Sunday, April 28, 2024

ඇඹිලිපිටිය නීතිවේදී විජිත පුංචිහේවාට කල තර්ජනයට එරෙහි නීතීඥවරුන් පෙරට

(කඩා දැමූ නාමපුවරුව)

ඇඹිලිපිටි නගරයේ සාදයකදී මිය ගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින නීතිවේදී විජිත පුංචිහේවා මහතාගේ නිවසේ නාමපුවරුවට සඳුදා (08) රාත්‍රී ගල් ගසා කඩා දැමා ඇතැයි ඒ මහතා පොලිසියට පැමිණිලි කර ඇත.

එය තමාට පමණක් නොව නඩුවේ සාක්කිකරුවනට ද එල්ල කළ තර්ජනයක් බව ද නීතීඥවරයා ඇඹිලිපිටියේ සහකාර පොලිස් අධිකාරීට ලිඛිතව දන්වා තිබේ.

කඩා දැමුණු නාම පුවරුව පිහිටියේ ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ සිට දිසා අධිකරණය වෙතට විහිදෙන පාරේය.

සුමිත්ගේ මරණය සම්බන්ධයෙන් සැක කරන විශාල පිරිසක් පොලිසියේ සිටින බවත්, නාම පුවරුව කඩා දැමුවේ ඔවුන්ගෙන් කෙනකුදැයි සැක සහිත බවත්, නඩුවේ අගතියට පත් පාර්ශ්නය වෙනුවෙන් කතා කරන නීතීඥවරුන්ගේ ආරක්ෂාව ද අනතුරුදායක තත්ත්වයකට පත් වී ඇති බවත් පුංචිහේවා මහතා කළ පැමිණිල්ලේ සඳහන් ය.

වසර 23ක පමණ කාලයක් නීතීඥවරයකු ලෙස ද වසර දහයක් පමණ නාගරික මන්ත්‍රීවරයකු ලෙස ද තමා කටයුතු කර ඇති බව ද, තමා දුම් පානය කරද්දී ඇඹිලිපිටි හිටපු සහකාර පොලිස් අධිකාරී අත්අඩංගුවට ගෙන තමාට එරෙහිව නඩු පවරා ඇතැයි බොරු ප්‍රචාරයක් ගෙන යන බව ද, මේ බොරු ප්‍රචාරවලට හේතුව ඇඹිලිපිටිය මෙන්ඩිස් ගොඩනැගිල්ලේ ඇති වූ සිද්ධියෙන් මිය ගිය තරුණයාගේ ඥාතීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම යැයි ද නීතීඥ පුංචිහේවා කියා ඇත.

නීතීඥවරයා වැඩිදුරටත් පොලිසියෙන් ඉල්ලා ඇත්තේ තම ජීවිතාආරක්ෂාව පතා මෙම පැමිණිල්ල විභාග කර සැකකරුවන් සොයා නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි.

ඒ අනුව මෙම සිදුවිම වෙනුවෙන් පෙනි සිටි සියලුම නීතීඥයන් මෙම තර්ජනය තරයේ හෙලා දකින අතර ඉදිරියේ දි ඒ වෙනුවෙන් අදලා සියලු ක්‍රයාමාර්ග ගන්නා බවත් නීතීඥයන් පවසයි. අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කරන නීතීඥයන් තම අරගලය අත් නොහරින බවත් බලපැම් හා තර්ජනය කිරිම මගින් මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරිම පොලීසියට හෝ වෙනත් පාර්ශවයකට වැලැක්විය නොහැකි බවත් මෙම නීතීඥයෝ  පවසති.

Lakshan dias – Attorney-at-Law
Udul premarathne – Attorney-at-Law
Thushara N Daskon -Attorney-at-Law
Senaka Perera -Attorney-at-Law
Manju Sri Chandrasena -Attorney-at-Law
Amila Indika -Attorney-at-Law

සටහන මුහුණු පෙතෙනි.

Archive

Latest news

Related news