Saturday, May 4, 2024

රාජපක්ෂ රාජ්‍ය නොවන සංවිධාන තහනම් කරත්දී ශිරන්තිගේ එන්ජීඕවට කෙලින්ම චීනයෙන් මුදල්

(ප්‍රෂ්පා සහ ශිරන්ති රාජපක්ෂ: එක වල්ලේ පොල්)
(ශ්‍රී ලංකා බ්‍රීෆ්) නීත්‍යනුකූලව මෙරට දිර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය රාජ්‍ය නොවන සංවිධානයන්ට බාදා පිට බාදා පනවමින් තහනම් නීති ගෙන ආ ජනාධිපති රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂට චීනයේ සිට කෙලින්ම මුදල් එවා ඇති බව දැන් හෙළිදරව් වී තිබේ.

ශිරන්ති රාජපක්ෂ හොර හැදුනම්පත් අංක මගින් ආරම්භ කළ ඇයගේ සිරිලිය ගිනුමට මෙම මුදල චීනයේ සිට කොලින්ම එවා ඇත්තේ 2010 වර්ශයේ දී ය.

ශ්‍රී ලංකාවේ නීතිය අනුව රාජ්‍ය නොව සංවිධානයන්ට ලැබෙන විදේශ ආධාර පැමිනිය යුත්තේ මහ බැංකුව හරහා පමණි. ඍජුව විදේශ මුදල් ආධාර රාජ්‍ය නොවන සංවිධාන ගිනුම්වලට ලැබීම තහනම් ය.

එසේ නමුත් 2010 වර්ශයේ දී ශිරන්ති රාජපක්ෂගේ සිරිලිය ගිනුමට චීන රජයෙන් ඇමෛරිකානු ඩොලර් 75,000ක් එනම් රුපියල් කෝටියක් පමණ කෙලින්ම එවා තිබේ.
මෙයට පෙර හෙළිදරව් වූයේ ශිරන්ති රාජපක්ෂගේ නෑනා වූ බැසිල් රාජපක්ෂගේ බිරිඳගේ නමින් ම වූ ඇයගේ එන්ජිඕව වූ පුෂ්පා රාජපක්ෂ පදනමට ශ්‍රී ලංකාවේ කොන්ත්‍රාත් කරමින සිටි චීන සමාගමකින් ඇමෙරිකානු ඩොලර් 70, ගෙවා තිබූ බවයි.

නැනා දෙපොල චීන්නුන්ගෙන් මෙතරම් සල්ලි ලබා ගැනීමට සමත් වූයේ කෙසේද යන්න දැන් දූෂණ විමර්ෂන අංශය විසින් සොයා බලමින් තිබේ.

Archive

Latest news

Related news