Tuesday, July 16, 2024

නිර්මාල් රංජිත්ට පහරදීම: විරුද්ධ මතධාරීන්ට පහර දෙන්නට දඬුවම් කළ යුතුය- නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

(නිවේදනයකි)
2015 ලෝක කම්කරු දිනය සමරා විමල් වීරවංශ මහතාගේ පක්‍ෂය සහ හිටපු ජනාධිපතිවරයාට සහයෝගය දක්වන අනෙකුත් පක්‍ෂ හා කණ්ඩායම් කිහිපයක් එක්ව කිරුළපන, ලලිත් ඇතුලත්මුදලි පිටියේ පැවැත්වූ මැයි දින රැුළියට සවන් දෙමින් සිටි විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ හිටපු සභාපති, ආචාර්ය නිර්මාල් රංජිත් දෙවසිරි මහතාට ප‍්‍රහාරයක් එල්ල කිරීම දැඩි සේ හෙළා දකින නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, බලයෙන් පිරිහුනත් විරුද්ධ මතධාරීන් දඩයම් කිරීමේ පුරුද්ද අත්හැරිය නොහැකිව වියරුවෙන් කි‍්‍රයා කරන ප‍්‍රචණ්ඩකාරී දේශපාලකයන්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කළ යුතු බව අවධාරණය කර සිටී. විශ්ව විද්‍යාල ප‍්‍රජාවගේ සහ අධ්‍යාපනයේ ගැටලූ සම්බන්ධයෙන් පමණක් නොව රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කොට, යහපාලනයක් ගොඩනැගීම වෙනුවෙන් ද කි‍්‍රයාකාරීව මැදිහත් වූ විශ්ව විද්‍යාල ප‍්‍රජාව අතර කැපී පෙනුන පුද්ගලයෙක් වූ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා සමාජ යහපත වෙනුවෙන් අභීතව සිය අදහස් පළ කළ අයෙකි.

එලෙස දේශපාලනිකව සංවේදී බොහෝ අය, විවිධ පක්‍ෂ, කණ්ඩායම් විසින් පවත්වන මැයි දින රැුළිවල දී කරන ප‍්‍රකාශ හා අදහස් දැන ගැනීමට කැමැත්තෙන් මැයි දින රැුළි නැරඹීම හා සවන් දීම සාමාන්‍යයෙන් සිදුවේ. දේවසිරි මහතා අඳුනාගත් මැයි රැුළියේ ආධාරකරුවන් ඔහුට පහර දී ඇත්තේ එසේ ඔවුන්ගේ මැයි රැුළිය නරඹමින් සිටියදීය. ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධීව විරුද්ධ මතධාරීන් මර්දනය කිරීමට වෛරී සහගත භාෂාවකින් අවලාද නැගූ, විරුද්ධ මතධාරීන්ට එරෙහිව තමන්ගේ ආධාරකරුවන් මෙහෙයවන ආකාරයේ පෙළඹවීම් කළ විමල් වීරවංශ වැනි දේශපාලකයන් ප‍්‍රමුඛව පැවැත්වූ ඉහත කී මැයි රැුළියේ දී කළ ප‍්‍රහාරයෙන් පෙනී යන්නේ බලයෙන් පිරිහී සිටියත් පරණ පුරුදු ප‍්‍රචණ්ඩත්වයෙන් ඔවුනට මිදෙන්නට නොහැකි වී ඇති ආකාරයයි. මෙවැනි ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවලට ඉඩ නොතබා, ප‍්‍රහාරකයන්ට එරෙහිව නීතිමය කි‍්‍රයා ගන්නා ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඉල්ලා සිටී.

එමෙන්ම, පසුගිය දින කිහිපය තුළ ජනමාධ්‍යවේදීන් ඉලක්ක කරගත් සිදුවීම් කිහිපයක් වාර්තා වීම සම්බන්ධයෙන් ද කණගාටු වන නිදහස් මාධ්‍ය ව්‍යාපරය, මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් යම් යම් සාධනීය කටයුතු කිහිපයකට මුල පුරා සිටින නව රජය යටතේ ද පරණ පුරුදු අකටයුතුකම් සිදු වීම හෝ ඒවා සිදු කරන්නේ පරණ චණ්ඩිකම් අත් හරින්නට නොහැකි පාර්ශ්වයේ අය යැයි කියා නිහඬ වීම හෝ බරපතල තත්ත්වයක් බව අවධාරණය කරයි. පෝද්දල, බෝපේ ප‍්‍රාදේශීය සභාවේ පවත්වාගෙන යන මාතෘ සායනයක අඩුපාඩු වාර්තා කරමින් සිටි ස්වාධීන රූපවාහිනී සේවයේ වාර්තාකරුට එම ප‍්‍රදේශීය සභාවේ උප සභාපතිවරයා විසින් පහර දී බාධා කරන ලදී. වැඩ අවසන්ව අපේ‍්‍රල් 30 වැනිදා රාති‍්‍රයේ නිවස බලා යමින් සිටි ස්වර්ණවාහිනී ආයතනයේ ලයිව් ඇට් 8 කොළඹ වාර්තාකරු ශාන් නුගවෙලට වැල්ලම්පිටිය, සාලමුල්ල ප‍්‍රදේශයේ දී පොලීසිය විසින් පහර දීමක් සිදු කර ඇත්තේ නතර කරන්නට අණ කළත් යතුරු පැදිය නතර නොකළ නිසායැයි පොලීසිය පවසා ඇත. තමා මාධ්‍යවේදියකු බවත්, නතර කරන්නට සංඥා කරනු නොදුටු බවත් ප‍්‍රකාශ කොට සමාව ඉල්ලා සිටිය ද ඔහුට පහර දුන් බව වාර්තා වේ.

චුන්නාකම් ප‍්‍රදේශයේ ජල දූෂණය සම්බන්ධයෙන් මහ ඇමැතිවරයා විසින් පසුගිය දා යාපනය කච්චේරියේ පැවැත්වූ රැුස්වීම වාර්තා කිරීමට යාපනයේ මාධ්‍යවේදීන්ට ඉඩ ලබා දී නැත. ජල දූෂණය සම්බන්ධයෙන් අනාවරණය කළ මාධ්‍යවේදීන්ට අදාල තොරතුරු ලැබීම වැළැක්වීමට ගන්නා ලද එම පියවර තොරතුරු ලබා ගැනීමේ පනතක් ගෙන ඒම ප‍්‍රතිපත්තිමය වශයෙන් පිළිගෙන ඒ සඳහා කටයුතු කරමින් යන නව රජයේ ප‍්‍රතිපත්තිවලට ද පටහැනිය. වැරැුදිකරුවන් සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වා මෙවැනි වැනි කි‍්‍රයා යළි සිදු නොවීමට රජය මැදිහත් වනු ඇතැයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ තරයේ අපේක්‍ෂා කරයි.

සීතා රංජනී – කැඳවුම්කාරිනි, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

Archive

Latest news

Related news