Thursday, April 25, 2024

සෝභිත හිමි අපවත්වීම, රාජපක්ෂ මර්දනය සහ උඩුවේ හිමි – සුනිල් ජයසේකර

ශ‍්‍රී ලාංකීය භික්ෂු සමාජයේ ආන්දෝලනාත්මක චරිතයක් ලෙස සැලකිය හැකි උඩුවේ ධම්මාලෝක හිමියන් ඊයේ ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකට එක්වෙමින් රට කළඹවන තවත් ප‍්‍රකාශයක් වදාරා තිබේ. ඒ අති පූජ්‍ය මාදු`එවාවේ සෝභිත ස්වාමීන් වහන්සේගේ අපවත් වීම සම්බන්ධයෙනි.

උඩුවේ ධම්මාලෝක හිමියන් මෑත භාගයේදී රිමාන්ඞ් බන්ධනාගාර ගතව දින කිහිපයකින් පසු සුවිශේෂ හේතු දක්වමින් කරන ලද ඉල්ලීමක් අනුව ඇප ලබා නැවත සාමාන්‍ය සමාජය වෙත මුදාහැර ඇති භික්ෂු චරිතයකි. පොදු දේපල පනත උල්ලංඝනය කිරීම හෙවත් නීති විරෝධි ආකාරයට වන අලි පැටවකු තමන් සන්තකයේ තබාගැනීම උන් වහන්සේට එරෙහිව ගොණු වූ චෝදනාව විය. එහෙත් මෑත අවධියේ උන්වහන්සේ වෙත සමාජ අවධානය යොමු වූයේ එල්ල වූ චෝදනාව නිසා හෝ රිමාන්ඞ් භාරයටද පත් වූ භික්ෂු චරිතයක් වීම නිසා පමණක්ම නොවේ. අලි පැටියා සහ පන්සල අතර අන්තර් සම්බන්ධය පිළිබ`දව උන්වහන්සේ වදාරා ඇති ප‍්‍රකාශය හේතුවෙනි. ඒ කවුදෝ නොදන්නා කෙනෙකු විසින් ඒ අලි පැංචා පන්සලට ගෙනවිත් දමා තිබුණේ යැයි උන්වහන්සේ කරන ලද ස`දහන නිසාය. චේතිය රජ්ජුරුවන්ගේ ගජබින්නයන් යමෙකු පිළිගත්තද පන්සිල් ද ඉක්මවා කෝටියක් සංවර සීලය රකින්නට මහා ස`ග පරපුරට එක්වී සිටින උඩුවේ හාමුදුරුවන්ගේ ඒ ප‍්‍රකාශයනම් කවුරුන් හෝ විශ්වාස කළේද යන්න ඇත්තටම ප‍්‍රශ්නයකි.

උඩුවේ හාමුදුරුවන් මෙවර ප‍්‍රකාශ කරඇති අන්දමට අතිපූජ්‍ය මාදු`එවාවේ සෝභිත හිමිපාණන් වහන්සේගේ අපවත් වීම කුමන්ත‍්‍රණයක ප‍්‍රථිඵලයකි. ආන්දෝලනාත්මක වියයුතු මේ ප‍්‍රකාශය සිදුකර ඇත්තේද මෑත භාගයේ ආන්දෝලනාත්මක ප‍්‍රකාශ වැලකට කේන්ද්‍රස්ථානයක් වූ විහාරස්ථානයක සිටය. ඒ නාරාහේන්පිට අභයාරාමයේ සිටය. උඩුවේ හිමියන්ගේ ප‍්‍රකාශයට අග‍්‍ර ශ‍්‍රාවකයන් වී ඇත්තේද ප‍්‍රකට හිමිවරුන් දෙනමකි. එනම් මුරුත්තෙට්ටුවේ ආනන්ද සහ ඇල්ලේ ගුණවංශ යන හිමිවරුන්ය.

