Friday, May 3, 2024

එල්ටිටීඊවාදී ඩයස්පෝරාව දෙකට බෙදෙයි.

( රුද්‍රකුමාරන් ප්‍රභාකරන් හමුවී)

ඇමෙරිකා එක්සත් ජනපදය මූලික කොට ගත් රුද්‍රකුමාරන් විසින් නායකත්වය දෙන ‍‘රටින් බැහැර දෙමළ ඊළාම් රජය’ පිළිගැනීම පැහැර හැරියොත්, යුරෝපය පුරා එල්ටීටීඊය යළි පණ ගැන්වීමට කටයුතු කරන දෙමළ සම්බන්ධිකරණ කමිටුව හෙළිදරව් කොට පහර නෙ බවට චාල්ස් ඇන්තනි බලකාය නම් තවත් එල්ටිටීඊවාදී ඩයස්පෝරා සංවිධානයක් අනතුරු හඟවා තිබේ. යුරෝපයෙහි වඩාම බලවත් සංවිඡධානය වන්නේ දෙමළ සම්බන්ධිකරණ කමිටුවයි.
ජුනි 03 වන දින තමිල් වොයිස් නම් වෙබ් අඩවිය මේ බව වාර්තා කරයි.

එල්ටීටීඊයට ඩයස්පොරාව ලබාදෙන සහයෝගය තම පෞද්ගලික දියුණුවට භාවිතා කරන බවටත්, හුදෙක් තම නායකත්වය ආරක්‍ෂා කරගැනීමේ පටු අරමුණින් තම සංවිධාන වල පැවැත්ම වෙනුවෙන් එල්ටීටීඊ නමින් පෙළ‍ගැසෙන ජනතාවගෙන් මුදල් රැස්කිරීම පමණක්‍ කරන බවට චාල්ස් ඇන්තනි බලකාය දෙමළ සම්බන්ධිකරණ කමිටුවට චොදනා කරයි. එමෙන්ම සමගි නොවී තනිව ඉදිරි සැළසුම් කිසිවක් නොමැතිව කටුයතු කරන බවටත් එය තවදුරටත් චෝදනා කරයි.

චාල්ස් ඇන්තනි බලකාය රුද්‍රකුමාරන් නායකත්වය දෙන ‍‘රටින් බැහැර දෙමළ ඊළාම් රජය’ ඉහළින් වර්ණනා කරමින් කියන්නේ එය අද දෙමළ ජනතාව සඳහා වන නීතිමය අනුමැතිය සමගින් තමන්ව ස්ථාපිත කරගෙන සිටින දෙමළ ජනතාව සඳහා වන එකම රජය බවයි.

දෙමළ සම්බන්ධිකරණ කමිටුව හුදෙක් ඥාතින්ගේ හවුලක් බවත් යුද්ධාවසානයෙන් පසු විදේශගත වූ එල්ටීටීඊ පිරිස් එයට බඳවා ගන්නේ නැති බවත් කියන චාල්ස් ඇන්ටන බලකාය ඔවුන්ට ප්‍රභාකරන් සමඟ කිසිදු සම්බන්ධයක් නොතිබූ බව ද කියයි.

එල්ටීටීඊ නායක ප්‍රභාකරන් සෑම එල්ටීටීඊ සාමාජිකයකුටම වගකීමක් පැවැරූ බවත් දෙමළ සම්බන්ධිකරණ කමිටුව යනු එල්ටීටීඊ යේ මුදල් අංශයේ ජාත්‍යන්තර කාර්යාලය පමණක් කියයි. ප්‍රභාකරන් අවසන් වරට ජීවත් වූයේ දෙමළ සම්බන්ධිකරණ කමිටුව විසින් ලබා දෙන ලද මුදලින් සකස් කළ බංකරයක බවට ගෙන යන ප්‍රචාරය බොරුවක් බව ද එය කියා සිටී.

ඩයස්පොරා එල්ටීටීඊ සාමාජිකයයන් එක් කර ගැනීමට අයිතිය ඇත්තේ රුද්‍රකුමාරන් නායකත්වය දෙන රටින් බැහැර ඊළාම් රජයට පමණක් බවට තර්ජනය කරන චාල්ස් ඇන්තිනි බලකායේ නිවේදනය වැඩිපුරම යොමු වි ඇත්තේ ඩයස්පෝරාවෙන් මුදල් එකතු කර ගැනීමේ අයිතිය සම්බන්ධයෙනි.

(ලංකාටීනිවිස් ඇසුරෙන් සකස් කරන ලදී)

Archive

Latest news

Related news