Wednesday, May 8, 2024

ජිනීවා ආ රාජපක්ෂ ඝෝෂකයින්ට කහවනු මහ බැංකුවෙන්

ජිනීවා හි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයන් අතරතුර රාජපක්ෂ රෙජිමය වෙනුවෙන් ඝෝෂා කිරීම පිණිස ඉතාලිය, ප්‍රංශය සහ ජර්මනිය යනාදී රටවලින් ගෙන්වන ලද ලාකික පිරිස්වලට ශ්‍රී ලංකා මහ බැංකුවෙන් මදි නොකියන්න මුදල් බෙදා දි ඇති බව දැන් සොයා ගෙන තිබේ.

ඇමැති මණ්ඩලයේ අවසරයක් නොමැතිව ශ්‍රී ලංකා මහ බැංකුව ඇමෙරිකාවේ මහජන සම්බන්ධතා සමාගම්වල සේවය ලබා ගෙන ඇතැයි ද, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ කාර්යාලයය ඉදිරිපිට උද්ඝෝෂණයට බැංකුව මුදල් වියදම් කර ඇතැයි ද ඇමැති චම්පික රණවක ප්‍රකාශ කර තිබේ.

මේ බව පසුගිය දිනෙක ලංකාදීප පුවත් පත වාර්තා කර තිබුණි.

මෙලෙස ජිනීවා නුවරට පැමිණ රාජපක්සටට ජයවේවා යැයි කෑ ගසන පිරිස් අසල සුපිරි වෙළද සැල් වලින් සැර බීම රුගෙන වීදි දිගේ පානය කරනු ඒ දිනවල දක්නට ලැබුණි.

පසුගිය ජනාධිපතිවරණ සමයේ දී මෙම කිසිම පිරිසක් රාජපක්ෂ වෙනුවෙන් පුංචි උද්ඝෝෂණයක් හෝ නොකලේ මුදල් ලබා නොදීම නිසා බව වාර්තා වේ.

© SLB

 

Archive

Latest news

Related news