Friday, April 26, 2024

පූජ්‍ය වටරැක විජීත හිමිට යළිත් මරණ තර්ජන

තමාට එලල් වූ මරණ තර්ජන ඇතුලු හිරිහැර සම්බන්ධයෙන් පූජ්‍ය වටරැක විජීත හිමි විසින් ජනාධිපති සිරිසේන වෙත යවන ලද ලිපයක් අප වෙත ලැබී ඇත. එය පහත පළවේ.

පූජ්‍ය වටරැක විජීත හිමි,
ප‍්‍රාදේශීය සභා මන්ති‍්‍ර (මහියංගනය)
මහවැලි මහා විහාරය,
රොටලවෙල,
මහියංගනය.
2015-03-23

මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා,
අතිගරු ජනාධිපති,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ.

අතිගරු ජනාධිපතිතුමන් හමුවීමට යන ගමන වලක්වා පොලීිසියට ගෙන ගොස් පැය 8 1⁄2 ක් රඳවා තබා ගැනීම

2015 මාර්තු 21 සෙනසුරාදා ඔබතුමා මහියංගන රජමහා විහාරයට ආශිර්වාද පූජාවක් සඳහා සහභාගි වන බව මා හට දැන ගැනීමට ලැබිණි.

මේ දිනවල මහියංගන ගොවි ජනතාව මාස් කන්නයේ වී අස්වැන්න නෙළා ගැනීම අවසන් වෙමින් පවතින අතර වී මිළ රුපියල් 29, 30ත් අතර පවතී. රජයේ සහතික මිළට වී මිළ දී ගැනීමේ වැඩ පිළිවෙලක් මහියංගනයේ කි‍්‍රයාත්මක නැත.

එබැවින් අතිගරු ජනාධිපතිතුමන් මේ පිළිබ`දව දැනුවත් කොට අසරණ ගොවීන් වෙනුවෙන් රුපියල් 50ට වී මිළදී ගන්නා ලෙස ඉල්ලා ලිපියක් භාර දීමට මා තීරණය කළෙම

ඒ අනුව 2015 මාර්තු 21 මහියංගනයට පැමිණෙන ජනාධිපතිතුමන් හමුවීමට මා මගේ රොටලවෙල පන්සලේ සිට මහියංගනය දක්වා එදින දහවල් 12ට තී‍්‍රරොද රථයකින් ගමන් කරමින් සිටියෙමි.

හෙබරව හංදියේදී පොලිස් නිළධාරීන් 15 දෙනෙකු පමණ මාගේ ගමන නවතා ඉදිරියට යාමට ඉඩදිය නොහැකි බවත් සි.ටී.සි හන්දියේ කඩුවක් ගෙන 6 දෙනෙකු ඔබ වහන්සේ කපා දමන්නට සිටින බව 119 පණිවිඩ දෙකකින් ආරංචි ලැබී ඇති බවත් කීවා.

ගිරාදුරුකෝට්ට පොලිසියේ ජීප් රථයෙන් පැමිණි ස්ථානාධිපතිතුමා හා තවත් යතුරුපැදි 5කින් පැමිණි පොලිස් නිළදාරීන් මාගේ ගමන වලක්වනු ලැබුවා. මාගේ ජංගම දුරකතනයද උදුරා ගත්තා.

ණය බරින් මිරිකී ගං වතුරටද හසුවී අලින්ගෙන් බේරා ගත් වී ටික වැඩි මිලට දී ගන්නට නොහැකිව රජයටද දොස් කියමින් සිටින ගොවීන්ගේ මෙම ප‍්‍රශ්නය පයින් හෝ ගොස් ජනාධිපතිට කියන බව කියා මා එතන සිට මහියංගන දෙසට පයින්ම ගමන් කළෙමි. කි.මී 3 1⁄2 පමණ ගින්නෝරුව දක්වා මා පයින් යන විට පෙර කී ජීප් රථය, යතුරුපැදි හා පොලිස් නිළධාරීන් මගේ ගමනට බාධා කරමින් ගමන් කළා.

ගින්නෝරුව කන්ද නගිද්දී වෙහෙසට පත් මා බිම ඇද වැටුනු අතර පොලිස් නිළධාරීන් මා වත්තන් කොට ජීප් රථයට නංවා ගෙන දහවල් 1ට පමණ ගිරාදුරුකෝට්ට පොලිසියට ගෙන ආවා.

