Wednesday, April 24, 2024

ඊලාම් යුද්ධය හා සොල්දාදුවන්ගේ මානසික සෞඛ්‍යය (01)

ශ්‍රී ලංකාවේ සන්නද්ධ ගැටුම් දෙස බලන කල සිවිල් වැසියන්හට යුද්ධයෙන් ඇති වූ බලපෑම හා තදබල ආතතිය පසුගිය වසර කිහිපය තුලදි විශේෂ අවධානයකට ලක්වුවද රණවිරුවන් විසින් අත් දකින ලද යුධ කම්පන තත්ත්වයන් පිළිබඳ ප‍්‍රමාණවත් පරිදි හෙලිදරව් වී නැත. පසුගිය දශක කිහිපය තුළ ප‍්‍රචණ්ඩකාරී ක්‍රියාවන් සිදු කළවුන් ලෙස සමහර අන්තවාදී වාර්තා මගින් රණවිරුවන්ගේ ප‍්‍රතිරූපය අමානුෂිකරණයට පත් කොට ඇත. එහෙත් යුධ කම්පනය අතිවිශාල සමානුපාතයකින් සෙබලූන්ට බලපාන ලද බව අවබෝධ කොටගෙන ඇත්තේ සුලූ කොටසක් පමණකි. සටන්වලදී තම සගයින් මරණයට පත්වනු දැකීම, ආදී ක්‍රියාවලින් අන්තර්ගත වන බැවින් යුද්ධය කම්පනසහගත ක්‍රියාවලියකි. යුද කම්පනයට නිරාවරණය වූ යුද සෙබළුන්ට මානසික ආබාධ, ප‍්‍රබල ආතතියට අදාළ රෝග ලක්‍ෂණ, සමාජ සබඳතාවන් පිළිබඳ ගැටලූ හා නොයෙකුත් වෙනත් ගැටළු ඇතිවීමට ඉඩ ඇත.

යුද්ධයෙන් ඔවුන්ට සිදුවූ හානි රණබිමට පමණක් සීමා නොවීය. ඒවා ඔවුන්ගේ ගෘහස්ථ පරිසරයටද පරිණාමය වේ. හමුදා සාමාජිකයන්ගේ මානසික සෞඛ්‍ය ක‍්‍රමානුකූලව තක්සේරු කිරීම සඳහා අධ්‍යයනයක් අවශ්‍ය වන නමුදු පසුගිය වසර 30 තුල සිදුකර ඇත්තේ එබඳු අධ්‍යයන් කිහිපයක් පමණකි.යුද කම්පනය හා කායික සෞඛ්‍යයට අදාල ආබාධ එකිනෙක හා සම්බන්ධ වන බව පර්යේෂණ වලින් හෙලි වී තිබේ. අධිකතර ආතතියට නිරාවරණය වීමේ ප‍්‍රතිඵලයක් ලෙස ඇතිවන කායික සෞඛ්‍ය පිළිබඳ ප‍්‍රශ්න පිළිකා අවදානම් හා සටන් ආතති අතර පවත්නා සහසම්බන්ධතාව පර්යේෂකයින් විසින් පෙන්වා දී ඇත. එබැවින් ඊලාම් යුද්ධ අත්දැකීම් ලැබුවන් සෞඛ්‍යයට අදාළ දැඩි අවදානමකින් යුක්ත වේ. මෙම කරුණු සැලකිල්ලට ගෙන කම්පනය නිසා ඇතිවන කායික හා මානසික ගැටලූ අවම කරගනු පිණිස සෞඛ්‍ය බලධාරීන් විසින් අවශ්‍ය පියවර ගත යුතුය.

යුද්ධයෙන් සිදුවූ මුලූ මානසික බලපෑම පිළිබඳව තක්සේරු කිරීමට උගහට වුවද, යුද්ධයෙන් ඇති වූ මානසික ආබාධ සුව කිරීම සඳහා පියවර ගත යුතු වේ. ශ‍්‍රී ලංකාවේ ඊලාම් යුද්ධයට සහභාගී වූ රණවිරුවන්ගේ මානසික සෞඛ්‍යයට ඔවුන් දෑසින් දුටු අතිශය ක්ෂිතිමය සිද්ධීන් අති විශාල ලෙස බලපා ඇත. එම සෙබලූන් අත්දකින පොදු මානසික සෞඛ්‍යයට අදාළ ගැටළු වනුයේ පශ්චාත් කම්පන ආතති අබාධ PTSD හා ඊට සම්බන්ධ මනෝ සමාජීය අපහසුතාවන්, හා දිවිගලවා ගැනීම, වරදකාරී යයි සිතීම ආදියයි. ශ‍්‍රී ලංකාවේ රණවිරුවන් තුල යුද්ධය හේතුකොට ගෙන ඇතිවූ දිගුකාලීන බලපෑම කුමක්දැයි අපි තවමත් නොදනිමු.

