Saturday, May 4, 2024

සතියක් ගියත් ස්වාධීන කොමිෂන් සභාවන්ට ජනපති අනුමැතිය නෑ!

( කල් මරන්නේ ඇයි?)

ව්‍යවස්ථා සභාව  විසින් ස්වාධීන කොමිෂන් සභා හතරක් සඳහා පත් කරන ලද සාමාජික සාමාජිකාවන් අනුමත කිරීම ජනාධිපති සිරිසේන විසින් මේ වන විට සතියක් පමා කර තිබේ.

ජනාධිපතිවරයා එකි නිර්දේශයන්ට අකමැති නම් ඔහුට එම පත්වීම් සළකා බැලීම පිනිස  ව්‍යවස්ථා සභාව  වෙවත යළි යැවිය හැකි නමුත් තමා කැමැති පුද්ගලයින් ඊට පත් කිරීමට ඉඩක් 19වන ව්‍යවස්ථාවට අනුව නැත.

සතියක් පමාවීත් එකද කොමිෂන් සභාවක් හෝ පති කිරිමට ජනාධිපති අනුමැතිය නොලැබිම දේශපාලන අංශයන්හි සාකච්ජාවට ලක් වෙමින් තිබේ. කැබිනට් ප්‍රකාශක වන ඇමැති රාජිත සේනාරත්නගෙන් මේ පිළිබ දව කිසිදු ජනමධ්‍යක් ප්‍රශ්ණ කර නොතිබීම ද කැපී පෙනෙයි.

කෙසේ වෙතත් ලබන සතිය අග වන විට ජනාධිපතිවරයා මෙම නිර්දේශයන් අනුමත නොකළ හොත් එම පත්වීම් ඉබේම නීත්‍යනුකූල වන බව 19වන ව්‍යවස්ථා සංසෝධනයෙන් කියැවේ.

ඊට අදාළ 41 (ආ) ව්‍යවස්ථාවේ 4 වැනි වගන්තිය මෙසේය.

(4) පත් කිරීම් සඳහා සභාවේ නිර්දේශය ලැබුණු දින සිට දින දාහතරක් ඇතුළත ජනාධිපතිවරයා විසින්, මේ ව්‍යවස්ථාවේ උපලේඛනයේ නිශ්චිතව සඳහන් කොමිෂන් සභාවල සභාපතිවරුන් සහ සාමාජිකයන් පත් කරනු ලැබිය යුත්තේ ය.
එකී දින දහහතරක කාල පරිච්ඡේදය තුළ අවශ්‍ය පත් කිරීම් කිරීමට ජනාධිපතිවරයා අපොහොසත්වූ විටක, එකී කාල පරිච්ඡේදය අවසන් වන දින සිට
බලපැවැත්වෙන පරිදි :-
(අ) කොමිෂන් සභාවක සාමාජිකන් ලෙස පත්කරනු ලැබිය යුතු බවට (3) වන අනු ව්‍යවස්ථාව යටතේ නිර්දේශ කරනු ලැබූ තැනැත්තන් කොමිෂන් සභාවේ සාමාජිකයන් ලෙස පත්කරනු ලැබූ ලෙස සලකනු ලැබිය යුත්තේ ය. සහ
(ආ) කොමිෂන් සභාවක සභාපතිවරයා ලෙස පත්කරනු ලැබිය යුතු බවට (3) වන අනු ව්‍යවස්ථාව යටතේ නිර්දේශ කරනු ලැබූ නම් සඳහන් ලැයිස්තුවේ පළමුව නම දැක්වෙන තැනැත්තා අදාළ කොමිෂන් සභාවේ සභාපතිවරයා වශයෙන් පත්කරනු ලැබූ ලෙස සලකනු ලැබිය යුත්තේ ය

Archive

Latest news

Related news