Saturday, April 27, 2024

සරසවි සිසුන්ට පහර දීම පසුගිය දුර්දාන්ත සමය පුරුච්චාරනයක්

පසුගිය 39 දින  කොළඹදී සාමාකාමී විරෝදතාවයක නිරත වූ සරසවි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පොලීසිය විසින් කරන ලද පහරදීම හෙළා දකින නිදහස් මාධ්‍ය ව්‍යාපාරය එමගිින් ශ්‍රී ලංකාව දියුණු ලෝකයේ මානව හිමිකම් ගැන කිසිදු තැකීමක් නොමැතිව කි‍්‍රයා කරන රටක් ලෙස නරක ආදර්ශක් ලෝකයට සපයන බව ප්‍රකාශ කරයි.

එම ප්‍රකාශය පහත පළවේ.

තම පාඨමාලාවට හිමි උපාධි සමානාත්මතාව නැවත බලාත්මක කිරීම ඇතුලූ ඉල්ලීම් කිහිපයක් දිනා ගැනීම සඳහා උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමා (එච්එන්ඞීඊ) පාඨමාලාව හදාරණ සිසුන් විසින් ඔක්තෝබර් මස 29 වැනි දින, විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසන් සභාව ඉදිරිපිට කරන ලද උද්ඝෝෂණයට කළ අමානුෂික පොලිස් ප‍්‍රහාරය, තම අයිතීන් දිනා ගැනීම සඳහා මහජනයාට ගත හැකි එක් කි‍්‍රයා මාර්ගයක් වන උද්ඝෝෂණය කිරීමේ අයිතිය බරපතල ලෙස කෙළෙසීමක් බව ප‍්‍රකාශ කරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දැඩි පිළිකුළෙන් යුතුව එම ප‍්‍රහාරය හෙළා දකී. ඉල්ලීම්වලට සවන් දීමට හා ප‍්‍රතිචාර දැක්වීමට සූදානම් නොමැති පැරණි ක‍්‍රමවේදයම අනුගමනය කරමින් සිසුන් මැඩපැවැත්වීමට පොලිස් බාධක යොදා විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසන් සභාවට ඇතුල් වීම වැළැක්වීමට කටයුතු යොදා තිබූ බව වාර්තා වන අතර, එම බාධක නොතකා කොමිසන් සභාවට ඇතුල්වීමට උත්සාහ කළ සිසුන්ට ඉතා අමානුෂික ලෙස පහර දෙන ආකාරය මාධ්‍ය මඟින් අනාවරණය වී ඇත. ජල ප‍්‍රහාර සහ කඳුලූ ගෑස් ප‍්‍රහාර එල්ල කළ පොලීසිය, ආරක්‍ෂාව සඳහා සාප්පු සංකීර්ණවලට දිව ගිය ශිෂ්‍ය ශිෂ්‍යාවන් හඔා ගොස් ප‍්‍රහාර එල්ල කොට ඇත. සිසුන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගත් බව ද වාර්තා වේ.
සාමකාමී රැස්වීම්, අදහස් ප‍්‍රකාශ කිරීම්, අයිතීන් දිනා ගැනීම සඳහා දියත් කළ උද්ඝෝෂණ තිරස්චීන ලෙස මර්දනය කළ පසුගිය දුර්දාන්ත ඉතිහාසය ම යළි සිහි ගන්වමින් සිදු කර ඇති මෙම කි‍්‍රයාව දියුණු ලෝකයේ මානව හිමිකම් ගැන කිසිදු තැකීමක් නොමැතිව කි‍්‍රයා කරන රටක් පිළිබඳ නරක ආදර්ශ ලෝකයට සපයන බව නොකිව මනාය. එමෙන්ම යහ පාලනය පිළිබඳ පොරොන්දු දෙමින් බලයට පත් වූ රජයක් යටතේ සිදු නොවිය යුතු සිදුවීමකි. පොරොන්දු වූ යහපාලනයේ නාමයෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගෙන් සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ තරයේ ඉල්ලා සිටින්නේ මෙම සිදුවීම සම්බන්ධයෙන් අපක්‍ෂපාතී පරීක්‍ෂණයක් පවත්වා, අයුතු ලෙස බලය පාවිච්චි කරමින් සිසුන් මර්දනය කළ පොලීසියට එරෙහිව කි‍්‍රයා මාර්ග ගන්නා ලෙසයි. එමෙන්ම පොලීසියේ එම හැසිරීමට බලය දුන් බලවතකු ඇත්නම් ඔහුට/ඇයට එරෙහිව ද නිසි කි‍්‍රයා මාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටී

Archive

Latest news

Related news