සිදුකර ඇති ප‍්‍රකාශය අනුවද ප‍්‍රකාශය කර ඇති චරිතය අනුවද එය හෙළි කළ ස්ථානය මෙන්ම ඊට සාක්ෂි සපයා ඇති බරපතළ ගණයේ චරිත දෙක අනුවද එහි දෝංකාරය මේ වනවිට අකනිටා බ‍්‍රහ්ම ලෝකයද සිසාරා ගිගුම් දිය යුතුව තිබේ. එහෙත් පන්සලට අලි පැටව් ගෙනවිත් දමා ගිය හෙළිදරව්වේ ගැඹුර වටහාගෙන ඇති ශ‍්‍රී ලාංකීය ජනතාව දෙවන හෙළිදරව්ව එතරම් වැදගත් කොට නොසලකා හැරියාද වියහැකිය.

එහෙත් මෙහිදී සරල ලෙස, සැහැල්ලූවෙන් යුතුව මේ ප‍්‍රකාශ බැහැර කිරීමට අපට කිසිසේත්ම නොහැකිය. ඒ ස`දහා හේතු එකක් දෙකක් නොව කිහිපයක්ම තිබේ. පළමු වැන්න අතිපූජ්‍ය මාදු`එවාවේ සෝභිත ස්වාමීන් වහන්සේ යනු ශ‍්‍රී ලාංකීය සංඝ සමාජය තුළ අති විශිෂ්ට සමාජ මැදිහත් වීමක නිරතව සිටියා වූ සීලෝපේත, ගුණෝපේත මහා සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක් වන හෙයිනි. උන්වහන්සේ තම විශ්ව විද්‍යාල ජීවිතයේ සිට අපවත් වන මොහොත දක්වාම වඩා යහපත් සමාජයක් උදෙසා සක‍්‍රීය ලෙස මැදිහත් වීමක නිරත වූ බුද්ධ පුත‍්‍රයාණන් වහන්සේ නමක් විය. ඒ මැදිහත් වීම හේතුවෙන් එල්ල වූ කැට කැබිලිති, නින්දා, අපහාස පමණක් නොව ජීවිත තර්ජනයන් ඉදිරියේ පවා නොසැලී තැන්පත්ව තම පරමාදර්ශි අරමුණු උදෙසා ගමන්කළ අයුරු අතිශයින්ම විස්මයජනක ද වන්නේය.

එවන් බුද්ධ පුත‍්‍රයාණන් වහන්සේ නමකගේ අපවත් වීම උඩුවේ ධම්මාලෝක හිමියන් ප‍්‍රකාශ කරඇති අන්දමට කුමන්ත‍්‍රණයක් වන්නේ නම් එහි සුලමුල සොයා යා යුතුව ඇත්තේ ඒ ස`දහා වන යාන්ත‍්‍රණයන් සියල්ලම සකී‍්‍රය කරමිනි. එමෙන්ම සත්‍යවශයෙන්ම එවැන්නක් සිදුවී ඇතැයි සැකහැර ඔප්පු වන්නේ නම් ඒ ස`දහා දියයුතු ද`ඩුවම ද නීතියට අනුව උපරිමයම වියයුතුද වන්නේය. ඒ අතර මේ දෙයද සදහන් නොකළහොත් එය මහත් අඩුවක් වියහැකිය.

අතිපූජ්‍ය මාදු`එවාවේ සෝභිත හිමිපාණන් වහන්සේ විසින් නායකත්වය දුන් සාධාරණ සමාජයක් ස`දහා වූ ජාතික ව්‍යාපාරය නිවේදනය කර ඇති පරිදි ද සාධාරණ සමාජයක් ස`දහා වූ ජාතික ව්‍යාපාරය ආරම්භ කළ මොහොතේ සිටම ඒ හා එක්ව සිටි මේ ලියුම්කරුගේ අත්දැකීම් අනුවද අතිපූජ්‍ය මාදු`එවාවේ සෝභිත හිමිපාණන් වහන්සේ තම අරගලය ගෙනයමින් සිටියේ ශාරීරික වශයෙන් නිරෝගි භාවය විදිමින් ම නොවේ. සත්‍යවශයෙන්ම උන්වහන්සේගේ භෞතික ශරීරය තුළ පැනනැගී පැවති ඇතැම් රෝගි තත්වයන් තුළ කායික හා මානසික විවේකය අත්‍යවශයෙන්ම පවත්වා ගත යුතුව තිබිණි.

