Tuesday, July 16, 2024

මුලතිව්: මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා නැහැ; හමුදා මැදැහත්වීම් නැහැ – කැෆේ

(මුලකිව් – 2013)

මුලතීව් පළාත් පාලන මැතිවරණය 2015/කැෆේ සංවිධානයේ අතුරු වාර්තාව-
පුදුකුඩිඉරිප්පු හා වෙරළබඩපත්තු පළාත් පාලන ආයතන මැතිවරණයට අදාල ප්‍රචාරක කටයුතු අද (25) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි. මැතිවරණය පැවැත්වෙන ප්‍ර දේශයන්හි පොලීසිය විසින් පූර්ණ වශයෙන් ආරක්ෂාව තහවුරු කොට ඇති අතර මැතිවරණ පූර්ව සමයේ කිසිදු ගැටුම්කාරී සිදුවීමක් හෝ බලපැම්කාරී මැතිවරණ නීති උල්ලංඝණය කිරීමක් සිදු නොවීය. සිවිල් කටයුතු සදහා මැදිහත්වී පිළිබදව දිගින් දිගටම චෝදනා එල්ල වූ හමුදා අංශ මේ මස 28 දින පැවැත්වීමට නියමිත පළාත් පාලනමැතිවරණයේ ප්‍රචාරක කටයුතු හෝ වෙනත් කිසිදු මැතිවරණ ක්‍රියාවකට සම්බන්ධ නොවීම සතුටට කරුණකි.

පූර්ව මැතිවරණ සමයේ සාමකාමී පරිසරයක්
පළාත් පාලන මැතිවරණයට අදාලව ගැටුම්කාරී තත්වයන් හා අක්‍රමණශීලි ප්‍රචාරක කටයුතු සිදු කිරීම් හෝ 2015 පෙබරවාරි මස 24 වැනිදා දක්වා වාර්තාවී නැත. දේශපාලන පක්ෂවලට නිදහසේ සිය මැතිවරණ කටයුතු කරගෙන යාමට මෙම මැතිවරණයේදී අවස්ථාව ලැබුණු බව කැෆේ සංවිධානයේ නිරීක්ෂණයයි. සාමකාමී පූර්ව මැතිවරණ තත්වයක් පුදුකුඩිඉරිප්පු හා වෙරළබඩපත්තු ප්‍රදේශවල දක්නට ලැබුණි.

ආරක්ෂක හමුදා මැදිහත්වීම් නෑ
මීට පෙර මුලතිව් දිස්ත්‍රික්කයේ පැවති මැතිවරණවලදී ආරක්ෂක අංශවල මැදිහත්වීම දැඩි අවධානයට ලක්වූ කරුණක් විය. පෙර මැතිවරණවලදී ආරක්ෂක අංශ ක්‍රියාකාරී ලෙස මැතිවරණ කටයුතු සදහා බලපෑම් කරනු නිරීක්ෂණය කිරීමට හැකියාව ලැබුණත් මෙවර මැතිවරණයේදී එම තත්වය වෙනස්වී ඇත. මෙවර මැතිවරණයේ දී ආරක්ෂක අංශ හෝ හමුදාවේ සම්පත් මැතිවරණ කටයුතු සදහා යොදාගත් බව වාර්තාවූයේ නැත‍.

