Sunday, April 28, 2024

ප්‍රගීත් පැහැර ගැනීමේ නඩුවට හමුදාපති අත්අඩංගුවට ගන්න පුලුවන් – මහේස්ත්‍රාත්

ශ්‍රී ලංකා බ්‍රීෆ්/12.01.2016)

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ පැහැර ගැනීම සම්බන්ධයෙන් අවශ්‍ය තොරතුරු සැපයීම වළක්වන්නේ නම් දණ්ඩ නීති සංග්‍රහයේ 185වන වගන්තිය යටතේ හමුදාපති අත්අඩංගුවට ගත් හැකි බව හෝමාගම මහේස්ත්‍රාත් රංග ජයසූරිය ඊයේ අනතුරු හැඟවීය.

මෙසේ අනතුරු හඟවන ලද්දේ ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදහන්වීම සම්බන්ධයෙන් පවරා ඇති හබයාස් කෝපුස් නඩුව ඊයේ එනම් ජනවාරි 11දා විභාගයට ගත් අවස්ථාවේදී ය.

මෙම නඩු විභාගය 2010 වසරෙහි සිට ඇදී එන්නේ පොලීසිය, යුදහමුදාව සහ අධිකරණය විසින් දිගින් දිගටම විවිධ හේතූන් උඩ එය කල් දමන ලද බැවිනි.

ප්‍රගීත් එක්නැළිගොඩ පැහැර ගන්නා ලද 2010 ජනවාරි 24දා ආසන්නයේ සැකකාර යුද නිලධාරීන්ගේ ගමන් බිමින් වාර්තා අධිකරණයට ලබා දීම යුද හමුදාව උවමනාවෙන්ම පමා කොට තිබේ. එය ලබා දී ඇත්තේ අදාළ සතියට පෙර සහ පසු සතියේ දත්ත පමණකි.

තවද පැහැර ගැනීම සිදුවූ දිනයට අදාළ දුරකථන වාර්තා සැපයීම ප්‍රතික්ෂේප කළ රාජපක්ෂවාදී ව්‍යාපාරිකයකු වන ඩයලොග් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ද දැන් අධිකරණය හමුවේ මර්දනය වී තිබේ. එදිනට අදාළ දත්ත යළි සොයා ගැනීම පිණිස ඩයලොග් සමාගම විශේෂ උපකරණ ගෙන්වා ඇති බව ද වාර්තාවේ.

ප්‍රගීත් පැහැර ගැනීම සහ ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවෙහි සිටින හමුදා නිලධාරීන් දස දෙනාම බන්ධනාගාර රෝහලෙහි රඳවා තබා ඇත්තේ කුමන පදනමක් යටතේදැයි සොයා බලා වාර්තා කරන ලෙස හෝමාගම මහේස්ත්‍රාත් විසින් එදින නියෝග කර තිබේ.

ජනාධිපති ලේකම් හෙට්ටිආරච්චි විසින් මෙම නඩු වභාගයෙන් ඉවත් කරන ලෙස නීතිපති දෙපාර්ථමේන්තුවට දන්වන ලද ජේෂ්ඨ රජයේ නීතිඥ දිලීප පීරිස් මෙම නඩු විභාගය ද මෙහෙයවන ලදී.

  • ශ්‍රී ලංකා බ්‍රීෆ්

Archive

Latest news

Related news