Saturday, April 27, 2024

බලය ඩැහැගැනීමේ රාජපක්ෂ කූටෝපා පරදවමු! – ජනතා ප්‍රජාතන්ත්‍රවාදී මධ්‍යස්ථානය

ජනතා ප්‍රජාතන්ත්‍රවාදී මධ්‍යස්ථානය ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයන් වෙත කරන ආයාචනයයි.

ප්‍රජාතන්ත්‍ර විරොධී දූෂිත, මිනී මරු, ඒකාධිපති පවුල් පාලනය සහ ඔවුන්ගේ සහචරයන්ට විරුද්ධව ප්‍රජාන්ත්‍රවාදී බලවේගයන් පරදා පසුගිය වසරේ ජනවාරි 8 වන දා ලබා ගත් විශාල මැතිවරණ ජයග්‍රහනය සහ ඒ හරහා ලබා ගත් ප්‍රජාන්ත්‍රවාදී ජයග්‍රහණයන් අඩපණ කිරීමට දූෂිත පවුල් පාලනයේ සහචරයන් එක් රැස් වන ආකාරය පෙනෙන්නට තිබේ. මෙම තත්ත්වය ප්‍රජාතන්ත්‍රවාදයට සැබෑ තර්ජනයක් වන ආකාරය දක්නට හැකි අතර, එය වහාම නතර කිරීමට පියවර නොගත්තොත් ම්ලේච්ඡ යුද්ධය නිසා 30 වසරක් පුරා රට පැවති අදුරු තත්ත්වයට නැවත පත්වනු වැළැක්විය නොහැකිය. එවැනි තත්ත්වයක් කරා නැවත යාමට කිසිවෙක් කැමති නැත.

අදුරු අනාගතයක් නිර්මාණය කිරීම සදහා මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී බලවේගයන් ඕනෑම අවස්ථාවක දකුණේ ජනතාවගේ සිත් තුළ බලය විමධ්‍ය ගත කිරීම පිළිබදව ඇති අනාරක්ෂිතභාවයන් නින්දිත ලෙස යොදා ගැනීමට පසුබට වන්නේ නැත. මේ සියල්ල අතර ඔවුන් ජාති ආලයට මුවා වීමට උත්සහ දරයි. බලය විමධ්‍ය ගත කිරීම රට බෙදීමට මුල් විය හැකි බවට ඔවුන් තර්ක කරයි. කළාපීය ප්‍රජාතන්ත්‍රවාදය සිංහල ජාතිය සහ බෞද්ධ ආගම දණ ගස්වනු ඇතියි ඔවුන් කියයි. ඔවුන් එම තර්යක පදනම් කරන්නේ රට මෙහෙය වන ප්‍රධාන බලවේගය සිංහල බෞද්ධ ජනතාව යන්න මතයි. ඔවුන් තර්කය වන්නේ රටේ සෙසු ජනතාව සිංහල බෞද්ධ අණකිරීම් වලට යටත් විය යුතු බවයි. ශ්‍රී ලංකාවේ බහු වාර්ගික, බහු ආගමික ස්වභාවය සහ රට නූතන ශිෂ්ඨ ජාතියක් බවට පත් කළ හැකි බහු ප්‍රජාතන්ත්‍රවාදී පාලනයට මේ කතිකාව තුළ කිසිදු ඉඩක් නැත. සිංහල ප්‍රජාව පිළිබද යල් පැන ගිය ගෝත්‍රවාදී අදහස් වපුරන්නේ ඒ නිසාය.

මේ ආඛ්‍යානය තුළ ඔවුන්ගේ මූලධර්මවාදී සහ ප්‍රජාතන්ත්‍රවිරෝධී ප්‍රකාශයන් තුළින් පෙනී යන්නේ ඔවුන් මුලා වූ නිර්ලජ්ජිත සහ බදු දහමට ඉතා විරුද්ධ පිරිසක් බවයි. ඔවුන් තර්ක කරන්නේ අපරාධකරුවන් ආරක්ෂක අංශ වලට සම්බන්ධවුවන් නිසා අහිංසක ජනතාවට සහ දකුණේ ක්‍රියාකාරීන්ට විරුද්ධව සිදු කෙරුණු අපරාධ විමර්ශන කිරීම සහ අපරාධකරුවන්ට දඩුවම් ලබා දීම නොකළ යුතු බවයි. පසුගිය රෙජීමය මෙම අපරාධ සිදු කළේ විසම්මුතිය මරණයෙන් නිහඩ කිරීමේ ප්‍රතිපත්තියේ කොටසක් ලෙසයි. මෙම අපරාධ සිදුවූයේ යුධ කාලයේ නිසා ඒවා පිළිබද විමර්ශනය කිරීම නොකළ යුතු බවට ඔවුන් බල කරයි.

