Sunday, April 28, 2024

ප්‍රගීත් ඝාතන සැකකරුවන් දිගටම බන්ධනාගාර රොහලේ සිටීම ගැන පරීක්ෂණයක්!

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් හය දෙනා මාස හයකට අධික කාලයක් වැලිකඩ බන්ධනාගාර රෝහලේ සිටීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීම සම්බන්ධයෙන් පැවැති නඩු විභාගය පසුගියදා හෝමාගම අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මේ බව හෙළිදරව් වූ අතර ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා විසින් සැකකරුවන් මාස හයක් පමණ කාලයක් බන්ධනාගාර රෝහලේ සිටින බවට අනාවරණය කිරීමත් සමගය.

මෙම සැකකරුවන් හයදෙනා වැලිකඩ බන්ධනාගාර රෝහලේ දිගින් දිගටම සිටීම රඳවා සිටිම සම්බන්ධයෙන් එහිදී මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශකර සිටියේ සැකකරුවන් සම්බන්ධ වාර්තාවක් වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයාගෙන් කැඳවන ලෙසය. ඒ අනුව මේ වනවිට එම සැකකරුවන් හය දෙනාගෙන් ප්‍රකාශ සටහන් කරගැනීම ආරම්භ කර ඇති බවත් ඔවුන්ගේ රෝගී තත්වයන් පිළිබඳව විස්තර වාර්තාවක් ලබා ගෙන ඇතැයිද වාර්තා වේ.

සැකකරුවන් බන්ධනාගාර රෝහලේ මාස හයකට අධික කාලයක් සිටීම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් නිශාන් ධනසිංහ මහතාද වැලිකඩ බන්ධනාගාර කොමසාරිස්වරයාගෙන් වාර්තාවක් කැඳවා ඇත
– Lanka Truth

Archive

Latest news

Related news