Saturday, April 20, 2024

ලංකාදීප කර්තෘ ජෙයකුමාරිගේ නඩුව අසයි

අද උදෑසන අධිකරණය මගින් නිදහස් කරන ලද මානව හිමිකම් ක්‍රියාකාරිනී බාලෙන්ද්‍රන් ජෙයකුමාරි සම්බන්ධ පුවත පළ කරන ලංකාදීප පුවත්පත් ඒ සමඟම ඇය සම්බන්දයෙන් තීරණයක් ද දී තිබේ.
ලංකාදීප කර්තෘ සිය පාඨකයින්ට කියන්නේ කොටියාට පණ දෙන්න ගිය කතට ඇප කියා ය.

එම වාර්තාව මෙසේ ය:
මස 10 11:23:06 | ෆාරුක් තාජුඞීන්

කොටි සංවිධානය යළිත් නගා සිටුවීමට උත්සාහ කළැයි සැකපිට අත් අඩංගුවට ගත් බාලචන්ද්‍රන් ජෙයකුමාරි නම් කාන්තාවට කොළඹ මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය රුපියල් දෙලක්ෂයක ශරීර ඇප නියම කළාය.
ගෝපි නම් කොටි සාමාජිකයකුට රැකවරණය දුන්නැයි ඇය අත් අඩංගුවට ගෙන තිබේ. ඇයටද පද්මාවතී මහලිංගම් නම් කතද ඇතුළු තවත් අට දෙනෙක් නීතිපති උපදෙස් මත දැඩි කොන්දේසි සහිත ඇප ලදහ

කතුවරයාගේ ශිර්ෂයේ සඳහන් ‘කොටි කතට පණ දෙන්න ගිය‘ බවට ඇති නිගමනය වාර්තාවේ නැත.

ඇය වසරකට ආසන්න කාලයක් කිසිදු චෝදනාවක් නැතිව රැඳවුම් බාරයේ තබා සිටි බව හෝ ඇයගේ දියණිය එම කාලය පුරාම පරිවාස බාරයේ තබා සිටි බව හෝ වාර්තාවේ කිසිම තැනක නැත.

මෙම වාර්තාව යලිත් පෙන්නුම් කරන්නේ සිංහල ජනමාධ්‍ය යෙහි ඇති වාර්ගික අගතීන් ය. මෙම ශිර්ෂය ජනමාධ්‍ය ආචාර ධර්ම අනුව ලිවිය යුතු වන්නේ ‘කොටියාට පන දෙන්න ගියැයි කී කතට ඇප‘ වශයෙන් බන ලංකාදීප කර්තෘට කියා දීමට කෙනෙක් නැත්ද?

Archive

Latest news

Related news