Sunday, April 28, 2024

මාධ්‍යවේදීන් මුවාවෙන් බුද්ධි අංශය යාපන ජනතා හමුවකට ඇතුල්වෙයි

( මාධ්‍ය වේදීන් ලෙස බුද්ධි අංශ නිලධාරීන් යෙදූ අත්සන්)

අතුරුදහන්වූවන්ගේ ඥාතීන් සහභාගිවූ ශාලාවට මාධ්‍යවේදීන් යැයි තමන්ව හඳුන්වා ගෙන බුද්ධි අංශයේ නිළධාරීන් දෙදෙනෙකු සභාගිවී තිබේ.

යාපනය වීරසිංගම් ශාලාවේ ඊයේ (08) දින අතුරුදහන්වූවන්ගේ ඥාතීන් අතර සාකච්ඡා හමුවක් පැවැත්විණි. එහිදී බුද්ධි අංශයේ නිළධාරීන් දෙදෙනෙකු ද පැමිණ ඇතයි වාර්තාවේ.

එම දෙදෙනා ඉකුත් සාකච්ඡාවට සහභාගිවූවන්ව රහසිගතව ඡායාරූප ගතකර ඇති අතර, එදින පැවැති සාකච්ඡාව සම්පූර්ණයෙන් පටිගතකරගෙන තිබේ. එම දෙදෙනා එහි තිබූ පැමිණිමේ ලේඛණයෙහි තමන් මාධ්‍යවේදීන් බවට සඳහන් කර තිබේ

– ග්ලෝබල් ටැමිල් නිව්ස් –

Archive

Latest news

Related news