Thursday, April 18, 2024

එක්සත් ජාතීන්ගේ සංවිධානය යුක්තිය පසිඳලීමේ යාන්ත්‍රණයක් ඇතුලු ප්‍රතිසන්ධාන ක්‍රියාවලියට සහය දක්වයි

එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාව තුළ දෙමළ ප්‍රජාව සමඟ සංහිඳියාව ගොඩ නැඟීමේ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය තවදුරටත් ඉදිරියට ගෙන යාම සඳහා තාක්ෂණික සහ මූල්‍යමය සහය සැපයීමේ පුළුල් පැකේජයක් ලබා දීමට ක්‍රියා කරමින් සිටියි.

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කි-මූන් මහතාගේ මාධ්‍ය ප්‍රකාශක Stephane Dujarric පවසන පරිදි, ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම මත සියලුම ප්‍රධාන පාර්ශවකරුවන් සමඟ මෙම තාක්ෂණික හා මූල්‍යමය පැකේජය ලබා දීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය පියවර ගනිමින් සිටින බවයි.

දිවයිනේ ජාතීන් අතර සාමය ගොඩනැඟීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සැකිල්ල නේවාසික සම්බන්ධීකාරක විසින් පසුගිය ජුනි මාසයේ දී ඉදිරිපත් කරන ලදී.

අභ්‍යන්තර වශයෙන් අවතැන් වූවන් නැවත පදිංචි කිරීම, ජාතික සංහිඳියාව සහ ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූලව විශ්වාසනීය අන්තර් කාලීන යුක්තිය පසිඳලීමේ යාන්ත්‍රණය සංවර්ධනය තුළින් ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට මුල පිරීම සඳහා සාමය ගොඩනැංවීමේ අරමුදල මඟින් දක්වන සහය සාකච්ඡා කළ බව එක්සත් ජාතීන්ගේ මාධ්‍ය සංවිධායකවරයා සඳහන් කර ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහාය සෑම විටම සියලුම ප්‍රධාන පාර්ශවකරුවන් සමඟ විනිවිදතාවකින් සහ සහභාගිත්ව උපදේශන ඇතුළත් පදනමක් මත ගොඩ නැඟෙන බව ඔහු තවදුරටත් පැහැදිලි කළේය.

ශ්‍රී ලංකා රජයෙන් නැවත ලබා දුන් ඉඩම් මුල් කරගෙන උතුරු සහ නැගෙනහිර අවතැන් වූවන් නැවත පදිංචි කිරීහේ ඒකාබසද්ධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා දැනටමත් ඩොලර් මිලියනයක් වැය කර ඇති බව Dujarric මහතා ප්‍රකාශ කළේය.

– නිව්ස්ඩොට්එල්කේ

Archive

Latest news

Related news