Wednesday, April 24, 2024

පොලිස් නිලධාරීන් ගල් ගසා මරණ බවට තර්ජනයට කළ පළාත් සභා මංත්‍රී උපුල්ට වැඩ වරදී

ජනාධිපති මහින්ද රාජපක්ෂ අගමැති කරවීමෙන් පසු පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් කොස්තාපල්වරයාගේ සිට නියෝජ්‍ය පොලිස්පතිවරයා දක්වා සියලු දෙනාම ගල්ගසා මරණ බවට පසුගිය දා තිස්සමහාරමයේ පැවැති හමුවකදී දකුණු පළාත් සභා ඇමති ඩී. වී. උපුල් සිදු කළ ප්‍රකාශය පිළිබඳව පොලිස්පතිවරයගේ අණින් පොලිස් මූලස්ථනයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

ඔහු සිදු කළ ප්‍රකාශය අනුව දණ්ඩ නීති සංග්‍රහයේ 486වෙනි වගන්තිය යටතේ වසර 7ක සිරදඩුවමක් ලබා දීමට හැකි බවත් ඊට අමතරව රාජ්‍ය සේවකයන්ට මරණිය තර්ජන සිදුකිරීම යටතේද ඔහුට දඬුවම් ලබා දිය හැකි බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසයි.

රාජපක්ෂ පාලන සමයේ වසර දහයකට ආසන්න කාලයක් එම කල්ලිය විසින් සිදු කරනු ලැබූ දැවැන්ත මූල්‍ය වංචාවන් පිළිබඳව තොරතුරු හෙළිදරව් කර ගැනීමටත් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමත් වෙනුවෙන් විශේෂ පොලිස් ඒකකය ස්ථාපිත කරනු ලැබීය. එහෙත් මේ වනවිට රාජපක්ෂ කල්ලියේ සියලුමදෙනා මෙම පොලිස් ඒකකයට බිය වී සිටීමෙන් පැහැදිලි වන්නේ ඔවුන් සතු ජනතාවගෙන් සොරකම් කරනු ලැබූ වත්කම් හෙළිදරව් වුවහොත් ඊට එරෙහිව දඬුවම් ලැබීමටත් ඇති බිය නිසාය. ඩී.වී. උපුල් ඇමතිවරයාද රාජපක්ෂ කල්ලියේ සාමාජිකයකු වන අතර ඔහුගේ මෙම ප්‍රකාශයත් සමග රාජපක්ෂ කල්ලිය බියවී සිටින තරම තේරුම් ගත හැකි බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
– Lanka Truth

මහින්දගේ ගෝලයාගෙන් පොලීසියට මරණීය තර්ජන!

2015 ජූනි 02 වෙනි අඟහරුවාදා, 08:13

මහින්ද රාජපක්ෂවටා සිටින කණ්ඩායම මේ වනවිට දැඩි වියරු ප්‍රකාශ කිරීමට පටන්ගෙන තිබෙන අතර එසේ කරන අලුත්ම පුද්ගලයා වී ඇත්තේ දකුණු පළාත් සභාවේ ඇමතිවරයකු වන ඩී.වී. උපුල් නැමැත්තාය. ඔහු පසුගියදා තිස්සමහාරාමයේ පැවැති අනුගාමිකයින්ගේ රැස්වීමක් අමතමින් නාමල් රාජපක්ෂ ඉදිරියේ වියරුවෙන් ප්‍රකාශ කර සිටියේ මහින්ද රාජපක්ෂ අගමැති කිරීමෙන් පසුව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සිට අන්තිම කොස්තාපල්වරයා දක්වා ගල් ගසා මරා දමන බවය.

මහින්ද රාජපක්ෂ ආශිර්වාද පූජා නමින් රැස්වීම් පවත්වමින් පන්සල්වලට ගොස් ජාතිවාදය සහ ආගම්වාදය අවුස්සන කතා සිදු කරන අතර වෛරී දේශපාලනය පිට කරමින් සිටී. ඒ මග ඔස්සේ යමින් මුලින් විමල් වීරවංස, දිනේෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිල යන අය දේශපාලන ප්‍රචණ්ඩත්වයට හේතු වන ආකාරයේ කතා පැවැත්වූ අතර ඉන් පසුව පාර්ලිමේන්තුවේදී සහ ඉන් පිටතදී වාසුදේව නානායක්කාර කතා පැවැත්වීය. එය මේ වනවිට පළාත් සභා මන්ත්‍රී ඩී.වී. උපුල් ඉතා සෘජු ලෙස පොලිසියට මරණීය තර්ජන එල්ල කිරීම දක්වා ඉදිරියට ගෙන ගොස් තිබේ.

මහින්ද රාජපක්ෂට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහ මැතිවරණය සඳහා නාමයෝජනා ලබා නොදෙන බව ඉතා පැහැදිලි ලෙස ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ. මෙම පසුබිම තුළ කෙසේ හෝ මහ මැතිවරණයට ඉදිරිපත් වන බව මහින්ද රාජපක්ෂගේ ප්‍රකාශකයින් ජනමාධ්‍යයට හෙළි කරන අතර ඔහු මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට මේ ආකාරයේ අති බිහිසුණු ප්‍රචණ්ඩකාරී පසුබිමක් සකස්කර ගනිමින් සිටී‍.

– ලංකා ට්රුත්

Archive

Latest news

Related news