Sunday, April 28, 2024

ඇඹිලිපිටියේ මිය ගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ බිරිඳට ජීවිත තර්ජන

( ශෂිකා නිශාමනි මුණසිංහ )

ඇඹිලිපිටියේ දී පොලිසිය හා සාදයක් පැවති නිවසක පිරිසක් අතර ඇතිවූ ගැටුමින් මියගිය විසිනව හැවිරිදි එක් දරු පියාගේ මරණය සම්බන්ධයෙන් ඇඹිලිපිටිය පොලිස් බලප්‍රදේශය බාරව හිටපු සහකාර පොලිස් අධිකාරී ඩී.ඩබ්.සී.ධර්මරත්න අද අඟහරුවාදා රහස් පොලිසිය විසින් සැක පිට අත්අඩංගුවට ගෙන තිබේ.

ජිවිත තර්ජන

සැමියාගේ ඝාතකයන් නීතියේ රැහැනට ගෙන එන්නට විවධ පාර්ශවයන් සමග අත්වැල් බැදගෙන කටයුතු කරන තමන්ට දැන් ජිවිත තර්ජනයක් එල්ලවී ඇතිබව මියගිය තැනැත්තාගේ ගැබිනි බිරිද ශෂිකා නිශාමනී මුණසිංහ මේ අතර පවසයි.

තම සැමියාගේ ඝාතකයන් සොයා ගැනීමට වෙහෙසෙන මේ මොහොතේ මේ සියලු ක්‍රියාවන් නවත්නන්නැයි ඇඹිලිපිටිය ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරික කාන්තාවක් සහ හිමිනමක් බලපෑම් කරන බැවින් දැන් තමන්ගේ සහ තම දියනියගේ ජිවිත ගැන බියත් ඇතැයි ශෂිකා නිශාමනි මුණසිංහ පවසන්නීය.

තම සැමියාගේ මරණ පරීක්ෂණය පැවැත්වුණ පසුගිය ජනවාරි 27 දින ඇගේ සාක්කියෙන් කියවුණ පුද්ගලයන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස අතිරේක මහේස්ත්‍රාත්වරයා කළ නියෝගය කියාත්මක වුයේ අදයි.

බලපෑම්

මෙම ව්‍යාපාරික කාන්තාව ඇගේ හිතවත් නායක හාමුදුරු නමකගේ පදනමකින් තමන්ට මුදල් දෙන බව පවසා සැමියාගේ මරණය සම්බන්ධ කටයුතු ඉදිරියට ගෙන නොයන ලෙස ඉල්ලා සිටියේ යැයි ද ඇය කියා සිටින්නීය.

ජනවාරි විසි අට වෙනි දින සිට තමන්ට ඇය හමු වන ලෙස දුරකතන ඇමතුම් ලැබෙන බව පවසන ශෂිකා නිෂාමනී පෙබරවාරි පළමුවැනිදා මෙම ව්‍යාපාරික කාන්තාවට නොදන්වා මවත් දියණියත් සමග ගොස් ඇය හමුවු බව ද පැවසුවාය.

මෙම ව්‍යාපාරික කාන්තාව සමාජයේ විවිධ තනතුරු හොබවන බවත් තමා මාධ්‍යවේදිනියක බවත් ඇය පැවසුවේ යැයි ද ශෂිකා නිෂාමනී ප්‍රකාශ කළාය.

කෙසේ වෙතත් මෙම ව්‍යාපාරික කාන්තාව දන්නා හදුනන නායක හාමුදුරු නමකගේ ආරක්ෂාව තමන්ට ලැබෙන නිසා මෙය රහසක් ලෙස තබා ගන්නා ලෙස එම ව්‍යාපාරික කාන්තාව ඉල්ලා සිටි බවද ඇය තවදුරටත් පැවසුවේය.
නීතිපතිවරයාට නියෝගයක්

මේ අතර එම සිද්ධියේදී මිය ගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධන නමැත්තාගේ මරණයට වගකිවයුතු පොලිස් නිලධාරීන්ට එරෙහිව කෘර වධහිංසා වැළැක්වීමේ ජාත්‍යන්තර ප්‍රඥප්තිය යටතේ නඩු පවරන මෙන් නීතිපතිවරයාට නියෝගයක් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ද අද අඟහරුවාදා ඉදිරිපත් කෙරිණ.

මියගිය තැනැත්තාගේ බිරිය සහ අදාළ පොලිස් පහරදීමෙන් පිඩාවට පත් සිවිල් වැසියන් තිදෙනෙකු විසින් අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

පෙත්සම්කරුවන් පවසනේ පොලිස් නිලධාරින් සිදු කළ පහරදීමක් හේතුවෙන් සුමිත් ප්‍රසන්න ජයවර්ධන ගේ මරණය සිදුවූ බවයි.

මිට පොලිසිය ඍජු ලෙසම වගකිව යුතු බව පවසන පෙත්සම්කරුවෝ ඔවුන්ට එරෙහිව කෘර වධහිංසා පනත යටතේ නඩු පවරන මෙන් නීතිපතිවරයාට නියෝගයක් පනවන ලෙසද අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

පෙත්සම්කාර පාර්ශවයේ නීතිවේදී ප්‍රියලාල් සිරිසේන කියා සිටියේ වධහිංසා සිද්ධීන් වලට සම්බන්ධ පොලිස් නිලධාරින්ට එරෙහිව කෘර වධහිංසා පනත යටතේ නඩු පැවරීමට නීතිපතිවරයා මැලිකමක් දක්වන බවයි.

යුක්තිය ඉල්ලා සිටින ප්‍රදේශවාසීන්
යුක්තිය ඉල්ලා සිටින ප්‍රදේශවාසීන්

රුපියල් කෝටියක වන්දියක්

මෙම පනත යටතේ නඩු පැවරීම තුළින් පොලිස් නිලධාරින් පරීක්ෂණ කටයුතු කිරීමට අධෛර්යමත් වනු ඇති බවට නීතිපති දෙපාර්තමේන්තු පාර්ශවය ඉදිරිපත් කරන තර්කය පිළිගත නොහැකි බවයි පෙත්සම්කාර පාර්ශවයේ නීතිවේදී ප්‍රියලාල් සිරිසේන ප්‍රකාශ කලේ.

අදාළ පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, ඇඹිලිපිටිය සහකාර පොලිස් අධිකාරිවරයා ඇතුළු පොලිස් නිලධාරින් නව දෙනෙකු නම් කර තිබේ.

පොලිස් පහර දීමෙන් සිදුවූ මරණය හේතුවෙන් වූ මුලික අයිතීන් කඩවීම වෙනුවෙන් වග උත්තරකරුවන්ගෙන් රුපියල් කෝටියක වන්දියක් අය කර දෙන නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරුවෝ අධිකරණයෙන් ඉල්ලා සිටිති.

– බීබීසීසිංහල

Archive

Latest news

Related news