Friday, March 29, 2024

දෙමළ ජාතික රැදවියන් නිදහස් නොකිරීම පොරොන්දු කඩ කිරීමකි – ලංකා ජාත්‍යන්තරය

(ශ්‍රී ලංකාවේ රැදවියන්: පුසතකාල ජායාරූපයකි)
පුවත්පත් නිවේදනය /08.03/2015.
පසුගිය ජනවාරි 08 දින පැවැති ජනාධිපතිවරණයෙහි දී මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකාවේ බහුතර ජනයාගේ කැමැත්ත ලැබීමට ප්‍රධාන හේතුවක් වූයේ රටෙහි නීතියේ පාලනය පිහිටුවන බවට දෙන ලද පොරොන්දුවයි.

නීතියේ පාලනය පිහිටුවීම යන කාරණයට යනු අවනීතික ලෙස දිර්ඝ කාලයක් චෝදනා ඉදිරිපත් නොකර දේශපාලන හේතූන් උඩ රඳවා සිටින දෙමළ ජාතික රැදවියන් සම්බන්දයෙන් සාධාරණය ඉටු කිරීම ද ඇතුළත් බව අපේ විශ්වාශය යි.

එසේ නමුත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධූරයට පත් වී නව අමාත්‍ය මණ්ඩලයක් ද පිහිටුවා දෙමසක් පිරෙන මෙම අවස්ථාව වන තුරු එකී දෙමළ ජාතික රුදවුම්කරැවන් සම්බන්ධයෙන් කිසිදු සාධනීය පියවරක් ගැනීමට ආන්ඩුව අසමත් වීම අප දකින්නේ ශ්‍රී ලංකාවෙහි ආයතන ගත වාර්ගික විශම සැළකීම එළෙසම පවත්වා ගෙන යෑමක් ලෙසය.

මෙම විශම සැළකීමට ආසන්තම උදාහණයක් වන්නේ පොලිස් අත් අඩංඟුවට ගෙන සම්පූර්ණ වසරක් පිරීමට ආසන්න වන බාලේන්ද්‍ර ජෙයකුමාරී නම් දෙමළ ජාතික කාන්තාව සම්බන්දයෙන් පොලීසිය සහ දේශපාලන බලධාරීන් දක්වන අපරාධකාරි පිළිවෙත ය. වසරකට ආසන්න වීත් ඇයට එරෙහිව අධිකරණය හමුවෙහි කිසිදු චෝදනාවක් ගොනුකර නැති පොලීසිය ඇයට ඇප ලබා දීමට දිගින් දිගටම විරුද්ධ වීමය. එක් සිදුවීමක් සම්බන්දයෙන් පරීක්ෂන අවසන් කිරිමට දවස් 350ක් ප්‍රමාණවවත් නැත යන පොලීසියේ/ ආන්ඩුවේ තර්කය සහමුලින්ම අතාර්කිකය. මෙම මුලු කාලය පුරාම ඇයගේ ලබාල දියණිය රජය විසින් පරිවාස බාරයේ රඳවා ගෙන සිටීම ද අප මහත් කණස්සල්ලට හේතුවෙයි.

ඇයට ඇප ලබා දීම මගින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වනු ඇතැයි යන තර්කය පුස්සකි.

තවත් ආසන්න නිදසුනක් නම් පසුගිය දෙවැනි දින කොළඹ කටුනායක ගුවන් තොටුපළෙහි දී ජයගනේශ් පකීරති නම් දෙමළ මවක් සහ අට හැවිරිදි ඇයගේ දියණිය අත් අඩංඟුවට ගැනීමයි. මෙයට වසර 15කට පෙර එල්ටීටීඊ සංවිධානයේ සටන්කාරියක

