Saturday, May 4, 2024

මැතිවරණ කොමිසමේ සභාපති මහින්දමයි; නලින් අබේසේකර සහමහචාර්ය රත්නජිවන් හූල් කොමිසමට

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ලෙස වත්මන් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පත්කර ඇත.

එහි සෙසු සාමාජිකයින් ලෙස නලින් අබේසේකර, මහචාර්ය රත්නජිවන් හූල් යන මහත්වරුන් පත් කර තිබේ.

මැතිවරණ කොමිසමේ සාමාජිකයින්ගේ නම් ව්‍යවස්ථාදායක සභාව විසින් පසුගියදා යෝජනා කෙරුණි.

අදාල නම් ජනාධිපතිවරයාගේ අනුමැතිය සදහා යොමු කර තිබු අතර, ඊට ජනාධිපතිවරයාගේ අනුමැතිය හිමිව ඇති බව වාර්තා වෙයි.

තවත් කොමිෂන් සභාපතිවරුන් :

එමෙන්ම සීමා නිර්ණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස ටී. කණගරත්නම් මහතා ද මුල්‍යමය කොමිසමේ සභාපති ලෙස යූ.පලිහක්කාර මහතාද ප්‍රතිසම්පාදන කොමිසමේ සභාපතිවරයා ලෙස ඒ.එම් ෆොන්සේකා මහතාද පත් කර ඇති බව වාර්තාවෙයි.

– ශ්‍රී ලංකා මිරර්

Archive

Latest news

Related news