Thursday, April 25, 2024

වගවීමේ දේශීය යාන්ත්‍රණයන් සඳහා කාර්ය සාධක බලකාය සරවනමුත්තු සහ මුත්තෙට්ටුවේගම ප්‍රධානත්වයෙන්

( අධිනීතිඥ මනෝරී මුත්තෙට්ටුාව්ගම)

(ශ්‍රී ලංකා බ්‍රීෆ්)
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාන්ඩුවේ ද එකගතාවය ඇතිව සම්මත කල ‘ ශ්‍රී ලංකාවේ මානව හිමිකම්, වගවීම සහ සංහිදියාව ප්‍රවර්ධනය කිරීම සදහා වූ යෝජනාවට අනුව යෝජිත වගවීමේ දේශීය යාන්ත්‍රණයන් පිහිටුවීම පිණිස කාර්ය සාධක බලකායක් ආණ්ඩුව දැන් ස්ථාපිත කර තිබේ.

මෙම කාර්ය සාධක බලකාය පිහිටුවා ඇත්තේ විදේශ අමාත්‍යාශයේ එක්සත් ජාතින්ට අදාළ ඒකකය යටතේ ය. මෙම කාර්ය සාධක බලකාය සඳහා ආරාධනා යවා ඇත්තේ පසුගිය දෙසැම්බර් 16දා අමාත්‍ය මංණ්ඩලය විසින් අනුමත කරන ලදුව අගමැති කාර්යාලයේ පිහිටුවා ඇති සංහිදියා යාන්ත්‍රණයන් සම්බන්ධිකරණය කිරීමේ ලේකම් කාර්යාලයේ ලිපි ශිර්ෂ යටතේ ය.

කාර්ය සාධක බලකායේ සභාපතිනිය ලෙස අධිනීතිඥ මනෝරී මුත්තෙට්ටුවගම මහත්මිය ද එහි ලේකම් ලෙස විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයෙහි /විධායක අධක්ෂක ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු ද කටයුතු කරයි.

1995 චන්ද්‍රකා කුමාරතුංග ජනාධිපතිනිය විසින් පත් කරන ලද අතුරුදහන්වීම් සොයා බැලූ කොමිෂන් සභා දෙකක ප්‍රධානත්වය දැරූ නම් දැරූ මානව හිමිකම් ආරක්ෂිකාවක වන මනෝරී මුත්තෙට්ටුවේගම සමසමාජ නායකයකු වූ ආචාර්ය කොල්වින් ආර් ද සිල්වාගේ දියණියක වන අතර කොමියුනිස්ට් පක්ෂ නායකයකු වූ සරත් මුත්තෙටට්ටුවේගම ගේ බිරිඳ ද වේ.

මෙම කාර්ය සාධක බලකාය නම් කර ඇත්තේ සමූපදේශ කාර්ය සාධක බලකාය ( consultation task force) යනුවෙනි. ලබන මාර්තු මාසය වන විට තොරතුරු හා අදහස් ලබා ගැනීමේ පුළුල් ක්‍රියාවලියකින් පසු එය ආණ්ඩුවට සිය නිර්දේශ ඉදිරිපත් කරනු ඇත. මෙම නිර්දේශ මගින් මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවෙහි සඳහන් වන සහ කවුන්සිලය හමුවෙහි විදේශ ඇමැති මංගල සමරවිර කළ කතාවෙහි අඩංඟු වගවීමේ සිව් වැදැරුම් යාන්ත්‍රණයන් පිහිටුවිය යුත්තේ කෙසේදැයි සැකිල්ලක් ඉදිරිපත් කරනු ඇතැයි විශ්වාස කැරේ.

මෙම සමූපදේශ කාර්ය සාධක බලකායට අමතරව එයට උපදෙස් දෙන විශේෂඥ කමිටුවක් ද ප්‍රාදේශීය නියෝජනයන් සහිත නියෝජන විශේෂඥ කමිටුව නමින් තවත් ආයතන දෙකක් පිහිටවා තිබේ. තවමත් නියෝජන විශේෂඥ කමිටුව පිහිටුවා නැති අතර අනෙක් ආයතන දෙක සඳහා පුද්ගලයින් නම් කර තිබේ.

මෙම ආයතන සඳහා පසුගිය පස් වසර පුරා ජිනිවා මානව හිමිකම් කවුන්සිලයට සහ සහ නිව්යෝක් නුවර එක්සත් ජාතින්ගේ සංවිධානයේ සැසිවාරයන්ට සහභාගි වෙමින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සහ වගවීම සම්බන්ධයෙන් උපදේශනයන්හි යෙදුණූ බෙහෝ දෙනෙක් ද ඇතුළත්ව සිටිති.

ඒ අතර භවානි පොන්සේකා, නිමල්කා ප්‍රනාන්දු, සුදර්ශන ප්‍රනාන්දු, නිරාන් අන්කටෙල්, බ්‍රිටෝ ප්‍රනාන්දු, යන අය වෙති. ඊට අමතරව දෙමළ ජාතික මහාචාර්යවරු සහ සමාජ ක්‍රියාධරයෝ ගණනාවක් ද ඊට අයත් වෙති. මානව හිමිකම් කොමිසමෙහි සභාපතිනිය වන ආචාර්ය දීපිකා උඩගම ද නම් කරන ලද පිරිස අතර වේ.

දැනටමත් සිය කටයුතු ආරම්භ කර ඇති මෙම සමූපදේශ කාර්ය සාධක බලකාය නුදුරු දිනෙක ප්‍රසිද්ධියට පමුණුවනු ඇතැයි ද වාර්තා වේ.

Archive

Latest news

Related news