Thursday, May 2, 2024

දුවන වාහනයේ එල්ලුණු හෙළ උරුමය සුක්කානම අතට ගන්න හදනවා – වමේ කේන්ද්‍රය

(දුවන වමේ කේන්ද්‍රයේ කඳවුම්කරු චමීර පෙරේරා )

වාහනයේ එල්ලුණු ජාතික හෙළ උරුමය එම වාහනයේ සුක්කානම අතට ගැනීමට උත්සාහ කරන බව වමේ කේන්ද්‍රයේ කඳවුම්කරු චමීර පෙරේරා පවසයි.

චමීර පෙරේරමෙහතා මෙම හස් පළ කළේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව අතුරලියේ රතන හිමි සහ පාඨලී චම්පික රණවක ඇමතිවරයා ගෙන යන ප්‍රචාරවලට පිළිතුරු දීම පිණිස මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමිනි. ඔහු වැඩි දුරටත් සඳහන් කරන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට ජනවරමක් ලබා දුන්නා මිස ජාතික හෙළ උරුමයට ජනවරමක් ලබා දී නැති බව ය. ජනාධිපතිවරයාට ජනවරම ලබා දී තිබෙන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට බවද වමේ කේන්ද්‍රය අවධාරණය කරයි.

වමේ කේන්ද්‍රය සඳහන් කරන්නේ පසුගිය ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වූ මෛත්‍රීපාල සිරිසේන මහතා වටා බොහෝ පිරිස් හා සංවිධාන එකතු වීමෙන් පසුව ජාතික හෙළ උරුමය එයට සහභාගී වූ බ වය. එය ඔවුන් හඳුන්වන්නේ දුවන වාහනයේ එල්ලීමක් වශයෙනි.

එම පක්ෂයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය දීමට ඉදිරිපත් වූ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඉතා කෙටි කලෙකින් මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ජාතික හෙළ උරුමය පක්ෂය පාවා දී මහින්ද රාජපක්ෂ මහතා සමඟ එක් විය. මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විධායක ජනාධිපති ධූරයේ බලතල අඩු කිරීම සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අනෙකුත් සියලු පක්ෂ අනුමත කර තිබියදී ජාතික හෙළ උරුමය ජන මතයට එරෙහිව කටයුතු කරමින් සිටීම මෙයට හේතුව ය.

– ක්ලම්බු පොස්ට්

මාධ්‍ය සාකච්ජව මෙහි ඇත

Archive

Latest news

Related news