Sunday, April 28, 2024

අපේ ඉඩම් අපට දෙන්න – මුලතිව්හි උද්ඝෝෂණයක්

පසුගිය ජනවාරි 18වන දින උදෑසන  09.30 ට පමණ වැලිඔය, කෝකිලායි, කොක්කුතුඩුවායි හා කර්නාටකේනි යන ප්‍රදේශයන්හි පදිංචි දෙමළ වැසියන් විසින් අපේ ඉඩම් අපට දෙන්න යැයි උද්ගෝෂණයක් පවත්වන ලදී, වැලිඔය ප්‍රදේශයේ ඔවුන්ට අයත්ව පැවති ඉඩම් අක්කර 2149 ක් (කුඹුරු අක්කර 929 ක්ද ඇතුලත්ව) පසුගිය යුද වාතාවරණය හේතුවෙන් අතහැර දමා යාමෙන් පසු මහවැලි සංවර්ධන අධිකාරිය මගින් සිංහල වැසියන්ට ලබාදී ඔවුන් පදිංචි කර ඇති බව ඔව්හු පවසති.  මෙම ඉඩම් කොල්ලයට විරෝධය පළකර මුලතිව්  දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටදි මෙම උද්ඝෝෂණයක් පවත්වන ලදී.

මෙම උද්ඝෝෂණය එම ප්‍රදේශයේ ගොවි සමිති වල සභාපතිවරුන් විසින් සංවිධානය කර ඇති අතර, ඒ සඳහා දැනට ඉහත ගම්මානයන්හි පදිංචිව සිටින ඉඩම් අහිමිවු ජනතාව ඇතුළු 140 – 150 කට ආසන්න පිරිසක් බස් රථ 03 කින් මුලතිව් දෙමළ  මහා විද්‍යාලය අසලට රැස්ව එතැන් සිට දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කරමින් පාගමනින් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටට ගොස් උද්ඝෝෂණයේ නිරතවී ඇත.

උද්ඝෝෂණයට සහභාගිවුදෙමළ වැසියන් විසින් වැලිඔය ප්‍රදේශයේ මීට වසර 100 කට පමණ පෙර සිට පදිංචිවී සිටි බවත් එම ඉඩම් සඳහා 1950 වර්ෂයේ ලබාදුන් ඔප්පු ඔවුන් සතුව ඇති බවත් පවසති. මෙම උද්ඝෝෂණය අවසන්වන අවස්ථාවේ දමිළ ජාතික සන්ධානයේ වන්නි දිස්තී්‍රක් පාර්ලිමෙින්තු මන්ත්‍රිනි ශාන්තිණී ශ්‍රි ස්කන්ධරාසා සහ උතුරු පළාත් සභා උප සභා නායක මරියන්පිල්ලේ ඇන්ටනි ජෙගනාදන් මන්ත්‍රිවරුන් සහභාගීවී තිබේ.  උද්ඝෝෂණය අවසානයේ පැමිණ සිටි පිරිස විසින් සකස් කරන ලද ලිපියක් මුලතිව් අතිරේක දිස්ත්‍රික්ක ලේකම් මෝහනරාඡ් වෙත භාරදීමෙන් අනතුරුව 10.30 ට පමණ විසිර යන ලදී.

උද්්ඝෝෂනණ යෙදුන පිරිස්
උද්්ඝෝෂනණ යෙදුන පිරිස්

( ටැමිල් ටී නිව්ස් ඇසුරෙනි)

Archive

Latest news

Related news