ශ‍්‍රී ලංකාවේ සන්නද්ධ හමුදාවන්ගේ කැපවීම හා ධෛර්යය කිසිසේත්ම අවතක්සේරු කළ නොහැකි අතර, ලෝකයේ දීර්ඝතම හා භයානකමවූ සන්නද්ධ ගැටුමක සටන් කල ඔවුහු අන්තිමේදී පැහැදිලි ජයග‍්‍රහණයක් ලබා ගැනීමට සමත් වූහ. එම ජයග‍්‍රහණය ලබා ගැනීම සඳහා ශ‍්‍රී ලංකාවට මිල කල නොහැකි වටිනාකම් පුදකිරීමට සිදු විය. දශක තුනක් තිස්සේ පැවති යුද්ධය හේතුකොටගෙන බොහෝ රණවිරුවන් කායික හා මානසික රෝගීන් බවට පත් විය. එහෙත් අවාසනාවකට මෙන් මොවුන් විසින් කරන ලද කැපකිරීම් සමාජය විසින් ක‍්‍රම ක‍්‍රමයෙන් අමතක කර දමමින් සිටී.

යුද්ධය යන්න වීරක‍්‍රියාවක් ලෙස බොහෝ දෙනෙකු දකිතත්, ඊලාම් යුද්ධයට අදාළව නොකියවුණු වේදනාකාරී කතා දහස් ගණනක් ඇත. සමහර රණවිරුවන් ඔවුන්ගේ කම්පනසහගත කතා අප සමග බෙදාහදාගත් අතර ඒවා මගින් ඔවුන් විසින් විදින ලද දුක්පීඩාවන්ගේ දැවැන්තභාවය හෙලිවේ. ශ‍්‍රී ලංකාවේ රණවිරුවන්ගේ සටන් සම්බන්ධ වූ කම්පනකාරී ස්වභාවයේ සත්‍යතාවද ඉන් නියෝජනය කෙරේ.

වඩමාරච්චි මෙහෙයුම තුලදී මානසික රෝගීභාවයට පත්වුවන්,

‘‘විමුක්ති මෙහෙයුමOperation Liberation නොහොත් වඩමාරච්චි මෙහෙයුම දියත් කරන ලද්දේ 1987 දීය. එය ශ‍්‍රී ලංකාව තුල සිදුවූ ප‍්‍රථම විශාලතම හමුදා මෙහෙයුමයි. මෙම මෙහෙයුමට 8000ක් පමණ සෙබලූන් සහභාගී වන ලදි. LTTE ට එරෙහිව මෙම හමුදා මෙහෙයුමට අණ දෙන ලද්දේ ශ‍්‍රී ලංකාවේ යුද හමුදාව තුල සිටි ඉතාම ජනප‍්‍රිය හා ප‍්‍රචලිත නිලධාරියෙකු වූ ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව විසිනි. මෙම කි‍්‍රයාන්විතය සිදුවී දැනට වසර 21 ක් පමණ ගතවී ඇති අතර, බොහෝ දෙනෙකුට මෙම යුධ මෙහෙයුම අමතක වී ඇත. මේවන තුරුම ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම හමුදා කි‍්‍රයාන්විතය පිළිබඳව හා ඊට ආනුශංගිකව සිදුවූ මානසික බලපෑම් විද්්‍යානුකූලව අධ්‍යයනය කොට නැත.
කෝප්රල් KS යනු ‘‘ඔපරේෂන් ලිබරේෂන්’’ නිසා මානසික රෝගී භාවයට පත්වු එක් පුද්ගලයෙකි. සටන්වදින අතරතුර ඔහු බොහෝ ආතතින්වලට මුහුණදුන්නේය. ඔහු කායිකාව හා මානසිකව ද දැඩිලෙස වෙෙහෙසට පත්විය. වසර කිහිපයක්ම යුද හමුදාවේ සේවය කිරීමේදී කෝප්රල් KS බොහෝ කම්පනකාරී සිද්ධීන් දුටුවේය. ඔහු රාත‍්‍රී බියකරු සිහින දැකීම සිතුවිලි බලාත්කාරයෙන් සිතට ඇතුලූවීම අධික සංවේදීතාව ආදී රෝග ලක්ෂන වලින් පෙලේ. ඔහුගේ කම්පන අත්දැකීමට අදළ පුද්ගලයින් හා ස්ථාන මගහැරිමට පටන්ගත් අතර, සංවේදීභාවයෙන් තොරබවට පත්විය. 2003 වර්ෂයේදී කෝප‍්‍රල් KS පශ්චාත් කම්පන ආතති අබාධයෙන් PTSD පෙලෙන බවට රෝග විනිශ්චය කරන ලදී තමාගේ වත්මන් චිත්තවේගී හා කායික අපහසුතවන් සම්බන්ධව කෝප‍්‍රල්්ං36විස්තර කරනුයේ මෙසේය :

