Friday, May 3, 2024

උපුල් ජයසූරිය තමා ලද රු. 6,500,000 ක ත්‍යාගය සන්ධ්‍යා එක්නැළිගොඩට පිරි නමයි

(සන්ධ්‍යා එක්නැළිගොඩ: අතනෑර අරගලයේ යෙදී සිටින්නීය)

නීතිඥ සංගමයේ හිටපු සභාපති උපුල් ජයසූරිය මහතා විසින් කරන ලද කාර්යභාරය අගයමින් පොදු රාජ්‍ය මණ්ඩලයේ නීතිඥ සංගමයෙන් පිරිනමන ලද සම්මානය සමඟ ලැබුණු මුදල් ත්‍යාගය වූ ඩොලර් 5000 (රැපියල් 6,50000.00) ක මුදල අතුරැදහන් කළ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ වෙත ප්‍රදානය කිරීමට තීරණය කොට ඇත.

2010 ජනවාරි 24 දින කොළඹ දී පැහැර ගන්නා ලද සිය සැමියා වූ  ප්‍රගීත් එක්නැළිගොඩ සොයා ගැනීම සඳහා සහ ඔහුට යුක්තිය ලබා ගැනිම සදහා එදා සිට මෙදා තෙක් සන්ධ්‍යා ගෙන යන අරගලය දෙස්  විදෙස් මානව හිමිකම් සංවිධානයන්හි මහත් ප්‍රසාදයක් දිනා ගෙන තිබේ. ඇය අද ශ්‍රි ලංකාවේ අතුරුදහන්වීම් වලට එරෙහිව කැරෙන අරගලයේ කැපි පෙනෙන නායිකාවකි.

සන්ධ්‍යා වෙත මෙම ප්‍රදානය  මැයි මස 29 වැනිදා දහවල් 1. 15ට නීතිඥ සංගමයේ ශ්‍රවණාගාරයේ පැවැත්වෙන උත්සවයක දී පිරි නැමෙනු ඇති අතර උත්සවය පැවැත්වෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි.

Archive

Latest news

Related news