Sunday, April 28, 2024

ජනපතිතුමෙනි, නත්තල් මංගල්‍ය වෙනුවෙන් දෙමළ දේශපාලන රැඳවියන් නිදහස් කරන්න – සීඑස්එම්

ක්‍රිස්තියානි පූජ්‍ය පක්ෂයේ 18 දෙනෙකුගේ අත්සනින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවන ක්‍රිස්තියානි සහයෝගිතා ව්‍යාපාරය ( සීඑස්එම්)නත්තල් මාගල්‍ය වෙනුවෙන් දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා සිටී. ඇගිලි දහසක මාලයක් සැකසීමට මිනිසුන් මරමින් ඇවිද ගිය අංගුලි මාලට සමාව දුන් බුදු සමිදුන් ඒ සමාව තුළින් අංගුලිමාල තෙරුන් බවට පත්වීමේ ඉඩහසර ලබාදුන් බවත්
නත්තලේ උපන් කිතු තුමා  පවසා තිබෙන්නේ ද අපට ගැලවීම ලැබෙන්නේ අප අතර සිටින පීඩිතයාට නිදහස අත්කර දීමට අප කැපවන තරමට බවත් සහි කරන එම ලිපිය පහත පළවේ.

2015.12.23                                                                                                                                                                              ගරු ජනාධිපතිතුමා,
ජනාධිපති ලේඛම් කාර්යාලය,
කොළඹ 01.

නත්තල් මංගල්‍ය වෙනුවෙන්, දෙමළ දේශපාලන රැඳවියන් නිදහස් කරන ලෙසට කරන ආයාචනයයි.

ගරු ජනාධිපති තුමෙනි,
සාමය උදාකර ගැනීමට සමාව දීමත්, වරදින් මිදි ජීවත් වීමට අවශ්‍ය පසුබිම සකසා දීමත්, අත්‍යාවශය බව අවධාරනය කරනු ලැබු උතුම් ආගමික නායකයෙකු වන සාමයේ කුමාරයාණන්ගේ උප්පත්ති මංගල්‍ය වෙනුවෙන් ඔබ තුමන් සතු බලතල යොදාගෙන ඔබ තුමන්ගේද පොරොන්දුවක් වු දමිල දේශපාලන සිරකරුවන්ට නිදහස ලබාදෙන ලෙස මෙහි පහත අත්සන් තබන පුද්ගලයින් වන අපි ඔබ තුමන්ගෙන් බලාපොරොත්තු සහගතව ඉල්ලා සිටිමු.

දෙමල දේශපාලන සිරකරුවන් නිදහස් කිරිම පිළිබඳ ප‍්‍රශ්නය මේ මොහොතේ සිරවි තිබෙන්නේ ඔබ තුමන් හෝ අග‍්‍රාමාත්‍ය තුමන් එසේ කිරිමට අකමැති නිසා නොව, ජාතිවාදි බලවේගවල තෙරපුම දේශපාලනිකව කෙසේ බලපාන්නේද යන්න මත බව අප සැමට වඩා ඔබ තුමා දන්නා බව අපි දනිමු.

රාජපක්ෂ රෙජිමය පරදවා ජනතාව වෙනත් රජයක් හා ජනපති කෙනෙකු පත්කරගත්තේ වෙනස් ආදර්ශයක් වෙනුවෙනි. පැවැති රාජ පක්ෂ රෙජිමය පවා දැනට සිටින දේශපාලන සිරකරුවන් සේම හෝ ඊටත් වඩා කරුණු මත සිරගත කල හැකි වු දහස් ගණනක් යුද්ධය අවසානයේදි නිදහස් කල බව ඔබ තුමන් හොදින් දනී. දැනට සිටින දේශපාලක සිරකරුවන් අතරේ කරුනා අම්මාන්, වැන්නවුවන් නොවන බවද ඔබ තුමන් දනී. ප‍්‍රජාතන්ත‍්‍රවාදි සමාජයකදි දේශපාලනයේ යෙදීමේ නිදහස හිමි කර දීම අත්‍යාවශයය. .

ඔවුන් සියලූ දෙනා ඔබ තුමන් නිතර පවසන ආකාරයට රටේ ජාතින්ගේ ප‍්‍රශ්නය නැමැති දේශපාලන ප‍්‍රශ්නයට දේශපාලන විසඳුමක් දීමට රට අපොහොසත් වීම නිසා, පැන නැගුන අරගලයක ප‍්‍රතිඵලය වෙති. 1971 දී හා 1988, 89 දී රටේ දකුනින් මතු වු එවැනි තරුණ නැගිටිම් වලට සම්බන්ධ වු සියලූ දෙනාටම පාහේ නිදහස ලබාදුන් බවද ඔබ තුමන් දනි. එහිදි දකුනේ බලවේග කිසිවක් ඊට විරුද්ධ නොවු බවද ඔබ තුමන් දනි.

ආගමික ජාතික සංහිදියාව වෙනුවෙන් පෙනි සිටින ඔබ තුමන් කිතු දහමේ සාරාර්ථය ගැන අවධානය යොමුකරන්නේ නම් ගල්ගසා මරා දැමීමට නියම වු පව්කාරියව පවා කිතු තුමන් ගලවා ගත් බවත්, ඇයට සමාව දි නව ජීවිතයක් ගත කිරිමට ඉඩ දුන් බවත්, මතක් කිරිමට කැමැත්තෙමු.

