Friday, April 19, 2024

දස දහස් ගණනින් යුද බිමේ මියගිය දෙමළ ජනයා උතුරු නැගෙනහිර පුරා අනුස්මරණය කෙරේ

මිට වසර හයකට පෙර මැයි 19දා අවසානයකට පැමිණී ශ්‍රී ලංකාවේ යුද්ධයේ දී මිය ගිය දහ දහස් ගණනාවක් වන දෙමළ ජනයා අනුස්මරණය කැරෙන උත්සව මාලාවක් අදින් ( මැයි 18) අවසන් වූ සතිය තුළ උතුරු නැගෙනහිර පුරා පවත්වන ලදී.

අවසන් යුද ගැටුම පැවැති මුල්ලිවයික්කාල්හි පවත්වන්නට නියමිත වූ සමරු උත්සවයකට එරෙහිව පොලිසිය තහනම් අධිකරණ නියෝගයක් ගෙන තිබුණ ද උතුරු නැගෙනහිර මහ ඇමැති විග්නේශ්වරන් ප්‍රධානත්වයෙන් 18දා එහිදී ජන සහභාගිත්වයෙන් සමරුවක් පැවැත් වුනි.

මුල්ලිවයික්කාල් සැමරුම
මුල්ලිවයික්කාල් සැමරුම

එහිදී කතා කල මහ ඇමැතිවරයා කියා සිටියේ මියගියේ සිංහල හෝ මුස්ලිම්හෝ දෙමළවුව ද ඔවුන් සැමැරීමට ඇති අයිතිය යටපත් කළ නොහැකි බවයි. දෙමළ ජනයාගේ දේශපාලන ප්‍රශ්ණයන්ට ඉක්මන් දේශපාලන විසඳුමක අවශ්‍යතාවද ඔහු විසින් අවධාරණය කරන ලදී, ඒ සඳහා අන්තර් ජාතික ප්‍රජාව මැදිහත් විය යුතු යැයි ඔහු කියා සිටියේ ය.

මහ ඇමැති විග්නේශ්වරන් විසින් කයවන ලද ප්‍රකාශය මෙහි කියවිය හැකි ය, CM’s Message – Mullivaikal Sinhala

යාපන සරසවියෙහි සැමරුම
යාපන සරසවියෙහි සැමරුම

යාපනය සරසිවියෙහි පවත්වන ලද සැමැරුමට විශාල පිරිසක් සහභාගී වි සිටි බව වාර්තා වේ. එහි දී සැමරුම් පහණක් දල්වන ලද අතර ශෝඛ දිනයක් සේ සංකේතවත් කරමින් කලු කොඩි සරසවියේ තැන තැන ප්‍රදර්ශණය කෙරුණි.
මන්නාරම නගර ශාලාවෙහි පැවැත්වීමට නියමිත වූ සැමරුම් රැළිය තහනම් කරමින් පොලිසිය අධිකරණ නියෝගයක් ලබා ගෙන තිබුණ ද එම උත්සවය අසළ වූ උප්පුකුලම් සතීශ්වනගර් කොවිලෙහි පැවැත් විමට සංවිධායකයෝ පියවර ගත්හ.

Mannar

මීට අමතරව කිළිනොච්චිය, මඩකළපුව. ත්‍රිකුණාමළය. පුදුකුඩිඉරිප්පුහිදී ද තවත් කොවිල් ගණනාවකදී ම යුද්දයෙන් මිය ගිය දෙමළ ජනයා සිහි කිරීමේ උත්සව සහ ආගමික මෙහෙයන් පවත්වන ලදී.

පුදුකුඩිඉරිප්පු සැමරුම
පුදුකුඩිඉරිප්පු සැමරුම

පෙර වසරයන්හිදී රාජපක්ෂ පාලනය කිසිදු අයුරකින් මිය ගිය දෙමළ ජනයා අනුස්මරණය කිරිමට ඉඩ නොදුන් අතර රාජ්‍ය බලය යොදවා එවැනි සැමරුම් උත්සව කඩාකප්පල් කරන ලදී.

මඩකලපුව සැමරුම
මඩකලපුව සැමරුම

මෙම වසරෙහි දී යම් තරමක පොලිස් කන්ඩායම් සමරු උත්සව පැවැති ස්ථානයන්හි රඳවා සිටි නමුත් කැපි පෙනෙන කිසිදු මර්ධනකාරී ක්‍රියාවක නිරත වී නැත.

මුල්ලිවයික්කාල් සමරුමට සහභාගිවීමට කොළඹ සිට යමින් සිටි පිරිසකගෙන් වවුනියවෙහි දී පොලීසිය විසින් ප්‍රශ්ණ කරන ල ද අතර මුල්ලිවයික්කාල් සැමරුමට සහභාගි වූ විදේශික පිරිස් හි නම් ගම් පොලීසිය ඉල්ලා සිටි බවත් වාර්තා වේ.

Photos: Tamil Guardian

(c) SLB

Archive

Latest news

Related news