Thursday, May 2, 2024

නාම යෝජනා පූර්ව සමය – ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තාව; වැඩිම ප්‍රචණ්ඩ ක්‍රියා එජනිසයෙන්

( මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා මෙරට සුලභ ය; පුස්තකාල ජායාරූපයකි)

(කැෆේ වාර්තා අංක 11) පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව කැෆේ සංවිධානය වෙත මේ දක්වා මැතිරණ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබද පැමිණිලි 17ක් ලැබී තිබේ.

මැතිවණය ප්‍රකාශය පත්වීමෙන් පසුව නායෝජනා බාර ගැනීමේ අවසන් දිනය දක්වා කාලය සැලකීමේදී මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවන් සම්බන්ධයෙන් සාම්ප්‍රදායික ව්‍යවහාර රටාව මුළුමනින්ම වෙනස්වී ඇති බව කැෆේ සංවිධානයේ නිරීක්ෂණයයි. බලයේ සිටින දේශපාලන පක්ෂය විපක්ෂයට එරෙහිව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකිරීම සුලබ සාමාන්‍ය ව්‍යවහාරයයි. නමුත් මේ දක්වා කැෆේ සංවිධානයට වාර්තාවූ සිදුවීම් 17 න් 14 විපක්ෂයේ සිටින එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් ආණ්ඩු පක්ෂයේ සිටින එක්සත් ජාතික පක්ෂයට එරෙහිව සිදුකළ ප්‍රචණ්ඩ ක්‍රියාය.

එක් ප්‍රචණ්ඩ ක්‍රියාවක්, එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් ජවිපෙට විරුද්ධව සිදුකර ඇත. අනෙක් සිදුවීම ජනසෙත පෙරමුණේ නායක පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමිට තර්ජනය කිරීමකි. එක්සත් ජාතික පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරගවදින අකිල විරාජ් කාරියවසම්ගේ ආධාරකරුවන් හා අශෝක අබේසිංහගේ ආධාරකරුවන් අතර එක් ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තාවී ඇත.

පහතින් දැක්වෙන්නේ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබද සිදුවීම් වාර්තාවයි.  පීඩිඑෆ් ගොනුවක් ලෙස බලන්න  sinhala chart original 13 07 15 update

කෑගල්ල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත්ගේ ආධාරකරුවන් පිරිසක් විසින් එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවන් පිරිසකට පහරදී තිබේ. ප්‍රහාරයෙන් තුවාල ලැබූ එක් අයෙක් පින්දෙනිය, තෝරගහපිටිය ග්‍රාමීය රෝහලට ඇතුළත් කර ඇත. මෙසේ රෝහල්ගත කර ඇත්තේ ජානක බණ්ඩාර නම් අයෙකි.
එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවන් පිරිසක් පින්දෙනිය කනතුවාවල  ප‍්‍රදේශයේ පෝස්ටර් අලවමින් සිටියදී කනක හේරත්ගේ ආධාරකරුවන් පැමිණ පහරදී ඇත.

පහරදීම සම්බන්ධයෙන් සැකපිට කනක හේරත්ගේ ආධාරකරුවන් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට පත්ව සිටී. අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා ඈගල්ලකන්ද හා උඩුගම ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රචාරක කටයුතු වල නිරත වෙමින් සිටි ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් පිරිසකට ජූලි 13 දින අළුයම මාරවිල පොලිස් වසමේ තොඩුවාව ප්‍රදේශයේ දී මෙම ප්‍රහාරය එල්ල වී ඇත.

ප්‍රහාරයෙන් ජවිපෙ පුත්තලම දිස්ත්‍රික් අපේක්ෂක පැල්පොල ලොකුලියනගේ  විජේදාස තුවාල ලබා ඇත.  ඔහු මහවැව – ඉහල කොස්වාඩිය පදිංචිකරුවෙකි.  මේ වන විට ජවිපෙ අපෙක්ෂකවරයා මාරවිල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. ප්‍රහාරයෙන් අපේක්ෂකයාගේ යතුරු පැදියකට ද හානි සිදුවී ඇත.

ප්‍රහාරය සම්බන්ධයෙන් තොඩුවාව – මැද තොඩුවාව පදිංචිකරුවන් වන ජයසිංහ ආරච්චිගේ රුක්මන් ක්‍රිශාන්ත, පට්ටිපොලගේ රෝෂන් තුෂාර මැක්ෂිමස් රෝහිත, පටිට්පොලගේ කුසාන් ජානක රොශාන් ප්‍රනාන්දු යන අය අත්අඩංගුවට ගෙන ඇත.  ඔවුන් තිදෙනා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පුත්තලම දිස්ත්‍රික්කයේ අපේක්ෂක අරුන්දික ප්‍රනාන්දු ගේ ආධාරකරුවන් වෙති.

මහියංගනය නගරයේ ඇති එක්සත් ජාතික පක්ෂ කාර්යාලයට පෙට්‍රල් බෝම්බ ප්‍රහාර දෙකක් එල්ලකර ඇත. එහෙත් එම බෝම්බ දෙක ක්‍රියාත්මක වී නැත.
එක්සත් ජාතික පක්ෂ කාර්යාලය වසා දමා ඇති අවස්ථාවේදී පැමිණි කිසියම් පිරිසක් පෙට්‍රල් බෝම්බ දෙකක් කාර්යාලය ඉදිරිපිට තබා ගොස් ඇත. මෙම පෙට්‍රල් බෝම්බ දෙක ක්‍රියාත්මක වූවේ නම් පක්ෂ කාර්යාලයටත් ඒ අසල ඇති වෙළදසැල්වලටත් හානි සිදුවන්නට තිබූ බව ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලීසිය පවසයි.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් නාම යෝජනා ලයිස්තුව භාරදීමට පැමිණි ජන සෙත පෙරමුණේ නායක පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන්ට මරණ තර්ජන එල්ලවී ඇත. තමන්ට එල්ලවූ මරණ තර්ජන පිළිබදව උන්වහන්සේ කන්තලේ මූලස්ථාන පොලීසියට පැමිණිල්ලක්ද කර ඇත.

නාම යෝජනා භාරදීමට යමින් සිටියදී උදෑසන දානය ලබාගැනීමට යුනිට් 14, රජ ඇල, කන්තලේ යන ස්ථානයට උන්වහන්සේ ගොස් ඇත. ඒ අවස්ථාවේදී ජංගම දුරකතනයට ඇමතුමක් දුන් පුද්ගලයෙක් මරණ තර්ජන කර තිබේ.

මාධ්‍ය ඒකකය
කැෆේ සංවිධාගොනුවක්

Archive

Latest news

Related news