එසේම ඇගිලි දහසක මාලයක් සැකසීමට මිනිසුන් මරමින් ඇවිද ගිය අංගුලි මාලට සමාව දුන් බුදු සමිදුන් ඒ සමාව තුළින් අංගුලිමාල තෙරුන් බවට පත්වීමේ ඉඩහසර ලබාදුන් බව ඔබ තුමන් දනී.

නත්තලේ උපන් කිතු තුමා අපට පවසා තිබෙන්නේ අපට ගැලවීම ලැබෙන්නේ අප අතර සිටින පීඩිතයාට නිදහස අත්කර දීමට අප කැපවන තරමට බවයි. කිතු තුමා සියළු පීඩිතයින් හා අනන්‍ය වේ.

‘‘මම කුසගිනිව සිටියෙමි. ඔබ මට කන්නට දුන්නාද?’’ ‘‘මම පිපාසයට සිටියෙමි. ඔබ  මට බොන්නට දුන්නාද?’’ ‘‘මම සිරගතව සිටියෙමි. ඔබ මා බලන්න ආවාහුද?’’ කියා එතුමා අන්තිම විනිශ්ච්චයේදි අපෙන් අසන බවත්, ඔබ අතර ඉතාම සුළු තැනැත්තෙකු වුවද එසේ සිටියානම් ඒ සිටියේ ඔබ යැයි කිතු තුමින් අපට පවසා ඇත.

ගරු ජනාධිපති තුමෙනි, ඒ විශ්වාසය මත පිහිටා සැබැ නත්තල සැමරීමක් සඳහා කල යුතු ධර්ම කි‍්‍රයවක් ලෙස, දෙමල දේශපාලන සිරකරුවන්ට නත්තල වෙනුවෙන් ජනපති සමාවක් ලබා දෙන මෙන් අපි සාමයේ කුමාරයාගේ නාමයෙන් ඔබෙන් ඉල්ලා සිටිමු.

සාමය හා සංහිදියාව වෙනුවෙන් කැප වුනු නායකයෙකු ලෙස ප‍්‍රැන්සිස් සුදතුම් පියාණන්ගේ ද ඇගයුමට නොබොදා ලක් වු ඔබ තුමන්, සාමය හා සංහිදියාවට තබන එඩිතර පියවරක් ලෙස මෙම පියවර ගනු ඇතැයි අපි අපෙක්ෂා කරමු.
සුබ නත්තලක් වේවා !

ස්තූතියි,
මෙයට –  විශ්වාසී
කි‍්‍රස්තියානි සහයෝගිතා ව්‍යාපාරය
1    ගරු සරත් ඉද්දමල්ගොඩ පියතුමා
2    ගරු ෂෙරාඞ් ජයවර්ධන පියතුමා
3    ගරු මාරිමුත්තු සතිවේල් පියතුමා
4    ගරු රෝහිත ද සිල්වා පියතුමා
5    ගරු ටෙරන්ස් ප‍්‍රනාන්දු පියතුමා
6    ගරු අශෝක් ස්ටීවන් පියතුමා
7    ගරු බර්නාර්ඞ් රේහාර්ට් පියතුමා
8    ගරු නන්දන සපරමාදු පියතුමා
9    ගරු ඇන්ටන් ජයනන්ද පියතුමා
10    ගරු දීපා ප‍්‍රනාන්දු පැවදි සොයුරිය
11    ගරු නොයෙල් ක‍්‍රිස්ටීන් පැවදි සොයුරිය
12    ගරු ඇන්ජලා ප‍්‍රනාන්දු පැවදි සොයුරිය
13    ගරු ඈන් පෙරේරා පැවදි සොයුරිය
14    ගරු බියටි‍්‍රස් ප‍්‍රනාන්දු පැවදි සොයුරිය
15    ගරු රසිකා පීරිස් පැවදි සොයුරිය
16    ගරු රමණි ප‍්‍රනාන්දු පැවදි සොයුරිය
17    ගරු මිල්බර්ගා ප‍්‍රනාන්දු පැවදි සොයුරිය
18    ගරු හෙලන් ප‍්‍රනාන්දු පැවදි සොයුරිය
19    මහින්ද නාමල් මයා
20    නිමල් පෙරේරා මයා
21    සිරිමල් පීරිස් මයා
22    ලාල් ලක්‍ෂමන් මයා
23    අජිත් හැඞ්ලි මයා
24    රොෂානි ප‍්‍රනාන්දුපුල්ලේ මිය
25    බෙරිල් පෙරේරා මෙය
26    ස්කොලස්ටිකා සිල්වා මෙය
27    ජූඞ් ප‍්‍රීමන් මයා
28    මෙලනි මානෙල් පෙරේරා මෙය ඇතුළු ක‍්‍රිස්තියානි සහයෝගීතා ව්‍යාපාරයේ සියලුම පසු පෙළ සාමාජීකත්වයන්.

Archive

Latest news

Related news