හෝමාගම අධිකරණය ඉදිරිපට යකා නැටූ බොදුබල තළහකාරින්
හෝමාගම අධිකරණය ඉදිරිපට යකා නැටූ බොදුබල තළහකාරින්

ප්‍රගීත් එක්නැලිගොඩ මීට වසර 6 කට පෙර පැහැර ගැනීම සහ අතුරුදහන් කිරීම පිළිබද නඩුව හෝමාගම අධිකරණයේදී දැන් විභාග වෙමින් පවතී. බෞද්ධ නොවන සුළුතර ප්‍රජාවන්ට විරුද්ධ බෞද්ධ මූලධර්මවාදී බලවේගයක් වන බොදු බල සේනා සංවිධානයේ ගලබොඩ අත්තේ ඥානසාර හිමියන් නඩුව විභාග වන අතරතුර අධිකරණයට බලනේ ඇතුළු වී ප්‍රකාශයක් කිරීම මගින් අධිකරණයේ කටයුතු වලට බාධා කළේය. පසුව ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට අපහාස කිරීම යන චෝදනාව යටතේ රිමාන්ඩ් භාරයට ගැණිනි. දින කිහිපයකට ඉහතදී මූක්‍ය අක්‍රමිකතා පිළීබද චෝදනා යටතේ අත්අඩංගුවට ගත් යෝෂිත රාජපක්ෂ නිදහස් කරන මෙන් ඉල්ලා සිටින ඒකාබද්ධ විපක්ෂය යැයි කියා ගන්නා පිරිස එවන් තර්කයක්ම ඉදිරිපත් කරයි. ඔහුගේ පියා මෙහෙය වූ රෙජීම දෙමල ඊලාම් කොටින් පැරදිවූ නිසා දෙමල ඩයස්පෝරාව සතුටු කිරීම සදහා රාජපක්ෂ පවුල විනිදිතයන් කිරීමට උත්සහ දරන බව ඔවුන් පවසයි.

ජාතික ධනය කොල්ලකෑම සහ අනෙකුත් දරුණු අපරාධ වලට අදාල නීති පටිපාටිය ක්‍රියාත්මක කරන මෙන් සහ එම අපරාධ පිළීබදව දැඩි ස්ථාවරයක් ගන්නා මෙන් අපි ඉල්ලා රජයෙන් ඉල්ලා සිටිමු. ඔවුන්ගේ උපක්‍රමය වන්නේ අතාර්තික අනාරක්ෂිත හැගීම් වැපිරීම සහ විවිධ පුද්ගලයන්ට සහ රාජ්‍ය විව්‍යුහයන් කෙරහි ප්‍රචණ්ඩකාරී අදහස් වැපිරවීමයි. ඔවුන්ගේ උත්සහ කරන්නේ ඒවා දුර්වල කර ඔවුන්ගේ කෙටි කාලීන සහ දිගු කාලීන දේශපාලන අරමුණු කරා ළගා වීමටයි. 2014 දී මුස්ලිම් ජනතාවට සහ දේපළ වලට කළ ප්‍රහාර පිළිබද බොදු බල සේනාවේ සම්බන්ධය පිළිබද රජය විමර්ශනයට කර අපරාධරුවන් නීතිය හමුවට ගෙන ආ යුතුයි. මෙම අපරාධ පිළිබද නිසි පියවර නොගත හොත් ෆැසිස්ට් වාදී ජනතා විරොධී දේශපාලන ව්‍යාපාරයක් ගොඩ නැගීමට අවස්ථාව ලැබෙනු ඇත.

සැබෑ බෞද්ධාගමික නායකයන් සහ බෞද්ධ ජනයා එක්ව, අනෙක් ආගම් වලට සාමය සහ කරුණාව දක්වන බෞද්ධ ඉගැන්වීම් විනාශ කරන පුද්ගලයන්ගෙන් බුදු දහම බේරා ගත යුතුයි. ඔවුන්ගේ මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී, ව්‍යාජ ජාත්‍යාලය වැපිරීමට ඉඩ දුන්නොත් ප්‍රතිසන්ධාන පුයත්නයන් බිද වැටෙනු ඇති අතර වාර්ගික යුද්ධයකට සුදුසු දේශපාන තත්ත්වයන් නැවත ඇති වනු ඇත.

දකුණේ මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී ගෝත්‍රික බලවේගයන් පැරදීමට ඉදිරියට එන ලෙසත් බහු ප්‍රජාතන්තවාදී පදනමක් මත ශ්‍රී ලංකා ජාතිය ගොඩනංවන ජනවාර්ගි සාමය සහ ප්‍රතිසංධානය සදහා වූ උත්සහයන් දිගටම පවතින බව තහවුරු කරන ලෙස සියළු ප්‍රජාතන්ත්‍රවාදී සහ ප්‍රගතශීලී බලවේගයන්ගෙන් අපි ආයාචනා කරමු. ජනවාරි 08 වන දින ජය තහවුරු කළ සිවිල් සමාජ සංවිධාන සහ මිලියන ගණනක් වූ ජනතාව මේ පිළිබද අවධියෙන් සිය යුතු අතර එම ඓතිහාසික ජයග්‍රහන වඩා ශක්තිමත් කර ගැනීමටත් ආරක්ෂා කර ගැනීමටත් පෙරට ආ යුතුය. නොඑසේ නම් ජාතික ධනය සොරා කෑ දුෂ්ඨ පාලකයන් නැවත බලයට පැමිණ ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහනය විනාශ කරනු ඇත. මෙම බලවේගයන් නතර කිරීම සදහා වූ අපේ උත්සහයන් වඩා බලවත් කළ යුතුය.

පසුගිය වසරේ ජනවාරියේ දූෂිත රජපක්ෂ රෙජීමය පරාජය කිරීමට ප්‍රජාතන්ත්‍රවාදී බලවේග වලට හැකි වූවක් මෙන් අප එක්සත් නම් මෙය කළ හැකිය.
ජනතා ප්‍රජාතන්ත්‍රවාදී මධ්‍යස්ථානය
වෙනුවෙන් වෛද්‍ය රිචඩ් පෙරේරා සහ දයාපාල තිරාණාගම

Archive

Latest news

Related news