Friday, March 29, 2024

පොලීසිය පරණ සෙල්ලම පටන් ගනී: සැකකරුවකු ගඟට දමා මරයි?

රාජපක්ෂ මිනීමරු ක්‍රමවේදය අනුව කොත්මලේ පොලීසිය අත් අඩඟුවට ගත් තරුණයකු කොත්මලේ ජලාශයට දමා මරා දමන ලදැයි එම පුදේශයේ ජනතාව චෝදනා කරයි.

හෙරොයින් ළඟ තබාගත් බවට සැක පිට අත්අඩංගුවට ගත් එම දෙමළ තරුණයා කොත්මලේ ජලාශයට පැන අතුරුදහන් වූ බව හැටන් පොලීසිය පවසා තිබේ. මේ වනාහී පසුගිය කාලය පුරාම අත් අඩංඟුවට ගත් සැකකරුවන් මරා දැමීමට රාජපක්ෂවාදී පොලීසිය යොදා ගත් උපාය වේ.

පොලිස් නිලධාරීන් දෙදෙනකු ඔහු පොලිසියට රැගෙන ගිය බවත්. අතරමගදී පොලිස් නිලධාරීන්ගෙන් මිදී දුම්රිය මාර්ගය ඔස්සේ දිවගිය මෙම තරුණයා කොත්මලේ ජලාශයට පැන්න බවත් ඉන්පසු ඔහු සොයගත නොහැකි වූ බවත් පොලීසිය සදහන් කර ඇතැයි ලංකා හෙරල්ඩ් වාර්තා කරයි.

මෙම මරණය සැක කටයුතු බවට චෝදනා කළ එම ජනයා තලවාකැලේ පුණ්ඩුලුඔය ප්‍රධාන මාර්ගය හරස්කර උද්ඝෝෂණයක් පැවැත් වූහ. මහා මාර්ග සහ දුම්රිය මාර්ග හරස් කළ ජනයා තෙපැයක් පුරා උද්ඝෝෂණය පැවැත් වූ අතර පොලීසිය කියන්නේ එම නිලධාරීන් දෙදෙනා වහාම මාරු කර යවන ලද බවයි.

උද්ඝෝෂනයේ ජායාරෑප ලංකා ට්රුත් අඩවියෙනි

thalawakele-iv

Archive

Latest news

Related news