එහෙත් උන්වහන්සේ හමුවේ පැවති උදාරතර අරමුණු හමුවේ රැුයත් දහවලත් ඒ උදෙසා කැපකරන්නට සිදුවූ අතර උන්වහන්සේගේ අරමුණු පරාජය කරන්නට එදා පැවති රාජ්‍ය බලය තම උපරිම ශක්තිය ද ඊට එරෙහිව මුදා හැරීම තුළ තර්ජන, අවලාද අපවාද පමණක් නොව සැබෑ ඝාතන කුමන්ත‍්‍රණයන්ට පවා මුහුණ දීමට උන්වහන්සේට සිදුවිය. ඒ සියලූ තත්වයන් මැද නිරෝගි භාවය පිළිබඳ සැලකිලිමත් වීමට තරම් කාලයක් ද හැකියාවක්ද නොතිබුණු පසුබිමක උන්වහන්සේගේ අපවත් වීම කුමන්ත‍්‍රණයක් ලෙස යමෙකු සලකන්නේ නම් ඒ කුමන්ත‍්‍රණයේ හවුල්කරුවන් වියයුතු වන්නේ එදා මේ රටේ ක‍්‍රියාත්මක වූ ඒකාධිපති රාජ්‍ය යාන්ත‍්‍රණයයි. ඔවුන්ට සෙත් පිරිත් කියමින් සියලූ පාපිෂ්ට ක‍්‍රියාමාර්ගයන්ට ධාර්මික අර්ථකථන සැපයූ පූජක සනුහරයයි.

එහිදි උඩුවේ ධම්මාලෝක හිමියන් ස්ථාන ගත වූ ආකාරය අන්සියල්ලටම වඩා හොදින්ම දන්නේ උන්වහන්සේම පමණකි. ඒ කෙසේ වෙතත් උන්වහන්සේ කරන ප‍්‍රකාශයේ බරපතළ කම ඒ නිසාම හීනවිය නොහැකිය. එවැන්නක් සිදුවී ඇත්නම් ඒ පිළිබඳව ගැඹුරින්ම සොයා බලා වගකිවයුත්තන්ට දඬුවම් ලබාදිය යුතුව ඇත්තේ සිවුරේ බලය සමග සෙල්ලම් කරන්න එපා යැයි ඇතැමුන් සිදුකරන තර්ජන නිසා නොවේ. එමෙන්ම මෙවැනි ප‍්‍රකාශ මගින් උත්සාහ කරඇත්තේ අසත්‍යය සමාජගත කරමින් බෞද්ධ ජනතාව අතර කැලඹීමක් ඇතිකරලීමට නම් එහිදී ද ඊට එරෙහිව උපරිම ලෙස ක‍්‍රියාකිරීමට ද වගකියයුත්තන් කටයුතු කළයුතුව ඇත. මන්ද සිවුරට මුවා වී අසත්‍යය සමාජ ගත කරන්නට හෝ අපරාධ වසන් කරන්නට කිසිවෙකුට හෝ ඉඩ නොදීම තුළ ශ‍්‍රී ලාංකීය බෞද්ධ සංඝ සමාජයේ ගෞරවයද  ඒ තුළින් තහවුරු කරගත යුතුව ඇති නිසාය.

පුවත් පසුබිම: 2016-03-23 SLBC

(මාතෘකාව අපෙනි)

 

Archive

Latest news

Related news