Saturday, April 20, 2024

කිළිනොච්චියේ මව්වරු සිය දරුවන් ඉල්ලා පෙළපාලි

අතුරුදහන්වූවන් ගැන ජාත්‍යන්තර පරික්‍ෂණයක් පැවැත්විය යුතු යැයි අවධාරණය කරමින් අවධාරණය කරමිනි අද  කිලිනොච්චියදී  විරෝධතාවයක් පවත් වන ලදී.

අතුරුදහන්වූවන් ගැන කඩිනමින් වැඩ සටහනක් අවශ්‍ය බවටත් දෙමළ දේ පාලනික සිරකරුවන්ව නිදහස් කරන ලෙසදත් මෙ විරෝධතාකරුවෝ ඉල්ලා සිටියහ.

මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණේ කිලිනොච්චිය දිස්ත්‍රික්ක අතුරුදහන්වූවන්ගේ සංගමය විසිනි.  උදෑසන  9.30ට පමණ දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාලය ඉදිරිපිට පවත්වන ලදී.

මෙම විරෝධතාවයට  ආගමික නායකයන්, පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන්, උතුරු පළාත් සභා මන්ත්‍රීවරුන්, ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන්, සිවිල් සංවිධානවල සාමාජිකයන් ඇතුළු විශාල පිරිසක්ද එක්වී සිටි බව වාර්තා වේ. විරෝධතාකරුවන් විසින් නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහාවූ සන්දේශය කිලිනොච්චිය දිස්ත්‍රික්ක දිසාපති වෙත ලබාදුන් අතර උතුරු පළාත් මහ ඇමැතිවරයා වෙතද සන්දේශයක් භාර දි තිබේ.

kili 2(උද්ඝෝසනයේ ජායාරූප සහ ඇසුර  ගලෝබල් ටැමිල් නිව්ස්)

Archive

Latest news

Related news