මුලතිව් දිස්ත්‍රික්කය
මුලතිව් දිස්ත්‍රික්කය

නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීම ප්‍රශස්ත මට්ටමකින් පැවතිණි. අවතැන් කදවුරුවල, තමන්ගේ ඥාතීන්ගේ හෝ හිතවතුන්ගේ නිවෙස්වල ජීවත්වන සහ තමන්ගේ උපන්ගම් බිම් වලින් ඈත ප්‍ර දේශයන්හි නැවත පදිංචි කිරීම් සිදු කර තිබූ පුද්ගලයින් බහුතරයකට පවා මේ වන විටත් නිල ඡන්ද පත්‍රිකා තැපැල් මගින් බෙදා හැර ඇත. පසුගිය ජනාධිපතිවරණය හා සැසදීමේ දී මෙවර නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීම වඩාත් සතුටුදායක මට්ටමක පවතී. නිල ඡන්ද පත්‍රිකා සීමිත සංඛ්‍යාවක් තැපැල් කාර්යාලවල තිබෙන වන නිරීක්ෂණය වූ අතර මෙයින් බහුතරයක් වෙනත් ප්‍ර දේශයන් හි රැකියා හෝ පදිංචිය සදහා හෝ ඡන්දදායකයින්ට අයත්ය. ඉදිරි දින කිහිපයේ මේ පුද්ගලයින්ට තැපැල් කාර්යාල වෙත පැමිණ තම ඡන්ද දැක්වීමේ පත්‍රිකා ලබා ගත හැකිය. සාමාන්‍ය දෛනික තැපැල් බෙදීමේ නොකරන වෙරළබඩපත්තු හි ගම්මානවලට පවා නිල ඡන්ද පත්‍රිකා තැපැල් දෙපාර්තමේන්තුව විසින්ම බෙදාහැරීම කැෆේ සංවිධානයේ අගය කිරීමට ලක්වෙයි.

පිළිගත් අනන්‍යතා පත්‍ර
ජාතික හැදුනුම්පත් නොමැති ඡනදායකයින්ට ජාතික හැදුනුම්පත් ලබාදීමට කැෆේ සංවිධානය මැදිහත්වූ අතර 2011 වසරේ මැතිවරණය ප්‍රකාශයට පත්වූ දිනයේ සිට තාවකාලික හැදුනුම්පත් හා ස්ථිර හැනුම්පත් ලබාගැනීමට අවශ්‍ය පහසුකම් සැපයීමට කැෆේ සංවිධානය ඉදිරිපත් විය. පළාත් පාලන මැතිවරණ සමයේදී තාවකාලික හැදුනුම්පත් සියයක් (100) පමණ නිකුත් කර තිබෙන අතර පසුගිය ජනාධිපතිවරණයේදී නිකුත් කළ තාවකාලික හැදුනුම්පත් තුන්දහස් හයසියයක් (3600) පමණ යළිත් අලුත් කර තිබේ. තාවකාලික හැදුණුම්පත් අලුත් කර ගැනීම සදහා අවසන් සතියේ ජනතාව දක්වන උනන්දුව කැපී පෙනේ.

මැතිවරණ ප්‍රචාරක කටයුතු සදහා දේශපාලන පක්ෂ අඩු උනන්දුවක් දැක්වුවත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය වෙරළබඩපත්තු ප්‍රදේශයේ ද, එක්සත් ජාතික පක්ෂය වැලිඔය ප්‍රදේශයේ ද මැතිවරණ ප්‍රචාරක කටයුතු වේගවත් කර ඇත. ද්‍රවිඩ ජාතික සන්ධානය පළාත් පාලන ආයතන දෙක පුරාම සිය ප්‍රචාරක කටයුතු අත්පත්‍රිකා බෙදීම, ගෙන් ගෙට යාම ආදී ක්‍රම යොදාගනිමින් ඇත. ජනතා විමුක්ති පෙරමුණ ද පසුගිය සතියේ සිය කණ්ඩායම් යොදා මැතිවරණ පෝස්ටර් ඇලවීම, ගෙන් ගෙට යාම ආදී ප්‍රචාරක කටයුතු සිදු කර ඇත.
පුදුකුඩිඉරිප්පු හා වෙරළබඩපත්තු පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා භාරදුන් අපේක්ෂකයින් 14 දෙනෙක් මේ වන විට අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වීමට ලිපි බාරදී ඇත. මැතිවරණ නීතියට අනුව නාමයෝජනා බාරදීමෙන් පසුව යම් අයෙකුට ඉල්ලා අස්වීමට හැකියාවක් ලැබෙන්නේ මැතිවරණය පැවැත්වීමෙන් පසුව පමණී. ඉල්ලා අස්වූ බහුතරයක් අපේක්සකයින් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරති.

පූර්ව මැතිවරණ සමයේදී පැවති සාමකාමී පරිසරය මැතිවරණය පැවැත්වෙන දිනය දක්වා පැවැත්වෙනු ඇතැයි කැෆේ සංවිධානය විශ්වාසය පළ කරයි.

මාධ්‍ය ඒකකය/කැෆේ සංවිධානය
2015 පෙබරවාරි 25

Archive

Latest news

Related news