Saturday, April 20, 2024

‘මට මගේ දරුවව බලන්න දෙන්න‘ රිමාන්ඩ්ගතකර ඇති ජෙයකුමාරිගෙන් ඉල්ලීමක්!

(වම් පස අම්මයි දුවයි එක්ව කල අරගලයකට දඩුවම්දීම)
මීට දින 334ට පෙර කිලිනොච්චියේදී ත්‍රස්ත විමර්ශණ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන මේ වන විට කොළඹ, වැළිකඩ රිමාන්ඩ්ගත තර ඇති බාලේන්ද්‍රන් ජෙයකුමාරි ඉතාමත් දුක්මුසුව ලංකාආණ්ඩුවේ බළධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. ‘මට මගේ දරුවව මොහොතකට හරි ගෙනල්ලා පෙන්නන්න. මට මගේ දුවව බලන්න ඕනේ. කටා හරි කියලා මේක කරලා දෙන්න. මට ඉන්නේ එක දුවයි. මට එයාව බලන්න දෙන්න‘‘ යනුවෙන් ඇය ඉල්ලීමක් කර තිබේ.

ජෙයකුමාරිගේ දියණිය, දහතුන් හැවිරිදි විබූෂීකා මේ වන විට පරිවාස භාරයේ පසුවන අතර, පසුගිය 10වනදා කොළඹ, අලුත්කඩේ අධිකරණයට කැදවූ අවස්ථාවේ ද ඇගේ නීතිඥයින් මාර්ගයෙන් ඉල්ලීමක් කර තිබේ. නමුත් ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබී නැත.

ජෙයකුමාරි අත්අඩංගුවට ගනු ලැබූවේ 2014 මාර්තු මස 13වනදා කිලිනොච්චියේදීය. ඉන්පසු ජෙයකුමාරි බූස්ස රැදවුම් කදවුරට යවන ලද අතර පසුගිය දින වැලිකඩ රිමාන්ඩ් ගත කරන තෙක් ඇයට සිය ජීවිතය ගෙවා දැමීට සිදු වූයේ සිය දියණිය ද නැතිව බුස්සේ ය. එසේම මේ වන තෙක් ඇයට කිසිදු චෝදනාවක් ඉදිරිපත් කිරීමට ආරක්ෂක අංශවලට හැකියාවක් ලැබී නැත.(පසුගිය 10වෙනිදාත් ත්‍රස්ථ විමර්ශණ නිළාධාරියා අධිකරණය හමුවේ ප්‍රකාශ කලේ ‘තවමත් පරීක්ෂණ සිදුකරනවා‘ යනුවෙනි. බලන්න) දැන් ඇය ඉල්ලා සිටින්නේ තමන්ගේ දරුවා බැලීමට අවස්ථාවක් උදාකර දෙන ලෙසය.

විසකුරු රාජපක්ෂ පාලනයේ ගොදුරක් බවට පත් වූ විබූෂිකාත්, ජෙයකුමාරිටත් මෙන්ම මෙවැනි මව්වරුන්ට, දරුවන්ට, පියවරුන්ට සහ අනේකවිද වද බන්දන වලින් පීඩා විදිමින් තවමත් හිර ගෙවල් වල දුක්විදින මිනිසුන්ට, ‘මෛත්‍රී, රනිල්‘ පාලනය යටතේ කියමින් ඇති ‘යහපාලනය‘ තුළ නිදහසත්, ජීවිතයක් ලැබේද?

– විකල්ප

Archive

Latest news

Related news