මහින්ද-මෛත‍්‍රී අසාර්ථකයි! මහින්ද අලූත් පක්‍ෂයකින් මහ මැතිවරණයට – වාසුදේව

738

එළැඹෙන මහ මැතිවරණය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නව සන්ධානයකින් තරඟ වැදීම අනිවාර්ය බව නව වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසා තිබේ.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සමඟ පැවති සාකච්චා අසාර්ථක වීම නිසා හිටපු ජනාධිපතරයා සන්ධානයේම නව එකමුතුවකින් මීළඟ මැතිවරණයට තරඟ වදින බවද ඔහු කියා සිටි බව විමල් වීරවංශගේ වෙබ් අඩවිය වාර්තා කරයි.

නව සන්ධානයේ ලකුණ හා නම මෙතෙක් තීරණය කර නැතැයිද කි ඔහු අගමැති අපේක්‍ෂක කම නොලැබෙන්නේ නම් මහින්ද – මෛත‍්‍රී සාකච්චා තව දුරටත් පැවැත්වීම නිශ්ඵල බවත් මහින්ද රාජපක්‍ෂ මහතා නොමැතිව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට කිසිසේතම ජයග‍්‍රහණය කල නොහැකි බවත් නානායක්කාර තියා තිබේ