සෑර් මාර සීන් එක නේ උනේ..!

443

ඊයේ මහ රෑ 19 සම්මත කොර ගත්තායින් පස්සේ, බොහෝම අමාරුවෙන්, මහින්ද මහත්තයා සම්බන්ධ කොර ගත්තේය..

සෑර් මාර සීන් එක නේ උනේ..!

ඇයි මොකක්ද මාතේ සීන් එක…? මෙහෙටත් භූමී කම්පාවක්ද..?

භූමීය කම්පා නොවෙයිද සෑර්…?

ඇයි මක්කෙයි වෙලා තියෙන්නේ.. ?

වෙලා තියෙන්නේ…?, ඔබ තුමා කොහෙද ඉන්නේ…?

ඉන්න හිටින්න තැනක් නෑ බං.., අනික මම කොහේ හිටියම උඹට මොකටෙයි..? ඇයි කවුරු හරි එවන්නද වතුර බෝතලේකුත් එක්ක…?

සෑර් මාර සීන් එක නේ උනේ..!
සෑර් මාර සීන් එක නේ උනේ..!

නෑ නෑ සෑර්.., 19 සම්මතයි..!!!

මොකා…? එහෙම කොහොමද..? මුන් ඔක්කෝම ගියේ.., ඕකට කෙලිනවා කියලනේ..

ඒකට කෙලිල්ල කෙසේ වෙතත්, ආන් ඔක්කොම එකතුවෙලා ඔබ තුමාට කෙලලා…, සරත් වීරසේකරයා ඇර..

සරත් වීරසේකර..? මොකාද බං ඒ..?

අද්මිරාල් වීරසේකර සෑර්, අර ගම් බට්ටන්ට දන ගහලා වඳින්න, ගොයිතැන් කොරන්න උගන්නපු පොර.., අර ගාමණී කියලා පට්ට සෝ එකක් හැදුවේ..

හරි හරි…, මම අර පෝලිම පන්නලා පෙන්නපු සෝ එකනේ..?

අන්න බලන්න සෑර්…, ඌ විතරයි සෑර්ට ඡන්දේ දීලා තියෙන්නේ..

එතකොට විමලේ..?

විමලේ, සංසෝධන වලට එකඟ උන නිසා දෙනවයි කිව්වේ…

මොන සංසෝධනෙයි..? දෙපාරකට වැඩියේ ඉල්ලන්න බෑ කියන එකටෙයි…? මූව තියන්න වටින්නේ නෑ නේ යකෝ…

නෑ නෑ ඒක සම්මතයි..

මක් කිව්වා.. ඒක සම්මතෙයි..?

සමතයි නේන්නම්, ඇයි සෑර් අර නාමල් බේබිත්, පක්ෂා….යි කිව්වේ..

යකෝ…!, මෙහෙම උන් හැදුවට වඩා හොඳයි නේ සරමේ පිහලා දැම්මා නම්…

එහෙම කියන්න එපා සෑර්.., පොරටත් කේස් අදින්න නේ යන්නේ.., සෑර් වගේම එයාලත් බේරෙන්න එපාය..

යකෝ උන් බේරෙන්න අප්පච්චිගේ හීනේ කුඩු කරන එක හරිය.. එතකොට අර බන්ධුල ගුණවර්ධනද මොකාද එකා..?

සෑර්…, ඒ යකාගේ මන්ත්‍රී වරප්‍රසාද වලට කෙලවෙලා ඉන්නේ… තවත් කෙලවන්න ආවොත් හෙම, ගෝල්ෆේස් එකේ දැලිපිහියෙන් බඩ කපගෙන මැරෙනවය කිව්වේ..

ඉතින් ඌ බඩ කපාගෙනද..?

පිස්සුද සෑර්…, උන් කවද්ද කියපු දේ කලේ..? ඔන්න ඌත්, පක්ෂා…..යි ගෑවේ..

නෙද්දකින් ගල් මූසලයා… එතකොට අහවල් එකටෙයි විමලේ කැමති වෙලා තියෙන්නේ…?

අර පාක්‍යසෝති දාන්න එපා කියන සංසෝධනේට..

දැන් එතකොට ඌ දාන්නේ නැද්ද..?

හරියට දන්නේ නෑ සෑර්.., හොයලා බලලා තමයි කියන්න වෙන්නේ..

එහෙනම් ඒකට විමලේ දානවා ඇති..? මක්කා හරි හම්බ වෙන්නේ නැතුව ඕකා කාටත් ඡන්දේ දෙන්නේ නෑ.. මම නොදන්නවය ඒ පුතයගේ හැටි.. අඩු ගානේ සංධානෙන් නොමිනේසොන් දෙනවා කියලා සිරා කියන්න ඇති.. හා නැතෙයි..?

එහෙනම්, එහෙම හරි වෙන්න ඇති සෑර්..

කතෘ අඥාතය