Friday, April 19, 2024

රාජපක්ෂලාගේ කාලේ නීතියේ ආධිපත්‍ය රැකුණාලු!

(රාාජපක්ෂ නීතිය රැක්ක හැටි: ප්‍රගීත් අතුරුදහන් කළ සිය ගණනාවෙන් එක් අයෙකි)

තමන් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් වන බවත් තම පාලන සමයේ නීතියේ ආධිපත්‍ය රැකුණු බවත් පළිගැනීම් කිසිවක් සිදු නොකළ බවත් ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ක්‍රියාත්මක නොවූ බවත් මහින්ද රාජපක්ෂ මහතා අද (01) සිය නිවසේ සිදු කළ විශේෂ ප්‍රකාශය අවස්ථාවේදී පවසා තිබේ.

උපුටාගැනීම “අපේ කාලයේදී නීතියේ ආධිපත්‍ය රැකුණා. පළිගැනීම නැවතුණා. අපි ව්‍යවස්ථාවෙන් පිට ගියේ නැහැ කිසි දිනෙක.” උපුටාගැනීම අවසන්…

තම යොහොයුරාගේ පුත්‍රයාට ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටිමින් කතරගම බස්නායක නිලමේ ධුරයද දැරිය හැකි ආකාරයට විහාර දේවාලගම් පනත වෙනස් කරනු ලැබුවේ මහින්ද රාජපක්ෂ ජනාධිපති සමයේ සිය තනි කැමැත්ත මතය. එමෙන්ම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් දිවිනැගුම පනත ගෙන ඒමත් එයට අනුමැතිය ලබා ගැනීමට අධිකරණයට බලපෑම් සිදු කරනු ලැබූවේත් මහින්ද රාජපක්ෂ සමයේය.

එහිදී හිටපු අගවිණිසුරුවරිය වන ආචාර්ය ශිරාණි බන්ඩාරනායක මහත්මියට එරෙහිව ව්‍යවස්ථා විරෝධීව දෝෂාභියෝගයක් ගෙන එමින් ඇයව එම ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කළේද මහින්ද රාජපක්ෂ පාලන සමයේය.

2010 ජනාධිපතිවරණය ජයග්‍රහණයෙන් පසු තම ප්‍රතිවාදීන් දඩයම් කිරීම ඇරඹුවේද මහින්ද රාජපක්ෂ මහතා විසින් වන අතර ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූ හිටපු හමුදාපතිවරයෙකු වන සරත් ෆොන්සේකා මහතා සිරගත කරනු ලැබුවේද රාජපක්ෂ පාලන සමයේය.

අධිකරණ ‍සේවා කොමිසමේ ලේකම්වරයාට පහරදීම, ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතාගේ නිවසට නීතිවිරෝධී ලෙස ප්‍රභූ ආරක්ෂකයින් ඇතුල් වීම, විශ්වවිද්‍යාල සිසුන්ට පහරදීම, කළක් ජවිපෙ ක්‍රියාකාරීව සිටි ලලිත් සහ කුගන් දේශපාලන ක්‍රියාකාරීන් දෙදෙනා අතුරුදහන් කිරීම, ‍පානදුර ඇතුළු ප්‍රදේශ කිහිපයකදී රාජපක්ෂ පාලනය විවෙචනය කළ සමාජවාදී කලා සංගමයේ වීදි නාට්‍ය කණ්ඩායමට සහ තවත් වීදි නාට්‍ය කණ්ඩායම්වලට පහරදීම සිදුවූවේද රාජපක්ෂ පාලන සමයේය.

නාවික හමුදාවේ යම් යම් කොටස් යොදගත් බවට මේ වනවිට හෙළිදරව් වී ඇති සුදු වෑන් සංස්කෘතිය සහ පාසල් වයසේ පසුවූ තරුණයන් අතුරුදහන් කිරීම සිදුවූවේද ඉහත පාලන සමයේදීය.

එම පාලන සමය තුළ පැවති මැතිවරණ ගණනාවකදී හම්බන්තොට, ගාල්ල, අනුරාධපුර, මහනුවර (ඔහු ගම්පහ දිස්ත්‍රික්කයේ මැතිවරණ සංවිධාන කටයුතුවල යෙදී සිටියදී) ආදී ප්‍රදෙශවල ජවිපෙ ක්‍රියාකාරීන් කිහිප දෙනෙකුම ඝාතනයට ලක්වූ අතර ඒ සම්බන්ධයෙන් නිසියාකාරව නීතිය ක්‍රියාත්මක නොවීම.

වැලිකඩ සිරමැදිරිවල සිටි සිරකරුවන් සිය අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කරද්දී එයට කඩා පැන ඔවුන් අමු අමුවේ මරා දැමුවේද මහින්ද රාජපක්ෂ පාලන සමයේය.

දළදා මාළිගය වටා අඩනිරුවත් කාන්තා සංදර්ශන දක්වමින් රාත්‍රී කාර් රේස් පැද්දේද මහින්ද රාජපක්ෂ පාලන සමයේය.

කටුනායක, හලාවත, රතුපස්වල ආදී ප්‍රදේශවලදී යම් යම් අරගලවල නිරත වූවන් ඝාතන කළේද මහින්ද රාජපක්ෂ පාලන සමයේය.

මෙවැනි උදාහරණ තිබියදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ “අපේ කාලයේදී නීතියේ ආධිපත්‍ය රැකුණා. පළිගැනීම නැවතුණා. අපි ව්‍යවස්ථාවෙන් පිට ගියේ නැහැ කිසි දිනෙක.” යැයි කීම ඉතා විහිළු සහගතය.

එමෙන්ම ඔහු පන්සල්වල සංචාරයේ යෙදෙමින් බෝධිපූජාවලට මුවා වී සිදු කළ දේශපාලන රැස්වීම්වලදී කියා සිටයේ තමන් හොරුන්, කුපාඩියන් ආරක්ෂා කිරීමට නීතියට පිටන් යමින් ක්‍රියා කළ බවයි. නීතියේ රැහැනට හසුවීමට ඉඩ නොදී ඔවුන් බේරාගත් බව ඔහු පවසා තිබේ.

පසුගිය ජනාධිපතිවරණයේදී ජනතාව පරාජය කළ තමන් ගෙන ගිය දුෂ්ඨ පාලනය මත හිඳිමින් ජාතිවාදය අවුස්සමින් මේ වනවිට ඔහු නැවත කරලි ගතවීමට උත්සායහ දරමින් සිටී.
– lanka truth

Archive

Latest news

Related news