Friday, April 26, 2024

සිසු ප්‍රහාරය ගැන අගමැති කාර්යාලයෙන් නිවේදනයක්

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයවිසින් සංවිධානය කෙරුණු විරෝධතාව පිළිබඳව පළ වූ පුවත් වාර්තා සම්බන්ධයෙන් අප කාර්යාලයේ අවධානය යොමු වී ඇත.

අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත සංදේශයක් බාරදීමට ඇති බවට පූර්ව දැනුම් දීමක් ශිෂ්‍ය බලමණ්ඩලයවිසින් සිදු කර නොතිබිණි. ඔවුන් දන්වා තිබුණේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම වෙත සංදේශයක් බාර දීමටපැමිණෙන බවකි.

නමුත් පෙළපාලියේ ගමන්මග හදිසියේම වෙනස් කොට කොල්ලූපිටිය ප්‍රදේශයට පැමිණි ඔවුහු අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත සංදේශයක් බාර දීමට අවශ්‍ය බැව් දන්වා සිටියහ. ඒ සඳහා නියෝජිතයන් 5 දෙනෙකුට අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත පැමිණෙන මෙන් ආරාධනා කර සිටියද, ඒ ආරාධනාව නොතකා පොලිසිය සමග ගැටීම නිසා මෙම තත්ත්වය උද්ගත විය.

මෙවැනි අවාසනාවන්ත සිද්ධියක් සිදුවීම කණගාටුවට කරුණකි. නමුත් සිය නියෝජිතයන්ට අග්‍රාමාත්‍ය කාර්යාලයට පැමිණීමට විරෝධතාකරුවන් සාමකාමීව ඉඩකඩ සැලසීනම් මෙවැනි තත්වයක් උද්ගත වන්නේ නැත.

2015 අප්‍රේල් 01

Archive

Latest news

Related news