Friday, April 26, 2024

පූංකුඩුතිව් සිසුවිය වෙනුවෙන් ‍යුක්තිය ඉල්ලා කල සටන, ප්‍රචණ්ඩ බවට පත් කළේ කව්ද? – මාවෙයි සේ්නාදිරාජා

(කළහකාරී පිරිස් අධිකරණයට ද පහර දුන්හ)

පූංකුඩුතිව් සිසුවියට යුක්තිය ඉල්ලා සිටිමින් 2015.05.20 දින පෙරවරුවේ යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට පවත්වන සාමකාමි විරෝධතාවයට සහභාගි වන ලෙස දෙමළ ගුරු සංගමය, යාපනය ව්‍යාපාරකයින්ගේ සංගමය, විශ්ව විද්‍යාල ප්‍රජාව, ශිෂ්‍ය සහ තරුණ සංවිධානය විසින් විවෘතා ආරධනාවක් කර තිබුණි. ඉන් පසු, විවිධ ක්‍ෂේත්‍ර වලට අයත් විද්වතුන්, ආගමික නායකයින්, ගුරුවරු, සිසුන්, කාන්තාවන් වශයෙන් විශාල පිරිසක් මෙම ස්ථානයට රැස්වී ඇත. 1100 පැයට පමණ පෙළපාලි එම ස්ථානයට ළඟා වී ඇත.

රැස්ව සිටි පිරිස ඉදිරියෙන් යතුරු පැදි වල නැගගත් පිරිසක් ශබ්ද නඟමින් ගමන් කරනු දැක අපි බියට පත්වුණෙමු. දෙමළ ගුරු සංගමයේ ලේකම් සහ යාපනය ව්‍යාපාරික සංගමයේ සභාපති සමඟ අපි ඇතිවිය හැකි තත්වය පිළිබඳ සාකච්ඡා කළෙමු. මෙම යුක්තිය සඳහා වන සටන ප්‍රචණ්ඩත්වයට බවට පරිවර්ථනය කිරීමට පෙර දිනද උත්සාහ ගෙන තිබුණි. අවශ්‍ය නිසි පිළිවෙත් අනුගමනය කරන ලෙස සංවිධායකයින්ගෙන් ඉල්ලීමක් කරන ලදි.

ප්‍රචණ්ඩත්වය ඇති නොවී වළක්වා ගැනීමේ අරමුණිනුත්, පාලනය කළ නොහැකි කටයුතු වල සමහර බලවේග නිරතවීම පාලනය කරන අන්දමිනුත් සාමාකාමි සටනක් යහපත් අරමුණින් පැවැත්වූ නමුත්, එය කඩිනමින් අවසන් කරන ලදි.

රජයෙන් යුක්තිය ඉල්ලා සිටීමේ ලිපි ලහි ලහියේ භාරදෙන ලදි. පසුව සමහර බලවේග යාපනය අධිකරණ ගොඩනැගිල්ලටත්, නිතිඥයින්ටත්, වාහන වලටත් පහරදීම සහ ගල් ප්‍රහාර එල්ල කරමින් ප්‍රචණ්ඩත්වයේ නිරත වූ බව අපට දැනගැනීමට ලැබුණි. පොලීසිය කඳුළු ගෑස් භාවිතා කර තත්වය පාලනය කිරීමට උත්සාහ කළ බව දැනගත් අවස්ථාවේ කණගාටුවට පත්වුණෙමු.

අත් අඩංගුවට පත් ඝාතකයින්ව තමන්ට භාර දෙන ලෙස ඉල්ලා සිටිමින් ප්‍රචණ්ඩත්වයේ නිරතවීම එම සිසුවියට එවන් පහත් කටයුත්තක් කළ පුද්ගලයින්ට නිතීමය වශයෙන් දඬුවම් ලැබීම වැළැක්වී යාමට මෙම කටයුතු තුලින් උත්සාහ කරනවාද යන ප්‍රශ්ණය මතුවේ.

මෙම තත්වයේදී ප්‍රචණ්ඩකාරී කටයුතු පාලනය කිරීමට පොලිසිය ප්‍රමාණවත් නොමැති බවත්, හමුදාව කැඳවිය යුතු අවශ්‍යතාවයක් ඇතිවූ බවත්, පොලිස්පතිවරයා අදහස් කරන බව දැනගැනීමට ලැබුණි. අපගේ නායක සම්බන්ධන් ‘හමුදාව යොදවන්න එපා’ යනුවෙන් ඉල්ලා සිටින ලදි. මේ සම්බන්ධයෙන් මා සමඟ සාකච්ඡා කල අවස්ථාවේ, ආරක්‍ෂාව යන නමින් නැවතත් හමුදාව ජනතාව අතරට කැඳවන්න එපා යනුවෙන් ඉල්ලා සිටියෙමි.

