Thursday, March 28, 2024

‘දිවයින‘ අතේ රෝල්: බැඳපු තුවක්කුවෙන් වැදුණූ වෙඩිල්ල පොලීසියට ප්‍රහාරයක් කරයි

වව්නියාව පොලිස් ස්ථානයේ පැවැත්වෙන සාදයක් සඳහා වන සතුන් දඩයම් කිරීමට කැලැ වැදුන පොලිස් නිලධාරියකු සතුන් දඩයම් කිරීමට ඇටවූ තුවක්කුවක මරු උගුල හසුවී තුවාල ලැබීම  දිවයින පුවත් පත වාර්තා කර ඇත්තේ මෙසේ ය

 ‘ වවුනියාව, සූඩවෙන්දපිලව් ප්‍රදේශයේ මුර සංචාරයක නිරතව සිටි පොලිස්‌ භට කණ්‌ඩායමකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් එක්‌ පොලිස්‌ නිලධාරියකු තුවාල ලබා ඇත.

පෙරේදා (04 වැනිදා) අලුයම 1.30 ට පමණ හතර දෙනෙකුගෙන් සමන්විත පොලිස්‌ කණ්‌ඩායමක්‌ අදාළ ප්‍රදේශයේ මුර සංචාරයක නිරතව සිටියදී මෙම වෙඩි ප්‍රහාරය එල්වී තිබේ.

ඔහු මේ වන විට වවුනියාව රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව පොලිසිය පවසයි. මෙම වෙඩි තැබීම කවුරුන් විසින් සිදුකළේද යන්න මෙතෙක්‌ අනාවරණය වී නැත.

මේ සම්බන්ධයෙන් විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් කිහිපයක්‌ වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.‘

නමුත් ඇත්ත වශයෙන්ම නම් සිදුව ඇත්තේ කුමක් ද යන්න ශ්‍රී ලංකා මිරර් මෙසේ වාර්තා කරයි:

පෙරේදා (04 වැනිදා) අලුයම 1.30 ට පමණ හතර දෙනෙකුගෙන් සමන්විත පොලිස්‌ කණ්‌ඩායමක්‌ මෙම වන සතුන් දඩයම් කිරීමේ මෙහෙයුමට සහභාගී වී ඇත.

මෙම වෙඩි ප්‍රහාරයෙන් උලුක්‌කුලම පොලිස්‌ මුර පොළට අනුයුක්‌තව සේවය කළ රෝහණ ප්‍රියන්ත ගමගේ නමැති පොලිස්‌ නිලධාරියා මෙසේ තුවාල ලබා ඇත.

ඔහු මේ වන විට වවුනියාව රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව පොලිසිය පවසයි.

කෙසේවුදව, මෙම සිද්ධිය සමහරක් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, වවුනියාව, සූඩවෙන්දපිලව් ප්‍රදේශයේ මුර සංචාරයක නිරතව සිටි පොලිස්‌ භට කණ්‌ඩායමකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් එක්‌ පොලිස්‌ නිලධාරියකු තුවාල ලබා ඇති බවයි.

දිවයින පුවත: දිවයින

Archive

Latest news

Related news