1987 වඩමාරච්චි මෙහෙයුමට සම්බන්ධ වූ එක් සෙබලෙකි මම. අපගේ ප‍්‍රධාන ඉලක්කය වූයේ යාපනේ අධ_ද්වීපය නිදහස් කොටගනLTTEඅල්ලාගෙන තිබූ ස්ථාන විනාශ කර දැමීමයයි. අප තොන්ඩමනාරු පාලම අසලට පැමිණෙන විට පුපුරන ද්‍රව්‍ය යොදාගනිමින් ඛඔඔෑ විසින් පාලම පුපුරුවා හැර තිබුනි. අප ඉදිරියට ගමන් කලේ ඉතා සෙමිනි. මර උගුලක් :පුපුරා යාමෙන් අප සමග ගිය එක් සෙබලෙකු මා ඉදිරියේම ජිවිතක්‍ෂයට පත් විය. ඔහුගේ ලේ තැවරුණු මුහුණ මට තවමත් මතකට නැගේ. එය දැඩි වේදනාකාරී සිද්ධියක් විය.

මෙම සිද්ධියෙන් මා අතිශය සන්ත‍්‍රාශයට පත් වූ බව නොකිවමනාය. නමුදු නිල ඇඳුම ඇන්ද ද මා ද මිනිසෙකු වන බැවිනි. මරණ හා විනාශවීම් දකිත්ම මා ඉමහත්සේ සසල විය. වසර ගණනාවකට පසුව වුවද මට ඒ සිද්ධීන් සිහිනෙන් පෙනේ. එම බියකරු සිහින පෙනීම වලක්වනු පිණිස මා මද්‍යසාර පානය කොට නින්දට යාමට පුරුදු වූයෙමි. කිසිදු උස් ශබ්දයක් මට දරාගත නොහැකි විය. මා දැඩි භීතියකින් පෙලූනු අතර, මගේ හෘදය ස්පන්දන වේගය ඉතාම වේගවත් බවට පත්විය. අතීත සිද්ධින් ගැන නොසිතා සිටීමට මම බොහෝ විට උත්සාහ දරමි. රූපවාහිනිය නරඹන විට සටන්වලට අදාළ කතාවක් හෝ චිතුපටයක් දුටුවේ නම් මම එය කි‍්‍රයාවිරහිත කරමි. පසුගිය සිද්ධින් විශේෂයෙන් යුද්ධයට අදාළ සිද්ධින් ගැන කතා කිරිමට මම ඉතා අපි‍්‍රය කරමි.

මාගේ සිරුරේ දැන් කිසිදු ශක්තියක් නැත. මගේ සන්ධි රුදා දේ. මට සැතපුමක් දුර හෝ ගමන් කල නොහැකිය. මා අකාලයේ වියපත්ව ඇත. මගේ මනස දොම්නස්සහගත සිතුවිලි වලින් පිරී පවතී. සතුට යන හැඟීම මා අසලකවත් නැත. වසර ගණනාවක් තුල මා ප‍්‍රීතිදායක හැගීම් අත්දැක නැත.

මට කිසිවකට අවධානය යොමු කළ නොහැකි අතර, අමතක වනසුළු ස්වභාවයක්ද පවතී. එකම ඛණ්ඩයක සේවය කළ මගේ සෙබල සහයින්ගේ නම් පවා මට අමතකය. විටෙක ජීවත්වීමේ ඵලක් නැතැයි මට සිතේ. දැඩිකෝපය නිසා පවුලේ සාමාජිකයින් මා මගහරී. මුල් කාලයේදී මෙන් නොව දැන් මට තරහව පාලනය කොටගත නොහැකිය. මා නොඉවනසුළු කිසිදු හැඟිමකින් තොර පුද්ගලයෙකු බවට පත්ව ඇත. අවස්ථා කිහිපයකදී මේ ලෝකයෙන් තුරන් විමට මම කල්පනා කළෙමි. එහෙත් මා අදහස දහමට අනුව එය පාපයකි. එබැවනි සියදිවි නසාගැනීමේ අදහස මවිසින් මර්දනය කොටගෙන ඇත.

(වෛද්‍ය රුවන් එම්. ජයතුංග විසින් ලියන ලද War Trauma Experienced by the Sri Lankan Combatants ලිපිය ඇසුරෙනි. පරිවර්තනය S. A.  වික‍්‍රමසිංහ)

Archive

Latest news

Related news