Sunday, April 28, 2024

යුද්ධය ‘සංවිධිත අවසානයකට’ ගෙන ඒමට ගත් උත්සාහය ප්‍රභාකරන් වැළැක්වූවා – සොල්හයිම්

( සෝලහයිම් සහ ප්‍රභාකරන්, 2000 නොවැ)

ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ ලියාපදිංචි වී, යටත්ව යුද්ධය ‘සංවිධිත අවසානයකට’ ගෙන ඒමට ගන්නා ලද උත්සාහයක් ප්‍රභාකරන්ගේ විරෝධය නිසා වැළකී ගිය බව එරික් සොල්හයිම් මහතා ප්‍රකාශ කර තිබේ්‍ ඒ මහතා මෙසේ ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාවේ සාම ක්‍රියාදාමයේ නෝර්වේ රාජ්‍යයේ දායකත්වය අලලා මාක් සෝල්ටර් විසින් රචිත ‘සිවිල් යුද්ධයක් නිම කිරීම’ (To end a civil war) පොත එලි දැක්වීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

එමෙන්ම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ එල්.ටි.ටි.ඊ. සංවිධානයේ හිටපු න්‍යයාචාර්ය ඇන්ටන් බාලසිංහම් මහතා ‘සාම වීරයන්’ ලෙස තමා සලකන බව සාම ක්‍රියාදාමය සමයේ නෝර්වේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය ධුරය හෙබවූ වීඩාර් හෙල්ගසන් මහතා පවසා තිබෙ.

‘සිවිල් යුද්ධයක් නිම කිරීම’ (To end a civil war) පොත එලි දක්වන ලද්දේ  ලන්ඩන් විශ්ව විද්‍යාලයේ දී ය.

එම  සභාවක් අමතූ විඩාර් හෙල්ගසන්  එබව පැවසු වීඩාර් හෙල්ගසන් මහතා, කෙසේ වෙතත්, රජය සිංහල බලවේග සැනසීම ප්‍රධාන තැනෙක ලා කටයුතු කළහොත් දෙමළ ජනතාවට විසඳුමක් ලබාදීම පහසු වනු නැති බවට බිය පල කළේයදෙමළ ජනතාවගේ අයිතිවාසිකම් සිංහලයන් විසින් තෑගි දෙනු ඇතැයි කිසි විටෙකත් බලාපොරොත්තු නොවන ලෙස මෙම සභාව අමතා අදහස් දැක්වූ හිටපු නෝර්වේ අමාත්‍ය එරික් සොල්හයිම් මහතා පැවසිය.

අයිතිවාසිකම් දිනා ගැනීමට නම් උතුරේත් විදේශ වලත් දෙමළ ජනතාව විවිධාකාරයෙන් අරගල කළ යුතු බව ඔහු අවධාරණය කළේය.

දිවයිනේ සිංහල බහුතරයක ඡන්ද ලබාගත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බව කී එරික් සොල්හයිම් මහතා, එය දෙමළ ජනතාවගේ දේශපාලන අයිතිය ලබා දීමට දකුණේ බහුතරයක ඇති නොකැමැත්ත පෙන්නුම් කරන්නක් ලෙස හඳුන්වා දුන්නේය.

සාමය අසාර්ථක වීම :

එල්ටීටීඊ සංවිධානය සහ රජය අතර සටන් විරාමයකින් 2002 ආරම්භ කෙරුණු ශ්‍රී ලංකා සාම ක්‍රියාදාමයේ පහසුකම්කාරකයා ලෙස කටයුතු කළ සෝල්හයිම් මහතා, එය අසාර්ථක වීමට හේතු ලෙස දැක්වුයේ ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර සංහිඳියාවක් නොපැවතීම, විමුක්ති කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ අනම්‍ය ස්වභාවය සහ ජාත්‍යන්තර බලවතුන් ප්‍රමාණවත් බලපෑමක් ඇති නොකිරීමයි.

ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ ලියාපදිංචි වී, යටත්ව යුද්ධය ‘සංවිධිත අවසානයකට’ ගෙන ඒමට ගන්නා ලද උත්සාහයක් ප්‍රභාකරන්ගේ විරෝධය නිසා වැළකී ගිය බව එරික් සොල්හයිම් මහතා ප්‍රකාශ කළේය.

යටත් වෙන්නන් භාරගැනීම සඳහා නැවක්

යටත් වෙන්නන් භාරගැනීම සඳහා නැවක්ද සැලසුම් කර තිබූ බව කී ඔහු, කෙසේවෙතත් ප්‍රභාකරන් ගේ සහ එල්ටීටීඊ ඔත්තු සේවා ප්‍රධානී පොට්ටු අම්මාන් ගේ භාරවීම පිළිගැනීමට යෝජනාව ගෙන ආ ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය, නෝර්වේ, ඉන්දියාව සහ ජපානය සුදානම්ව නොසිටි බව හෙළි කළේය.

එරික් සෝල්හයිම්ගේ මතය වුයේ ජාත්‍යන්තර බලවතුන්ගේ අනුග්‍රහයෙන් ගෙන එම යටත්වීමේ යෝජනාවට එල්ටීටීඊ නායකත්වයේ අනුමැතිය පළවුයේ නම්, එය ප්‍රතික්ෂේප කිරීමේ හැකියාවක් රජයට නොතිබුණු බවයි.

කෙසේ වෙතත්, රජයට එම යෝජනාව කල්තියා දැනුම් දුන් බවක් ඔහු ප්‍රකාශ නොකළේය.

සුදු කොඩි ඔසවාගෙන පැමිණ යුද්ධාවසානයේ භාරවූ එල්ටීටීඊ සංවිධානයේ දේශපාලන අංශයේ නායක බාලසිංහම් නඩේසන් සහ සාම කාර්යාංශයේ ප්‍රධානී සීවරත්නම් පුලිදේවන් ඇතුළු පිරිසක ඝාතනය සම්බන්ධයෙන් වගකිවයුත්තන් ලෙස හිටපු නෝර්වේ අමාත්‍යවරයා විසින් චෝදනා කරනු ලැබුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාටය.

ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය :

සාම ක්‍රියාදාමය පිළිබඳව ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය සාධනීය ප්‍රතිචාරයක් නොදැක්වූ බවට චෝදනා කළ එලි දක්වන ලද පොතේ කර්තෘ මාක් සෝල්ටර් මහතා, ඊට ප්‍රධාන හේතුව වශයෙන් දක්වා සිටියේ ‘ජනමාධ්‍යවේදීන්ගේ ඉංග්‍රීසි නොදැනීම හා පරිවර්තන දුර්වලතා’ යි.

බ්‍රිතාන්‍යයේ වැඩ බලන ශ්‍රී ලංකා මහා කොමසාරිස් චානක තල්පෙහේවා කථිකයකු ලෙස නම් කර තිබුනත් ඔහු සභාව ඇමතීමට පැමිණ සිටියේ නැත.

(මූලාශ්‍රය – radiogagana.com)

Archive

Latest news

Related news