2015.05.19 වන දින 1200 පැයට එම සිසුවියගේ නිවසේදී ඇයගේ මව සහ ඥාතීන් හමුවීමට මමත්, අධ්‍යාපන අමාත්‍යවරයාත්, පළාත් සභා සභාපතිත් ගියෙමු. ඒ අතරේදි පුංකුඩුතිව් ස‍ර්වෝදය ශාලාවේ මහජන රැස්වීමක් පැවැත්වෙන බව සැලවීමින් පසු එහි ගියෙමු. එහිදී අපව හමුවූ තරුණයින් සහ ජනතාව අත් අඩංගුවට පත්වූ ස්ව්‍ට්සර්ලන්තයේ පදිංචි ‘කුමාර’ නැමැත්තා කොළඹට පලා ගොස් ඇති බව ප්‍රකාශ කරන ලදි.

එහිදී තුවාරගේස්වරන් මා වෙත පැමිණ ‘කුමාර’ නැමැත්තා පලාලි ගුවන් තොටුපලෙන් කොළඹ යාමට උත්සාහ කරන බවත් එය වළක්වා අත් අඩංගුවට ගත යුතු බවත්,‍ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකු පැමිණ සිටින බැවින් ඔබත් පැමින සාකච්ඡා කරන්න යනුවෙන් ප්‍රකාශ කළ අවස්ථාවේ මමත් එම ශාලාව තුලට ගොස් පොලීසිය සමග වාද කළෙමි.

පොලීසිය සාක්‍ෂියක් ලබාදෙන ඉල්ලා සිටින ලදි. එම අවස්ථවේ කුමාර නැමැත්තා කොළඹ සිටින බවට පුවතක් ලැබුණි. එය දැනගත් තුවාරගේස්වරන් මා සමඟ සාකච්ඡා කර පැමිණිල්ලක් ලියා නියෝජ්‍ය පොලිස්පති වෙත බාරදෙන ලදි. විනාඩි කිහිපයකට පසු නියෝජ්‍ය පොලිස්පතිවරයා මා සමඟ ප්‍රකාශ කළේ අදාල පුද්ගලයාව කොළඹදී අත් අඩංගුවට ගෙන ඇති බවයි. ඔහුව යාපනය අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ප්‍රකාශ කළෙමු. එයට නියෝජ්‍ය පොලිස්පතිවරයා එකඟවිය. සිදුවුයේ එයයි. නියෝජ්‍ය පොලිස්පතිවරයා වහාම ශබ්ද විකාශන යන්ත්‍රයෙන් ඒ බව දන්වනලදි. අවසානයේ මමත් නියෝජ්‍ය පොලිස්පතිවරයා මාහට ලබාදුන් පොරොන්දුව ශබ්ද විකාශන යන්ත්‍රයෙන් ප්‍රකාශ කළෙමි. ජනතාව විසිරී යන්නට පටන් ගන්නා ලදි. අප තමිල්මාරන්ව දුටුවෙත් එම ශාලාවේදීය. සිදුවුයේ කුමක්දැයි ඔහුගෙන් විමසුවෙමු. පසුව අප සියළු දෙනා එම සිසුවිය‍ගේ නිසවට ගොස් දෙමව්පියන් සමඟ සාකච්ඡා කර, සමහර කරුණු දැනගෙන පැමිණියෙමු. 1500 පැයට යාපනය පැමිණියෙමු.

මෙම සිදුවීම් සියල්ල අමතක කර සමහරෙකු අසත්‍ය පුවත් ප්‍රචාරය කර ඇත. ඒ පිළිබඳව කණාගාටුවට පත්වන්නෙමු. එහි සිට පැමිණිමෙන් සිටියදී මාර්ග වල තරුණයින් කිහිප දෙනෙකු යතුරු පැදි වලින් වේගයෙන් ගමන් කරනු දැකගත හැකිවිය. ඔවුන් කවුද යන්න දැනගැනීමට හැකිවුණේ නැත. තවද අපගේ ජිවිත කාලය තුල බොහෝ සටන් වලට, ව්‍යසනයන්ට මුහුණ දී ඇත්තෙමු.

කෙළෙහි ගුණ දත් ජනතාවත්, තරුණයිනුත් සිසුනුත් අයුක්තියට එරෙහිව නැගී සිට පිබීදීමක් ඇතිකරන ලදි. එනමුත් මෙය දරාගත නොහැකිව යටි අරමුණ සහිත බලවේග ප්‍රචණ්ඩත්වය ඇවිලවීමත්, ප්‍රචණ්ඩත්වයේ නිරතවීමත් කණගාටුවකි.

එබැවින් සාමකාමි මාර්ගයෙන් අප සටන් කරමු. අධිකරණය විසින්ම වරදකරුවන්ට දඩුවම් ලබාදීමට මඟ සකස් කරමු. අධිකරණයට පහර දෙන ප්‍රචණ්ඩත්වය එපා. ප්‍රචණ්ඩත්වයේ නිරත වන්නට එපා. නැවතත් මහ ව්‍යවසනයකට යාමට කිසිවෙකුටත් ඉඩ දෙන්න එපා යනුවෙන් ඉල්ලා සිටින්නෙමු.

පාර්ලිමේන්තු මාවෙයි සේනාධිරාජා
සභාපති
ඉලංගෙයි තමිලරසු පක්‍ෂය
උප සභාපති‍
දෙමළ ජාතික සන්ධානය

– TamilTNews

Archive

Latest news

Related news