ගිරාදුරුකෝට්ට පොලිසියට ගෙන ආ මා සතුව තිබු ජනාධිපතිට ලියූ ලිපිය ස්ථානාධිපතිතුමා රුගෙන පොලිස් නිළධාරින් දෙදෙනෙකු අත යතුරු පැදියකින් මහියංගණයේ සිටින සහකාර පොලිස් අධිකාරිතුමාට දෙන්නට කියා යැව්වා.

රාතී‍්‍ර 8ට පමණ සහකාර පොලිස් අධිකාරි සහ නියෝජ්‍ය පොලිස්පති යන දෙදෙනාම ගිරාදුරුකෝට්ට පොලිසියට පැමීණියා. වහාම ඔවුන් මාව ස්ථානාධිපතිතුමා සම`ග ජීප් රථයෙන් දිස්ති‍්‍රක් වෛද්‍ය නිළධාරීතුමා වෙත යොමු කොට වෛද්‍ය වාර්තාවක්ද ගත්තා. නැවත පොලිසියට රුගෙන ආ මා ගෙන් කට උත්තරයක් ගෙන උසාවියකට කරුණු වාර්ථා කල යුතු යැයි කියා තවත් කොළයකටද අත්සන් ගත්තා. තී‍්‍රරෝද රථ රියදුරු ගෙන් ද කටඋත්තරයක් ගත්තා.

ගොවියෙක් වන රටේ ජනාධිපති වි සහතික මිළ රුපියල් 50 කළාට පින් දෙමින් මේ වන විට මහියන්ගණයේ එක වී ඇටයක් කිරලා නැති බවත් වහාම වී මිළ දී ගැනීම අරඹන්න කියා කරුණාවෙන් ඉල්ලා සිටීමට ගිය ගමනට මේ අයුරින් නීති විරෝධ් ලෙස බාධා කළේ ඇයි?

  • පොලිසිය කියන පරිදි 119 දුරකතන ඇමතුම් දෙකට අනුව සත්‍ය ලෙසම කඩු තියා ගෙන මා කපා කොටා දමන්නට 6 දෙනෙකු සි.ටී.සි හන්දියේ සිටිනවා නම් ඔවුන් අත්අඩංගුවට නොගෙන පැය 8 1⁄2 ක් පොලිසියේ මා ර`දවා තබා ගත්තේ ඇයි?
  • අසරණ ගොවි ජනතාවගේ ප‍්‍රශ්න ගැන ජනාධිපතිතුමන් දැනුවත් කොට විසදුම් ලබා දෙනවාට අකමැති යම් කුමණ්ත‍්‍රනකාරී පිරිසක් රජය අපහසුතාවයට ලක් කිරීමට කටයුතු කළාද?
  • ප‍්‍රදේශයේ ගොවි ජනතාව නියොජනය කරන මහජන නියෝජිතයකු ලෙස මා හට දෙන ලද වද හිංසා පිළිබඳ විධිමත් පරීක්ෂණයක් කරන්නේද?
  • පසුගිය රජය සමයේ බොදු බල සේනා සංවිධානයේ පහර දීම් හා මරණීය තර්ජන නිසා වසර 1 1⁄2ක් රටේ තැන තැන සැ`ගවී සිටි මා හට යහපාලනය යටතේත් මරණ තර්ජන එලෙසම පවතින්නේද?
  • මේ වන විට මහියංගන ගොවි ජනතාවගේ විශාලම අර්බුධය වන වී මිළදිී ගැනීම අරඹන්නේ කවදාද?

මේ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පවත්වා මහියංගන ගොවි ජනතාවටත් මටත් සාධාරණය ඉතා ඉක්මණින් ලබා දෙන ගොව් පුතෙකු වන ඔබතුමා ගෙන් කරුණාවෙන් ඉල්ලමී.
මීට
අවංක,

ශාස්ත‍්‍රවේදි පූජ්‍ය වටරැුක විජීත හිමි
ප‍්‍රාදේශීය සභා මන්ති‍්‍ර (ශි‍්‍ර.ල.නි.ප )
මහියංගනය

Archive

Latest news

Related news