Friday, May 3, 2024

ජනපති මෛත්‍රීට කෝටි 7ක වාහන

ජනාධිපති ආරක්ෂක අංශය වෙනුවෙන් BMW මෝටර්රථයක් සහ BMW R1200 යතුරුපැදි 12ක් මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් හත්කෝටි හයලක්සයක් (රු. 70,600,000) වියදම් කර තිබේ. අයවැයෙන් ජනාධිපතිවරයාට වෙන් කළ වාර්ශික මුදලට අමතරව පරිපූරක ඇස්තමේන්තුවක් මගින් මැයි මස 19වන දින මෙම මුදල ලබාගෙන ඇත.

හිටපු ජනාධිපතිවරයා පරාජයට පත්වන විට ජනාධිපති වරයා වෙනුවෙන් රුපියල් කෝටි 387කට අධික මුදලක් වියදම් කරමින් වාහන අතිවිශාල ප්‍රමාණයක් ලබාගෙන තිබුණු තත්වයක් යටතේ වත්මන් ජනාධිපතිවරයාට මෙසේ නැවත වාහන මිලදීගැනීමට සිදුවී තිබීම විශේෂත්වයකි.

චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිවරිය 2005 වර්ශය අවසානයේ විශ්‍රාම යන විට ජනාධිපති වෙනුවෙන් තිබුණු මුළු වාහන සංචිතයේ වටිනාකම රුපියල් අටකෝටි දසලක්ෂයක් (රු. 81,000,000) වී තිබිණ. එම ප්‍රමාණය වසර නවයක් අවසානයේ රුපියල් කෝටි 387 දක්වා 48 ගුණයකින් වැඩිගර ගැනීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ක්‍රියාකර තිබිණ.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිරයාගේ සමයේ සිදු කරන ලද අතිවිශාල නාස්තිකාර වියදම් ප්‍රමාණය පිළිබඳව දැඩි විවේචනයක යෙදුණු මෛත්‍රීපාල සිරිසේන වත්ම්න ජනාධිපතිවරයා ආරම්භයේදීම මෙලෙස වාහන වෙනුවෙන් අතිවිශාල වැය කිරීම, මහජන මුදල් නාස්ති කිරීමට විරුද්ධව කටයුතු කරන ඡන්දදායකයන්ගේ විමතියට හේතුවී ඇති බව වාර්තා වේ.

LT

Archive

Latest news

Related news