Sunday, April 28, 2024

බස්නාහිර පළාත් සභාවට බුරියේ අමාරුව; ඌව මහ ඇමැතිට ජංගම දුරකථන ලෙඩේ

ලබන ජනවාරි මාසයේ සිට ඌව පළාතේ පාසල් ගුරුවරුන්ට පාසල් කාලය තුළ ජංගම දුරකථන භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කරන බවත් යම් ගුරුවරයෙකු ජංගම දුරකථනයක් පාසල් වේලාවේදී භාවිතා කර අසුවුවහොත් ස්ථාන මාරුවකට සුදානම් වන ලෙසත් ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසා තිබෙන බව ජනමාධ්‍ය වාර්තා කරයි.

ජංගම දුර කථන ලෙස භාවිත කළ හැකි ඉතා කුඩා උපකරණ පවා ඇති නූතන යුගයෙහි මෙවැනි ගල් යුගයේ මහ ඇමැතිවරයකු සිටීමෙන් පෙනේනනේ ශ්‍රී ලංකාවේ පසුගාමිත්වය බව අධයාපනයට සම්බන්ධ ක්‍රියාධරයකු ශ්‍රී ලංකා බ්‍රීෆ් වෙත පැවසීය.

ඌව පළාතෙහි අධ්‍යාපනය සම්බන්ධයෙන් විසදීමට ඇති අනේක ප්‍රශ්ණ තිබිය දී මහ ඇමැති වරයා ජංගම දුරකථන බදා ගෙන දඟලන්නේ මන්දැයි ඔහු විමසා සිටියේ ය.

පාසල් කාලය තුළදී ගුරුවරුන් සිය ජංගම දුරකථන ක්‍රියාවිරහිත කර විදුහල්පතිගේ කාර්යාලයේ තැබිය යුතු බවත් නිවසින් හෝ වෙනත් අයෙකුගේ හදිසි පණිවිඩයක් විදුහල්පතිට දැනුම්දීමට හැකි පරිදි විදුහල්පතිගේ දුරකථන අංකය ඔවුන්ට දීමට හැකි බවත් එහිදී ප්‍රධාන අමාත්‍යවරයා කියා ඇති බව ද වාර්තා වේ.

 

ඉගැන්වීමේ කාලය තුල සිය ජංගම දුර කථන නිහඩ කර තබා ගැනීමට ගුරුවරගුරුවරින්ට උපදෙස් දෙනු වෙනුවට ගහලයකු සේ ඒවා අත් අඩංඟුවට ගැනීමට කතා කිරීම අමනොඥ කමට වඩා බලයෙන් ඉදිමීමේ රෝගයක් බව ශ්‍රී ලංකා බ්‍රීෆ් වෙක අදහස් දැක් වූ බදුල්ලේ මානව හිමිකම් ක්‍රියාධරයකු පැවසීය.

මේ අතර බස්නාහිර පළාතේ අධ්‍යාපන අධ්‍යක්ෂක පාසැල් ගුරිවරියන් සිය නාභියෙන් පහළට සාරි ඇදීම තහනම් කරන බවට කර ඇති ප්‍රකාශය ලංකා ගුරු සංගමය විසින් හෙළා දැක තිබේ.

ලංකා ගුරු සංගමය ප්‍රකාශ කර ඇත්තේ සාරිය ඇදීම ගුරුවරියනට බාර දී අධ්‍යයපන ක්ෂේත්‍රයේ ඇති දැවෙන ප්‍රශ්ණ විසදීමට පළාත් සභාව පියවර ගත යුතු බවයි.

– ශ්‍රී ලංකා බ්‍රීෆ්

Archive

Latest news

Related news