් විරුද්ධ වී තිබේ.

මෙවන් සාහසික අස්ගිරි නායකයන් අප දන්නා බුද්ධාගමේ නම් විය නොහැකි ය. එබැවින් මොවුන් යලි හොඳ දහම් පාසැලකට යවා බුද්ධාගම උගන්වා ගත යුතුය.

කාන්තාවක ආණ්ඩුකාරවරිය වීම මල්වතු පාර්ශවයේ මහ නායක හිමියන්ට ප්‍රශ්නයක් වී නැත. එබැවින් එහිමියෝ සකල බෞද්ධයන්ගේ ගෞරවයට පාත්‍ර වනු නිසැකය.

– lankaenews

Archive

Latest news

Related news