ලෙස සේවය කළ ඇති ඇය 2005 වසරෙහි සිට ජීවත් වන්නේ ප්‍රංශයෙහි ය. දැන් ඇය දින 90ක රුදවුම් නියෝගයක් යටතේ අපකීර්තිමක් ත්‍රස්ත විමර්ශණ අංශය යටතෙහි තබා තිබේ. මෙම කාන්තාව ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් යැයි පිළිගැනීම ඉතා දුෂ්කර වන අතර මෙම සිදුවීමෙන් ද පෙන්නුම් කැරෙන්නේ මෙරට දෙමළ ජනයාට එරෙහිව ක්‍රියාත්මක වන විෂම සහ යුදවාදී පිළිවෙත මිස අනෙකක් නොවේ. දැන ඇයගේ අට හැවිරිදි දියණිය ද රැඳවුම්බාරයේ ජිවත් වෙයි. ඇය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කිරීම අවශ්‍ය නම් ඇය රැදවුම්බාරයට පත් නොකර එය කළ නොහැක්කේ ඇයි දැයි ආන්ඩුව පැහැදිළි කළ යුතු ය.

බරපතල චෝදනාවන්ට මුහුණ දී සිටින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රශ්ණ කිරීමට ඔහුගේ නිවසට යැමට තරම් කාරුණික වන පොලීසියක් විසින් ජෙයකුමාරි සහ පකිරතී සම්බන්ධයෙන් දක්වන විශම සැළකිල්ල සැළකිල්ලට ගන්නා විට මෙම අසාධාරණය තීව්ර වෙයි.

එමෙන්ම පසු ගිය දෙමසක කාලය තුළ ශ්‍රී ලංකාවෙහි සංචාරයට පැමිණි විදේශ ගත දෙමළ ජාතිකයින් දස දෙනෙකු අත් අඩංඟුවට ගෙන ඇති බවටත් එළෙස පැමිණි පවුලක් පසුපස බුද්ධි අංශ නිලධාරීන් අහේතුකව හඹා ගිය බවටත්දෙමළ ජාතික සන්ධානයේ පා.ම. සුරේශ් පේමචන්ද්‍රන් විසින් කර ඇති චෝදනාව සම්බන්ධයෙන් අධිකරණ ඇමතිවරයා වහාම කරුණු පැහැදිළි කළ යුතු යැයි ලංකා ජාත්‍යන්තරය කියා සිටී. මෙළෙස අත් අඩංඟුවට ගන්නා ලද සමහර පුද්ගලයින්ගෙන් නිදහස් කිරීම පිනිස ලක්ෂ ගණනින් කප්පම් ගන්නා ලද බවට විශ්වසනීය තොරතුරු ලංකා ජත්‍යන්තරය වෙත ලැබී තිබේ.

වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගැමති රනිල් වික්‍රමසිංහ එල්ටීටීඊ හිතවාදීන්ට රට පවා දෙන ද්‍රෝහීන් ලෙස ප්‍රසිද්ධියේ චෝදනා කළ තිස්ස අත්තනායක වැනි දේශපාලනඥයින්ට දින කිහිපයක් ඇතුළත ඇප ලබා දුන්නේ ද වසර ගණන් චෝදනා නැතිව රඳවා සිටින දෙමළ ජාතික රුදවියන් සම්බන්දයෙන් නිහඬ පිළිවෙතක් ගෙන යන මෙම ආන්ඩුවයි.

සෙස සියලු කරුණු සැළකිල්ලට ගෙන දෙමළ ජාතික දේශපාලන රැදවියන් සම්බන්දයෙන් සාධාරණය ඉටු කිරිමට ඉක්මන් පියවර ගන්නා ලෙසත් ඉල්ලා සිටින ලංකා ජාත්‍යන්තරය එළෙස පියවර ගන්නා ලෙස ආන්ඩුවට බල කරන්නැයි රටෙහි සියලු ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයන්ට ආයාචනය කරයි.

ලංකා ජාත්‍යන්තරය වෙනුවෙන්
රංජිත් හේනායකආරච්චි

Archive

Latest news

Related news